කාල රාමුව
එක් දින සේවය - දිනයක් තුළ
සාමාන්‍ය සේවය - වැඩකරන දින 10 කදී
වලංග කාලය - වසර 10
අයදුම් පත්‍ර ලබාගැනීම
අයදුමිපත් භාර ගැනීම
අවශ්‍ය ලියකියවිලි
- "කේ"-පෝරමය සිංහල/ඉංග්‍රීසි හෝ දෙමල/ඉංග්‍රීසි ආකෘතිය
- මීට පෙර ලබාගත් ගමන් බලපත්‍රය ( ලබා ගෙන තිබේ නම් )
- උප්පැන්න සහතිකය
- ජාතික හැදුනුම්පත
- විවාහ සහතිකය (වෛවාහක නම භාවිතා කරන්නේ නම්)
- අධ්‍යාපන / වෘත්තීය සහතික හෝ පත්වීම් ලිපිය ( රුකියාව පිලිබද විස්තර අවශ්‍ය නම් )
- වර්ණ ඡායාරූප 3 ක් (මාස 03ක් ඇතුලත ලබාගත් සෙ.මි.3.5 : x 4.5 ප්‍රමාණයේ)
- අයදුම්කරු ලියාපදිංචි වීමෙන් පුරවැසියෙක් නම් පුරවැසි බව පිළිබඳ සහතිකය
සැලකිය යුතු-3-8 දක්වා ලිපි ලේඛන වල මුල් පිටපත් සමග අනුපිටපත් ඉදිරිපත් කළ යුතුය.
අයදුම්කරු ලියාපදිංචි වීමෙන් පුරවැසියෙක් නම් පුරවැසි බව පිළිබඳ සහතිකය ද ඉදිරිපත් කළ යුතුය.
අවුරැදු 16 අඩු දරුවන්ගේ නම් දෙමාපියන්ගේ ගමන් බලපත්‍රයට ඇතළත් කළ හැක
- "සී" ආකෘතිය
- වර්ණ ඡායාරූප 3ක් (මාස 03ක් ඇතුලත ලබාගත් සෙ.මි.2.5 : x 3.5 ප්‍රමාණයේ)
- දරුවාගේ/දරුවන්ගේ උප්පැන්න සහතිකය/සහතික
- දෙමාපියන්ගේ විවාහ සහතිකය (අනුපිටපත්, මුල් පිටපත් සමග)
- කලාත්‍රයාගේ ගමන් බලපත්‍රයේ දත්ත පිටුව හා දරැවන් ඇතලත් කිරීමේ පිටුව
- කලාත්‍රයා විසින් ගමන් බලපත්‍රයක් ගබාගෙන නොමැති නම්, ඒ බව සනාථ කිරීම සදහා දිවුරුම් ප්‍රකාශයක් හා දරුවන් ඇතලත් කිරීම සදහා කැමැත් ප්‍රකාශිත ලිපිය
- දික්කසාද වි ඇත්නම් දිකසාදය පිළිබද උසාවි නියෝගය
- කලාත්‍රයා මියගොස් ඇත්නම් ඔහමුගේ හෝ ඇයගේ මරණ සහතිකය
- දරුවා පිටරටකදී උපත ලද්දේ නම් පුරවැසිභාවය පිළිබඳ පනත යටතේ 5 (2) කොටසෙහි පුරවැසි භාවය සහතිකය
සැ.යු. 3 සිට 9 දක්වා ලිපි ලේඛන වල මුල් පිටපත් සමග අනුපිටපත් ඉදිරිපත් කළ යුතය.
වයස අවු. 16 ට අඩු ළමයෙකුටද අවශ්‍ය නම් වෙනම විදේශ ගමන් බලපත්‍රයක් සදහා අයදුම් කළ හැක
අවශ්‍ය ලිපි ලේබණ
- "කේ" පෝරමය සිංහල/ඉංග්‍රීසි හෝ දෙමල/ඉංග්‍රීසි ආකෘතිය
- වර්ණ ඡායාරූප 3 ක් (මාස 03ක් ඇතුලත ලබාගත් සෙ.මි.3.5 : x 4.5 ප්‍රමාණයේ)
- දෙමව්පියන්ගේ ලිඛිත අවසරය
- උප්පැන්න සහතිකය
- දෙමව්පියන්ගේ විදේශ ගමන් බලපත්‍ර දෙමව්පියන්ගේ ගමන් බලපත්‍ර නැතිනම් තොරතුරු සනාථ කරන දිව්රුම් ප්‍රකාශයක්
- දෙමව්පියන්ගේ විවාහ සහතිකය
- ළමයා පිටරටකදී උපත ලද්දේ නම් පුරවැසිභාවය පිලිබද පනත යටතේ 5(2) කොටසෙහි පුරවැසිභාවය සහතිකය
සැලකිය යුතු- වයස අවුරුදු 16 න් පහළ දරුවක සදහා විදේශ ගමන් බලපත්‍රයක් අයදුම් කිරීමෙදී මව හා පියා යන දෙදෙනාගේම පැමිණීම අනිවාර්යවේ. මව හෝ පියා විදේශ ගතවී සිටී නම් ඔහු/ඇගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය අදාළ තානාපති කාර්යාල වලින් සහතික කර තිබිය යුතුය ( 4-7 දක්වා ලිපි ලේබණවල අනුපිටපත් සහිත මුල් පිටපත් ඉදිරිපත් කළ යුතුය )
දරුකමට හදාවඩාගත් දරුවෙකු සඳහා වෙන්වු ගමන් ලියවිල්ල
- කේ-පෝරමය සිංහල/ඉංග්‍රීසි හෝ දෙමල/ඉංග්‍රීසි ආකෘතිය
- වර්ණ ඡායාරූප 3 ක් (මාස 03ක් ඇතලත ලබාගත් සෙ.මි.3.5 : x 4.5 ප්‍රමාණයේ)
- උප්පැන්න සහතිකය
- හදාවඬා ගැනීමේ සහතිකය
- උසාවි නියෝගය
- ළමයා දරුකමට ඇතිදැඩි කර ගත් දෙමව්පියන් විදේශ පුරවැසිභාවයක් ඇති අය නම්, පරිවාස සහ ළමාරක්ෂක කොමසාරිස්ගෙන් ලබාගත් ලිපියක්.
