The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව චාරිකා කිරීම, සංචාරය සහ විවේකය චාරිකා කිරීම නව ගමන් බලපත්‍ර නිකුත් කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


නව ගමන් බලපත්‍ර නිකුත් කිරීම

PDF Print Email

ගමන් බලපත්‍ර නිකුත් කිරීම

සාමාන්‍ය ගමන් බලපත්‍ර
සියලුම රටවල් සඳහා වලංගු ගමන් බලපත්‍ර
සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන කවරේද ?
  1. දැනට ඇති ගමන් බලපත්‍රය සහ ජීව දත්ත අඩංගු පිටුවේ ඡායා පිටපතක්. (විස්තර සඳහා මෙහි පහත බලන්න*)
  2. ඡයාරූප ශාලා ලදු පත
  3. ඉල්ලුම් කරුගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත සහ ඡායා පිටපතක්..
  4. ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පත්‍රයේ මුල් පිටපතක් සහ ඡායා පිටපතක්.
  5. අවශ්‍ය පරිදි විවාහ සහතිකය සහ ඡායා පිටපතක්. (විවාහයෙන් පසු භාවිතා වන නම සනාථ කර ගැනීම සඳහා)
  6. ඔබගේ වෘත්තිය තහවුරු කරන වෘත්තිය සහතිකය සහ ඡායා පිටපතක්.
* M හෝ N කාණ්ඩවලට අයත් ගමන් බලපත්‍රයක් දැනටමත් ඔබ සතුව ඇත්නම් (ගමන් බලපත්‍ර අංකය ආරම්භ වනුයේ M හෝ N කාණ්ඩයේ අතුරින් නම් ඉල්ලුම් පත්‍රය සමඟ එය ඉදිරිපත් කළ යුතුය.

ඉල්ලුම් පත්‍රයක් ලබාගතහැක්කේ කෙසේද ?
  1. කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන්.
  2. නුවර, මාතර හා වවුනියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින්
  3. ඔබ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්.
  4. විදේශයේ වූ ශ්‍රී ලංකා දූත මණ්ඩලයකින්
  5. භාගත කරගන්නා ලද මුද්‍රිත ඉල්ලුම් පත්‍ර මගින්.
ඉල්ලුම් පත්‍රයක් භාරදිය යුත්තේ කොතැනටද ?
  1. කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට.
  2. නුවර, මාතර හා වවුනියාව ප්‍රාදේශීය කාර්යාලවලට
  3. විදේශයේ වූ ශ්‍රී ලංකා දූත මණ්ඩලයට

සියලුම රටවල් සඳහා ගමන් බලපත්‍රය භාරදීමට කොපමණ කල් ගතවේද ?
සාමාන්‍ය පදනම - වැඩකරන දින 14 ක්
හදිසි පදනම - එදිනම

සියලුම රටවල් සඳහා වූ ගමන් බලපත්‍රයක සැකසුම් ගාස්තුව කවරේද?
සාමාන්‍ය පදනමින් -  ශ්‍රි ලංකා රුපියල් 3000.00
හදිසි පදනමින් - ශ්‍රී ලංකා රුපියල් 10000.00     

 

රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර

ගමන් බලපත්‍රයේ විශේෂයෙන් සඳහන් කළ ඇතොත් මිස, මෙම ගමන් බලපත්‍ර සියලුම රටවල් සඳහා අවුරුදු 10කට වලංගුවේ. අතිශයින් වැදගත් පුද්ගලයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකාවේ විදේශික දූත මණ්ඩල වල  නියමිත තනතුරු වලට පත් කරනු ලැබූ පුද්ගලයින්‍ට මෙම ගමන් බලපත්‍රය නිකුත් කරනු ලබයි.


ඉල්ලුම් පත්‍රයක් ලබාගත හැක්කේ කොතනින්ද?
  1. කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන්.
  2. භාගත කරගන්න.

සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රයක් මගින් ඉදිරිපත් කළයුතු ලිපි ලේඛන කවරේද?
  1. දැනට ඇති ගමන් බලපත්‍රය සහ ජීව දත්ත අඩංගු පිටුවේ ඡායා පිටපතක්. (කරුණාකර විස්තර සදහා පහල බලන්න*)
  2. ඡයාරූප ශාලා ලදු පත
  3. ඉල්ලුම්කරුගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපතක් සහ ඡායා පිටපතක්..
  4. ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම් පත්‍රයේ මුල් පිටපතක් සහ ඡායා පිටපතක්.
  5. විවාහ සහතිකය සහ ඡායා පිටපතක් අවශ්‍ය පරිදි (විවාහයෙන් පසු නම සනාථ කිරීම සඳහා)
    • පාර්ලිමේන්තු මන්ත්‍රීන් සඳහා  පාර්ලිමේන්තුවෙන් ඉල්ලුම් කරන ලද ලිපියක්.
    • විදේශ තනතුරු සඳහා බාහිර කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලුම් කරන ලද ලිපියක්.
    • අනෙකුත් පුද්ගලයන් සඳහා රේඛීය අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කරන ලද ලිපියක්.
* M හෝ N කාණ්ඩවලට අයත් ගමන් බලපත්‍රයක් දැනටමත් ඔබ සතුව ඇත්නම් (ගමන් බලපත්‍ර අංකය ආරම්භ වනුයේ M හෝ N ඛාන්ඩයේ අකුරකින් නම් ) ඉල්ලුම් පත්‍රය සමග එය ඉදරිපත් කළ යුතුය.

 

රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් සැකසුම් ගාස්තුව කවරේද ?

සාමාන්‍ය පදනමින් - ශ්‍රී ලංකා රු. 3000.00
අත්‍යවශ්‍ය පදනමින් - ශ්‍රී ලංකා රු. 10000.00         

රාජකාරී ගමන් බලපත්‍ර

රාජකාරී ගමන් බලපත්‍ර ඉල්ලුම් කලහැක්කේ කාටද?
පහත සඳහන් කාණ්ඩවල පුද්ගලයන් සඳහා රාජකාරී ගමන් බලපත්‍ර නිකුත් කරනු ලැබේ,
  • පලාත් සභා නියෝජිතවරුන්ට
  • නගරාධිපතිවරුන්ට
  • පළාත් පාලන මණ්ඩලවල සභාපතිවරුන්ට
  • දීප ව්‍යාප්ත සේවා වල නිලධාරීන්ට
  • පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හඳුනාගත් කාර්ය මණ්ඩලවලට

ඉල්ලුම් පත්‍රයක් ලබාගත හැක්කේ කොතනින්ද?
  • කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන්,
  • වවුනියාව, මාතර, නුවර ප්‍රාදේශීය කාර්යාල වලින්
  • භාගත කරන ලද මුද්‍රිත ඉල්ලුම් පත්‍ර මගින්
ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කල යුතු ලිපි ලේඛන කවරේද ?
  • දැනට ඇති ගමන් බලපත්‍රය සහ ජීව දත්ත අඩංගු පිටුවේ ඡායා පිටපතක්. (විස්තර සඳහා මෙහි පහත බලන්න*)
  • ඡයාරූප ශාලා ලදු පත
  • ඉල්ලුම්කරුගේ උප්පැන්න සහතිකයේ මුල්පිටපතක් සහ ඡායා පිටපතක්.
  • ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පත්‍රයෙහි මුල් පිටපතක් සහ ඡායා පිටපතක්.
  • අවශ්‍ය පරිදි විවාහ සහතිකය සහ ඡායා පිටපතක්.(විවාහක නාමය සනාථ කරගැනීම සඳහා)
  • පළාත් සභා දෙපාර්තමේන්තු ප්‍රධාන රේඛීය අමාත්‍යාංශය වලින් ඉල්ලුම් කරන ලද ලිපියක් රේඛීය අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තුවේ පළාත් සභාවේ ප්‍රධානියාගෙන් ඉල්ලීම අඩංගු ලිපියක්.
* M හෝ N කාණ්ඩවලට අයත් ගමන් බලපත්‍රයක් දැනටමත් ඔබ සතුව ඇත්නම් (ගමන් බලපත්‍ර අංකය ආරම්භ වනුයේ M හෝ N ඛාන්ඩයේ අකුරකින් නම් ) ඉල්ලුම් පත්‍රය සමග එය ඉදරිපත් කළ යුතුය.

