- මරණයක් ලියාපදිංචි කරන්නේ මරණය සිදු වූ ප‍්‍රදේශයේ සිටින උප්පැන්න හා මරණ රෙජිස්ට‍්‍රාර්වරයා විසිනි. මරණය සිදු වූයේ පෞද්ගලික රෝහලක නම්, එම ප‍්‍රදේශයේ සිටින රෙජිස්ට‍්‍රාර්වරයාට මරණය ලියාපදිංචි කිරීමට දැනුම් දෙන්න.
- මරණය ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,
- මරණය සිදුවූ වේලාවේ එහි සිටි පුද්ගලයන්
- මරණය සිදුවන වේලාවේ උපස්ථාන කළ පුද්ගලයා
- රෝහලේ වෛද්‍ය නිලධාරී
- මරණය දැනුම් දීම සඳහා අවශ්‍ය ප‍්‍රකාශය, උප්පැන්න හා මරණ රෙජිස්ට‍්‍රාර්වරයාගෙන් ලබාගන්න.
- ඉදිරිපත් කළයුතු ලියවිලි,
- නිවැරදිව සම්පූර්ණ කරන ලද ප‍්‍රකාශය
- මරණය සිදු වූ බව තහවුරු කිරීමට රෝහලෙන් නිකුත් කළ වාර්තාව
- මාස 03ක කාල සීමාවක් ඇතුලතදී මරණයක් නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැක.
- දැනුම් දෙන්නා වෙත නොමිලයේ මරණ සහතික පිටපතක් නිකුත් කරනු ලැබේ.
- වැඩිදුර විස්තර අවශ්‍ය වන්නේ නම් ළඟම පිහිටි ප‍්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ති‍්‍රක් රෙජිස්ට‍්‍රාර්වරයා හමුවන්න.
ආයතනයේ තොරතුරුරෙජිස්ට්රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
නො: 234/A3,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල
ශ්‍රී ලංකාව එස්. එම්. ඩබ්. බී. සන්දිලිගම මහතා දුරකථන:+94-11-2889488 / +94-11-2889489 ෆැක්ස් අංක:+94-11-2889491 විද්‍යුත් තැපෑල:info@rgd.gov.lk, rgd@sltnet.lk වෙබ් අඩවිය: www.rgd.gov.lk
| |