The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වෙළඳ, ව්‍යාපාර සහ කර්මාන්ත වෙළඳ ප්‍රවර්ධනය නේවාසික වීසා බලපත්‍ර ලබා ගැනීම සඳහා නිර්දේශ නිකුත් කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     අයදුම් පත්‍ර පෝරම
නේවාසික වීසා බලපත්‍ර ලබා ගැනීම සඳහා නිර්දේශ නිකුත් කිරීම

PDF Print Email

 

නේවාසික වීසා බලපත්‍ර ලබා ගැනීම සඳහා නිර්දේශ නිකුත් කිරීම

හැඳින්වීම  

විදේශීය සමාගම්වල සම්බන්ධීකරණ කාර්යාල /ශාඛා කාර්යාල සහ වර්තමානයේදී ඍජු ලෙසම අපනයන සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළඳාම් අමාත්‍යාංශය යටතේ පවත්නා වෙළඳ හා වාණිජ ව්‍යාපාර මගින් සේවයේ නියුක්ත කරනු ලබන ප්‍රවාසිකයන් සඳහා නේවාසික වීසා බලපත්‍ර (RV)ලබා ගැනීම සඳහා නිර්දේශ නිකුත් කිරීමට බලයලත් ආයතනය වන්නේ වාණිජ දෙපාර්තමේන්තුවයි.

විදේශීය ජාතිකයෙකු බඳවා ගැනීමට කැමැත්තෙන් පසුවන සමාගමක් හෝ සංවිධානයක්,ප්‍රවාසිකයා පැමිණීමට පෙරාතුව, රේඛීය අමාත්‍යාංශයේ නිර්දේශය සමඟ ඔහුගේ නම සහ ජාතිය,ශ්‍රී ලංකාවේ නතර වී සිටින කාල සීමාව, කාර්යය ස්වභාවය යනාදී විස්තර ලබා දෙමින් ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව වෙත ඉල්ලීමක් කළ යුතු වේ. ඉහත සඳහන් ඉල්ලීම සහ නිර්දේශ ලැබීමෙන් අනතුරුව,ආගමන විගමන පාලක විසින් දීර්ඝ කාලසීමාවක් සඳහා වලංගු නේවාසික වීසා බලපත්‍රය සඳහා දිවයිනට පැමිණීමෙන් පසු අයදුම්කරන ලෙස උපදෙස් ලබා දෙමින් අයදුම්කරු වෙත දින 30ක් සඳහා වලංගුවන පිවිසුම් වීසා බලපත්‍රයක් නිකුත් කරන ලෙස අදාළ ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලය වෙත දැනුම් දෙනු ඇත. 

නේවාසික වීසා බලපත්‍රයක් අලුත් කිරීම සම්බන්ධයෙන්; අයදුම්කරුවන් විසින් ශ්‍රී ලංකාව තුළ සේවකයා අඛණ්ඩව රැඳී සිටීම සාධාරණීකරණය කිරීම සඳහා ප්‍රමාණවත් හේතු සහිතව වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෙත ඉල්ලීමක් කළ යුතුය. 

නේවාසික වීසා බලපත්‍ර සඳහා නිර්දේශ නිකුත් කිරීමේ ක්‍රියාවලියේදී,ලබා දී ඇති හේතු සාධක අනුව ප්‍රවාසික සේවකයා ලංකාව වෙත පැමිණීම අත්‍යවශ්‍ය වන බවත්,එමගින් කිසිඳු තත්ත්වයක් යටතේ ශ්‍රී ලාංකිකයන්ගේ රැකියා අවස්ථාවන් අඩු නොකරන බවත්, ජාතික ආර්ථික ප්‍රතිපත්තීන්ට අනුව නේවාසික වීසා බලපත්‍ර අයදුම්කරුගේ පැමිණීම රටට ප්‍රතිලාභී වන බව සහ දේශීය වශයෙන් සුදුසු ආදේශකයෙකු සොයා ගැනීම සඳහා සේවා යෝජකයා විසින් සාධාරණ ලෙස ප්‍රමාණවත් ප්‍රයත්නයක් දරා ඇති බවත් සහතික කර ගැනීම සඳහා වාණිජ දෙපාර්තමේන්තුව විසින් සිය අවධානය යොමු කරනු ලැබේ. 


 කාර්ය පටිපාටි  

 අයදුම් පත්‍ර පෝරම 

මෙම අයදුම් පත්‍ර, 4වන මහල, “රක්ෂණ මන්දිරය”, අංක.21, වොක්ෂෝල් වීදිය, කොළඔ 02 යන ස්ථානයෙහි පිහිටි වාණිජ දෙපාර්තමේන්තුවෙන් හෝ www.doc.gov.lk යන දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් ලබා ගත හැක.

                                                       
ගාස්තු

වැඩිහිටි   - රු.7,500 + අගය එකතු කළ බද්ද (VAT)
ළමා       - රු.3,500 + අගය එකතු කළ බද්ද (VAT)


සේවාව සඳහා ගනු ලබන කාල සීමාව

නව අයදුම් පත්‍ර   - දින 20
අලුත් කිරීම්      - දින 15   


වැඩකරන දින 

සඳුදා සිට සිකුරාදා දක්වා (රජයේ නිවාඩු දින හැර )   


  


ආයතනයේ තොරතුරු

වාණිජ දෙපාර්තමේන්තුව

4වන මහල,
“රක්ෂණ මන්දිරය”,
අංක 21,
වොක්ෂෝල් වීදිය,
කොළඔ 02.


ඵල්. ජී. දිසානායක මහතා
දුරකථන:+94 11 2 329733 +94 11 2 436114 +94 11 2 327191
ෆැක්ස් අංක:+94 11 2 430233 +94 11 2 382490
විද්‍යුත් තැපෑල:fortrade.doc.gov.lk, fortrade@sltnet.lk
වෙබ් අඩවිය: www.doc.gov.lk
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-11-23 19:13:27
පැමිණිල්ලක් කරන්න
ICTA Awards

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) ශ්‍රී ලාංකිකයන්ට ගමන් බලපත්‍ර නිකුත් කිරීම
3) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
4) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
5) සංස්ථාගත කිරීම්
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) ශ්‍රී ලාංකිකයන්ට ගමන් බලපත්‍ර නිකුත් කිරීම
3) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
4) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
5) සංස්ථාගත කිරීම්
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) ශ්‍රී ලාංකිකයන්ට ගමන් බලපත්‍ර නිකුත් කිරීම
3) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
4) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
5) සංස්ථාගත කිරීම්
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) ශ්‍රී ලාංකිකයන්ට ගමන් බලපත්‍ර නිකුත් කිරීම
3) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
4) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
5) සංස්ථාගත කිරීම්
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) ශ්‍රී ලාංකිකයන්ට ගමන් බලපත්‍ර නිකුත් කිරීම
3) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
4) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
5) සංස්ථාගත කිරීම්

Stay Connected

     
යාවත්කාල කලේ: 2010-07-29
GIC Services
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 23