 

සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රයක් ඉදිරිපත් කළ යුත්තේ කොතැනටද ?
කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය

 
රාජකාරී ගමන් බල පත්‍රයක සැකසුම් ගාස්තුව කවරේද ?
සාමාන්‍ය පදනමින් : ශ්‍රී ලංකා රු. 3000.00
හදිසි පදනමින් : ශ්‍රී ලංකා රු. 10000.00        



ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රය වලංගු විශේෂිත රටවල්

මැදපෙරදිග රටවලට සහ යම් යම් දකුණු ආසියානු රටවලට ගමන් කිරීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකික යන්නට මෙම ගමන් බලපත්‍රය සඳහා ඉල්ලුම් කළ හැක. මෙහි ඇත්තේ වාස අවසර පත්‍ර සඳහා වූ අඩු පිටු ගණනකි. එසේම සැකසුම් ගාස්තුව ද සියලුම රටවල් සඳහා වූ ගමන් බලපත්‍රයට ගෙවිය යුතු ගාස්තුවට වඩා අඩුවේ.

විශේෂිත රටවල නම් ලැයිස්තුව
ඉන්දියාව>නේපාලය>බංගලිදේශය>පකිස්ථානය>මාලදිවයින ජනරජය>ඉරානය>ඉරාකය>ලෙබනනය>සිරියාව>ජෝර්දානය>සෞදිඅරාබිය>එක්සත් අරාබි රාජ්‍යය>බිමාන සුල්ටනේට් රාජ්‍යය>කුවේට් කටාර්>බහරේන්>යේමනය.


සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන කවරේද?
  • දැනට ඇති ගමන් බලපත්‍රය සහ ජීව දත්ත අඩංගු පිටුවේ ඡායා පිටපතක්. (කරුණාකර විස්තර සඳහා පහල බලන්න*).
  • ඡයාරූප ශාලා ලදු පත
  • ඉල්ලුම්කරුගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපතක් සහ ඡායා පිටපතක්.
  • ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම් පත්‍රයේ මුල් පිටපතක් හා එහි ඡායා පිටපතක්.
  • අවශ්‍ය පරිදි විවාහ සහතිකය සහ ඡායා පිටපතක්. (විවාහක නාමය සනාථ කරගැනීම සඳහා).
  • ඔබගේ වෘත්තිය තහවුරු කරන වෘත්තිය සහතිකය සහ ඡායා පිටපතක්.
* ඔබට දැනටමත් M හෝ N කාණ්ඩයේ වලංගු ගමන් බලපත්‍රයක් ඇත්නම් (ගමන් බලපත්‍ර අංකය ආරම්භ වනුයේ M හෝ N අකුරකින් නම්) එය ඉල්ලුම් පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතුය.

ඉල්ලුම් පත්‍රයක් ලබාගත හැක්කේ කොහෙන්ද ?
  • කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන්,
  • වවුනියාව මාතර නුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින්,
  • ඔබ ප්‍රදේශයේ ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින්,
  • විදේශයෙහි වූ ශ්‍රී ලංකා දූත මණ්ඩල වලින්,
  • භාගත කරගන්නා ලද මුද්‍රිත ඉල්ලුම් පත්‍ර මගින්,
සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කළ යුත්තේ කොතැනටද ?
  • කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට.
  • වවුනියාව මාතර නුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට.
  • විදේශයෙහි වූ ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට
විශේෂිත රටවල් සඳහා වූ ගමන් බලපත්‍රය භාරදීමට කොපමණ කල් ගතවේද?
සාමාන්‍ය පදනමින් - වැඩකරන දින 14 ක්
හදිසි පදනමින් - එදිනම

විශේෂිත රටවල් සඳහා වූ ගමන් බලපත්‍රයක සැකසුම් ගාස්තුව කවරේද ?
සාමාන්‍ය පදනමින් -  ශ්‍රී ලංකා රුපියල් 1000.00
හදිසි පදනමින් - ශ්‍රී ලංකා රුපියල් 2500.00         