සටහන-( ඉහත 3-6 දක්වා මුල් පිටපත් සමග ඡාය පිටපත් )
ගාස්තු
නව ගමන් ලියවිල්ල
|
සේවය |
රුපියල්
|
| සියළුම රටවල් සඳහා වලංගු ගමන් බලපත්‍රයක් සඳහා |
සාමාන්‍ය සේවය |
2,500.00 |
| එක් දින සේවය |
7,500.00 |
| විශේෂිත රටවල් සඳහා පමණක් වලංගු ගමන් බලපත්‍රයක් සඳහා [මැද පෙරදිග ඇතුලු] |
සාමාන්‍ය සේවය |
1,000.00 |
| එක් දින සේවය |
2,500.00 |
| හදිසි බලපත්‍රයක් සඳහා [ඉන්දියාව සහ නේපාලය] |
500.00 |
| හඳුනා ගැනීමේ සහතිකය |
2,500.00 |
| යන්ත්‍රානුසාරයෙන් කියවිය නොහැකි (විදේශ තානාපති කාර්යාලයෙන් නිකත් කරනු ලබන) |
|
ගමන් ලියවිල්ලක් නැති වු විට
ආසන්නම පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කළ යුතුය. එහි සහතික කරන ලද පිටපතක් සහ එම කරුණ පිළිබඳව බලපත්‍ර නිකුත් කරන ආයතනයට දැන්විය යුතුය. නැති වු ගමන් බලපත්‍රයක් වෙනුවට අළුත් ගමන් ලියවිල්ලක් ලබා ගැනීම සඳහා එම ලියවිල්ල අවශ්‍ය වේ.
සටහන-අවලංගු කිරීම සඳහා ඉදිරිපත් නොකරන හෝ නැතිවූ ගමන් බලපත්‍රයක් වෙනුවට අළුතින් ඉල්ලූම් කරන විට ඉල්ලූම්කරු ඒ සඳහා අමතර ගාස්තුවක් රුපියල්( 10,000.00 ) ගෙවිය යුතුය.
ගමන් බලපත්‍රය විදේශයක අස්ථාන ගත වූ විට
විදේශ රටකදී ගමන් බලපත්‍රය අස්ථාන ගත වූ විට එම රටෙදි හදුනා ගැනීමේ සහතිකය (ICOM) හෝ යන්ත්‍රානුසාරයෙන් කියවි නොහැකි ලියවිල්ලක් (NMRP) සදහා දඩ මුදලක් අයදුම්කරු විසින් ගෙවා ඇත්නම් ඉහත දඩ මුදල අයකරනු නොලැබේ.
අයදුමපත සහතික කල හැකි අය
-ශ්‍රී ලංකා පරිපාලන සේවයේ, අධ්‍යාපන පරිපාලන සේවයේ, ක්‍රම සමපාදන සේවයේ හෝ ඉංජිනේරැ සේවයේ නිලධාරියෙක්
-නිතීඥයෙක්
-සුදුසුකම්ලත් වෛද්‍ය නිලධාරියෙක්.
-යුද, නාවික, ගවන් හමුදා හෝ පොලිසීයේ අධිකාරිලත් නිලධාරියෙක්
-තම ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂක (ස්ථාන භාර නිලධාරි)
-තම ප්‍රදේශයේ සමෘද්ධි කළමනාකරු/ග්‍රාමනිලධාරි /සමාජ සේවා නිලධාරි
-තැපැල් ස්ථානාධිපතිවරයෙක්/ රජයේ පාසලක විදුහල්පතිවරයෙක්/කම්කරු නිලධාරියෙක්
-වතු අධිකාරිවරයෙක්
-සාමදාන විනිශ්චයකාරයෙක්
ආයතනයේ තොරතුරුආගමන හා විගමන දෙපාර්තමේන්තුව
අංක: 41,
ආනන්ද රාජකරුණා මාවත,
කොළඹ 10,
ශ්‍රී ලාංකාව. චමින්ද පතිරාජ මයා දුරකථන:+94-11-5329000 ෆැක්ස් අංක:+94-11-2674621 විද්‍යුත් තැපෑල:controller@immigration.gov.lk වෙබ් අඩවිය: www.immigration.gov.lk
|