හදිසි සහතික (EC)

හදිසි සහතිකයක් යනු කවරේද ?
හදිසි සහතිකයක් යනු ඉන්දියාවට සහ නේපාලයට ගමන් කරන බෞද්ධ ශ්‍රී ලාංකික වන්දනාකරුවන් සඳහා පමණක් නිකුත් කෙරෙන ගමන් ලේඛනයයි. මෙම ලේඛනය අවුරුදු 2කට පමණක් වලංගු වන අතර බලපත්‍ර ඉල්ලා සිටිවිට එය තව අවුරුදු 2ක් දක්වා දීර්ඝ කළ හැකිය. වැඩි විස්තර සඳහා කරුණාකර ගමන් බලපත්‍ර අලුත් කිරීමේ ක්‍රියාවලිය බලන්න.


සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතු ලේඛන කවරේද?
  • දැනට ඇති ගමන් බලපත්‍රය සහ ජීව දත්ත අඩංගු පිටුවේ ඡායා පිටපතක්. (වැඩි විස්තර සඳහා මෙහි පහත බලන්න*)
  • ඉල්ලුම්කරුගේ උප්පැන්න සහතිකයේ මුල් ලේඛනය සහ ඡායා පිටපතක්..
  • ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පතේ මුල් ලේඛනය සහ ඡායා පිටපතක්.
මා ළඟ උප්පැන්න සහතිකයක් හෝ ජාතික හැඳුනුම් පතක් නැතිනම් මා කළ යුත්තේ කුමක් ද?
පහත සඳහන් ලේඛන එකක් හෝ වැඩි ගණනක් ඉදිරිපත් කිරීමට ඔබට පුළුවන. එනම්,
  • ඉල්ලුම්කරුගේ රියදුරු බලපත්‍රය සහ ඡායා පිටපතක්.
  • ඉල්ලුම්කරුගේ වැඩිහිටි අනන්‍යතා සහතිකය සහ ඡායා පිටපතක්.
  • ඉල්ලුම්කරුගේ විශ්‍රාම වැටුප් අනන්‍යතා සහතිකය සහ ඡායා පිටපතක්.
  • පිරික්සුම් ප්‍රතිඵලය රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුවේ නිකුත් කළ ප්‍රතිඵල ලේඛනය සහ ඉල්ලුම්කරුගේ දරුවකුගේ උප්පැන්න සහතිකය සහ ඡායා පිටපතක්.
  • විය හැකි වයස් සහතිකය සහ ඡායා පිටපතක්. (රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ)
* දැනටමත් ඔබ සතුව M හෝ N කාණ්ඩයේ වලංගු ගමන් බලපත්‍රයක් හෝ හදිසි සහතිකයක් ඇත්නම් (ගමන් බලපත්‍ර අංකය ආරම්භවනුයේ M,N හෝ  EC අකුරුවලින් නම් ) ඉල්ලුම් පත්‍රය සමඟ එය ඉදිරිපත් කළ යුතුය.

ඉල්ලුම්පත්‍රය ලබාගත හැක්කේ කොතනින්ද ?
  • කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන්,
  • වවුනියාව මාතර නුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින්,
  • ඔබ ප්‍රදේශයේ ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්,
  • විදේශයෙහි වූ ශ්‍රී ලංකා දූත මණ්ඩල වලින්,
  • භාගත කරගන්නා ලද මුද්‍රණ යෝග්‍ය ඉල්ලුම් පත්‍ර මගින්,
ඉල්ලුම් පත්‍රය භාරදිය හැක්කේ කොතනටද ?
  • කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට.
  • වවුනියාව මාතර නුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට.
හදිසි සහතික පත් භාරදීමට කොපමණ කල් ගතවේද ?
සාමාන්‍ය පදනමින් - වැඩකරන දින 14 ක්
හදිසි පදනමින් - සේවාවක් නොමැත
 
හදිසි සහතික සඳහා සැකසුම් ගාස්තු කවරේද ?
සාමාන්‍ය පදනමින් -  ශ්‍රී ලංකා රුපියල් 500.00 (හදිසි පදනමින් - අදාළ නැත.)        


යන්ත්‍රයෙන් කියවිය නොහැකි ගමන් බලපත්‍ර සහ තාවකාලික ගමන් ලේඛන

මෙම ලේඛන කවරේද ?
මේ වනාහි ගමන් බලපත්‍රය නැති වී ඇති හෝ සොරාගෙන ඇති හෝ විදේශයේ සිටියදී කල් ඉකුත් වී ඇති විට ශ්‍රී ලාංකිකයින් වෙත නිකුත් කරන බලපත්‍රයයි.

එම ලේඛන ලබාගත හැක්කේ කොතැනින්ද ?
විදේශීය වූ ශ්‍රී ලාංකික දූත මණ්ඩලයකින් මෙම ලේඛන ලබාගත හැක.

ඉල්ලුම් කළ හැක්කේ කවදාද ?
ඔබ පෙරලා ටික කලකට ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන්නේ නම් ඔබට යන්ත්‍රයෙන් කියවිය නොහැකි ගමන් බලපත්‍රයක් හෝ තාවකාලික ගමන් ලේඛනයක් ඉල්ලුම් කළ හැක.

වලංගු කාලය කුමක් ද?

යන්ත්‍රයෙක් කිව නොහැකි බලපත්‍රයක් හෝ තාවකාලික ගමන් ලේඛනයක් වලංගු වන්නේ ශ්‍රී ලංකාවට එක් වරක් ගමන් කිරීමට පමණි.

ඉල්ලුම් පත්‍රය ලබාගත හැක්කේ කොතනින්ද ?

  • විදේශීය වූ ශ්‍රී ලාංකික දූත මණ්ඩලයකින්
  • භාගත කරගන්න.
ඉල්ලුම්පත්‍රය ඉදිරිපත් කරන්නේ කෙසේ ද?
විදේශීය වූ ශ්‍රී ලාංකික දූත මණ්ඩලයට භාර දීමෙන්

හඳුනා ගැනීමේ සහතිකය
හඳුනාගැනිමේ සහතිකය යනු කුමක් ද?
විදේශිකයකුගේ ගමන් බලපත්‍රය නැති වී ඇති හෝ සොරාගෙන ඇති හෝ ලංකාවේ  සිටියදී කල් ඉකුත් වී ඇති විට විදේශිකයන් වෙත නිකුත් කරන බලපත්‍රයයි.

හඳුනාගැනීමේ සහතිකය ලබාගත හැක්කේ කෙසේද ?
කොළම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට පෞද්ගලිකව අමතා ශ්‍රි ලංකා මුදලින් රු. 3000.00 ක් ගෙවා එදිනම හඳුනාගැනීමේ සහතිකය ලබාගත හැකිය.


වයස අඩු (බාල වයස්කාර) අයදුම්කරුවන් / දරුකමට හදාගත් ළමුන් සඳහා ශ්‍රී ලකා ගමන් බලපත්‍ර (වලංගු කාලය අවුරුදු 3 හෝ 10)
බාල වයස්කරුවන් යනු කවරෙක්ද ?
වයස අවු 16ට අඩු ඕනෑම පුද්ගලයෙකු මේ සඳහා බාල වයස්කරුවෙකු ලෙස සලකනු ලැබේ.

ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයක් ගැනීම සඳහා බාලවයස්කරුවෙකු අයදුම් කරන්නේ කෙසේද?
අයදුම්පත් බාරදීම සඳහා අයදුම්පත් භාරගන්නා කාර්යාලයට අයදුම්කරු පැමිණෙන විට ස්වකීය දෙමවුපියන් හෝ නිත්‍යනුකූල භාරකරුවන් සමඟ පැමිණිය යුතුය. දෙමව්පියන්ගේ හෝ නිත්‍යනුකූල භාරකරුවන්ගේ කැමැත්ත ප්‍රකාශකරන ලිපියක් අයදුම් පතෙහි ඇමිණිය යුතුය.

සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත සමඟ ඉදිරිපත් කළ යුතු අවශ්‍ය ලිපිලේඛන කවරේද ?
  • අයදුම්කරුගේ උප්පැන්න සහතිකය සහ ඡායා පිටපතක්.
  • ඡයාරූප ශාලා ලදු පත
  • දෙමවුපියන්ගේ ගමන බලපත්‍රය (දත්ත පිටුවේ හා ළමුන්ගේ විස්තර ඇතුලත් පිටුවේ ඡායා පිටපත් සමඟ).
  • දෙමව්පියන්ට ගමන් බලපත්‍රයක් නොමැති නම් දිවුරුම් ප්‍රකාශයක් සමඟ ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කළ යුතුය.
  • දෙමව්පියන්ගේ කැමැත්ත ප්‍රකාශ කරන ලිපියක්.
දරුකමට හදාගත් ළමයෙකු සඳහා ගමන් බලපත්‍රයක් ඉල්ලුම් කරන්නේ නම් පහත සඳහන් අමතර ලියකියවිලි අවශ්‍ය වේ.
දරුකමට හදාගත් බවට සහතිකයක්
ඒ සඳහා උසාවි නියමය
ළමා හිමිකම් හා ළමා ආරක්ෂණ කොමසාරිස්ගෙන් ලිපියක්

විශේෂ දැන්වීමයි - ලේඛන වල ඡායා පිටපත් සමග මුල් පිටපත් ඉදිරිපත් කළ යුතුය. පහත දැක්වෙන විශේෂ අවස්ථාවන්හිදී පහත ලේඛන ඉදිරිපත් කළ යුතුය.

දරුවා ශ්‍රී ලංකාවෙන් පිටත ඉපදී ඇත්නම් එක් එක් දරුවා සඳහා කොන්සල් කාර්යාලයෙන් ලබාගත් උප්පැන්න සහතිකය සහ පුරවැසිභාවය ලියාපදිංචි කළ සහතිකය (පුරවැසිභාවය ලියාපදිංචි කිරීමේදී මුදල් ගෙවා ලබා ගත් ලදු පතේ ඡායා පිටපතක් ද භාරගනු ලැබේ.)
කලාත්‍රයා ගමන් බලපත්‍රයක් ලබාගෙන නොමැති නම් ඔහු / ඇයගේ ජාතික හැඳුනුම් පත
කලාත්‍රයා මියගොස් නම් මරණ සහතිකය
දෙමව්පියන් දික්කසාද වී සිටිත් නම් දික්කසාද සහතිකය සහ දරුවාගේ / දරුවන්ගේ භාරකාරත්වයට ඇති අයිතිය සඳහන් කරමින් දෙ ලද උසාවි නියෝගය.
දරුවා දෙමව්පියන් විසින් අත්හැර දැමූවෙකු නම් පොලිස් වාර්තාවේ සහතික කරන ලද පිටපතක් සහ ප්‍රාදේශීය ලේකම් විසින් අනු අත්සන් කරන ලද ග්‍රාම නිලධාරීගෙන් ලබාගත් සනාථ කරන ලිපිය.

සියලුම රටවල් සඳහා වූ ගමන් බලපත්‍රයක සැකසුම් ගාස්තුව කවරේද (අවුරුදු 16 අඩු ළමුන් සඳහා) ?
වලංගු කාලය අවුරුදු 3 සඳහා

සාමාන්‍ය පදනමින් -  ශ්‍රි ලංකා රුපියල් 2000.00
හදිසි පදනමින් - ශ්‍රී ලංකා රුපියල් 5000.00

වලංගු කාලය අවුරුදු 10 සඳහා
සාමාන්‍ය පදනමින් -  ශ්‍රි ලංකා රුපියල් 3000.00
හදිසි පදනමින් - ශ්‍රී ලංකා රුපියල් 10000.00


විශේෂිත රටවල් සඳහා වූ ගමන් බලපත්‍රයක සැකසුම් ගාස්තුව කවරේද (අවුරුදු 16 අඩු ළමුන් සඳහා) ?
වලංගු කාලය අවුරුදු 3 සඳහා
සාමාන්‍ය පදනමින් -  ශ්‍රී ලංකා රුපියල් 1000.00
හදිසි පදනමින් - ශ්‍රී ලංකා රුපියල් 1500.00
වලංගු කාලය අවුරුදු 10 සඳහා
සාමාන්‍ය පදනමින් -  ශ්‍රී ලංකා රුපියල් 1000.00
හදිසි පදනමින් - ශ්‍රී ලංකා රුපියල් 2500.00  


දෙමව්පියන්ගේ ගමන් බලපත්‍රයට බාලවයස්කරුවන් ඇතුලත් කිරීම.
බාල වයස්කරුවන් යනු කවරෙක්ද ?
වයස අවුරුදු 16ට අඩු ඕනෑම පුද්ගලයෙකු මේ සඳහා බාල වයස්කරුවෙකු ලෙස නම් කරනු ලැබේ.

දෙමවුපියන්ගේ ගමන් බලපත්‍ර වලට  ළමයින් ඇතුලත් කල හැකිද?
දෙමවුපියන්ගේ ගමන් බලපත්‍ර වලට 2015 අගෝස්තු 10 දින සිට ළමයින් ඇතුලත් කරනු නොලැබේ.

ද්විත්ව පුරවැසියන් සඳහා ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය
ශ්‍රී ලංකාවේ හා වෙනත් රටක යන දෙරටෙහිම පුරවැසිභාවය දරන තැනැත්තෙකුට පහත ලේඛන ඉදිරිපත් කර ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයක් ලබා ගත හැකිය.
 
  • සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය
  • ඡයාරූප ශාලා ලදු පත
  • ද්විත්ව පුරවැසිභාවය ලද සහතිකය සහ ඡායා පිටපතක්.
  • පුරවැසිභාවය ලබා ගත් අනිත් රටේ ගමන් බලපත්‍රය හා ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක් ලබා තිබේ නම් එම ගමන් බලපත්‍රය (ජීව දත්ත අඩංගු පිටුවල ඡායා පිටපත් සමඟ)
  • ජාතික හැඳුනුම්පත සහ ඡායා පිටපතක්. (1948 අංක 18 දරණ සංශෝධිත පුරවැසි පනතේ 19(2) වගන්තිය යටතේ ද්විත්ව පුරවැසිභාවය ලබාගත් අයෙකුනම්, ද්විත්ව පුරවැසිභාවය ලබාගත් පසු නව ජාතික හැදුනුම් පතක් ලබාගත යුතුය.)
  • උප්පැන්න සහතිකය සහ ඡායා පිටපතක්.
ගමන් බලපත්‍රයක් නැතිවූ අවස්ථාවක පහත සඳහන් දෑ ඉදිරිපත් කළ යුතුය.
 
  • ගමන් බලපත්‍රය නැතිවූ බවට පොලිසියේ කරන ලද පැමිණිල්ලේ මුල් පිටපත.
  • ගමන් බලපත්‍රය පිටරටක නැතිවූයේ නම්, එම රටේ ශ්‍රී ලංකා තනාපති කාර්යාලය මගින් ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා නිකුත් කළ (NMRP) තාවකාලික ගමන් ලියවිල්ල. (ඡායා පිටපතක් සමඟ)
  • ගමන් බලපත්‍ර ගාස්තුවට අමතරව රු. 10,000 ක (රුපියල් දස දහසක ) දඩ මුදලක්. (මෙම දඩ මුදල අයකරනු ලබන්නේ නැතිවූ ගමන් බලපත්‍රයේ අදාල වලංගු කාලය ඉක්මවා නොමැති නම් පමණි.)
විශේෂ දැන්වීමයි - ඉහත ලේඛන වල ඡායා පිටපත් සමග මුල් පිටපත් ඉදිරිපත් කළ යුතුය.

 


ආයතනයේ තොරතුරු

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

"සුහුරුපාය",
ශ්‍රී සුභූතිපුර පාර,
බත්තරමුල්ල,
ශ්‍රී ලාංකාව.


කේ. එච්. එම්. සංජය මහතා
දුරකථන:+94-11-5329000
ෆැක්ස් අංක:+94-11-2885358
විද්‍යුත් තැපෑල:controller@immigration.gov.lk
වෙබ් අඩවිය: www.immigration.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2017-07-27 08:55:12
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2017-08-10
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 189