The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


සීමිත පෞද්ගලික සමාගම්, පොදු සීමිත සමාගම්, ජනතා සමාගම්, ඇපයෙන් සීමිත සමාගම්, සීමාරහිත සමාගම් සංස්ථාගත කිරීම.

PDF Print Email

පෞද්ගලික / පොදු සමාගමක් ලියාපදිංචිය

1. සුදුසුකම් 


ශ්‍රී ලාංකීකයන් හා විදේශිකයන් මෙම සේවය ලබාගැනීම සදහා සුදුස්සන් වේ.‍
එක් කොටස්කරුවෙකුට හෝ කොටස්කරුවන්කීහිපදෙනෙකුට සමාගමක් ලියාපදිංචිකිරීමේ හැකියාව ඇති නමුත් පෞද්ගලික සමාගමක් සඳහා සිටියහැකි උපරිම කොටස්කරුවන් සංඛ්‍යාව පනහකි.
සමාගමක කොටස්කරුවන් එක්කෙනෙකු පමණක් සිටින අවස්ථාවල එම තැනැත්තාටම සමාගම් ලේකම් තනතුර ද දැරිය නොහැක.(විදේශිකයකුට සමාගම් ලේකම් තනතුර දැරිය නොහැක)
කොටස්කරුවන් කීපදෙනෙකු සිටින කල්හි ඔවුනගෙන් කෙනෙකුට සමාගම් ලේකම් තනතුර දැරිය හැකිය. නමුත් වාර්ෂික පිරිවැටුම මිලියනයක් ඉක්මවා යන හා ගෙවානිමි ප්‍රාග්ධනය ලක්ෂ පහක් ඉක්මවා යන විට ලියාපදිංචි සමාගම් ලේකම්වරයෙකු පත්කලයුතුවේ.
පෞද්ගලික/ පොදු සමාගමක් ලියාපදිංචිය සඳහා විදේශිකයෙකු මුදල් ආයෝජනය කරන විට ලංකා ආයෝජන මන්ඩලයේ අනුමැතිය ගතයුතුවේ. එසේ නොමැති නම් පෞද්ගලික/ පොදු සමාගමක අධ්‍යක්ෂකවරයෙකු වීම සඳහා  විදේශිකයෙකුට ලංකා ආයොජන මණ්ඩලයේ අනුමැතියක් මේ සේවාවට අවශ්‍ය නොවේ.

2.ඉදිරිපත් කිරීමේ ක්‍රියාපටිපාටිය
 


නාම අනුමැති අයදුම්පත තොරතුරු කවුළුවෙන් මුදල් ගෙවීමකින් තොරව ලබාගත හැකි අතර අනෙකුත් අයදුම්පත් ඉතා සුලු මුදලක් ‍සරප් කවුන්ටරයවෙත ගෙවිමෙන් හෝ දෙපාර්තමේන්තු ‍වෙබ් අඩවිය වන  www.drc.gov.lk මගින් මුදල් ගෙවීමකින් තොරව ලබාගත හැක.අයදුම්කරු ඔහු විසින්ම හෝ වෘත්තිකයෙකු මාර්ගයෙන් සාංගමික ව්‍යවස්ථාවලිය සාදාගතයුතුවේ. නාම අනුමැති අයදුම්පත පමණක් වෙබ් අඩවිය මගින් ඉලෙක්ටොනික මාර්ගයෙන් ඉදිරිපත්කල හැකි අතර අනෙකුත් අයදුම්පත් හා ලිපිලේඛණ අතින් භාර දියයුතු වේ.

3. අවශ්‍ය ලිපි ලේඛණ


නාම අනුමැති අයදුම්පත 16 ඒ
අයදුම්පත් අංක 1
අයදුම්පත් අංක 18
අයදුම්පත් අංක 19
- සාංගමික ව්‍යවස්ථාවලියේ මුල් පිටපත් දෙකක් කොටස්කරු/ කොටස්කරුවන් ගේ අත්සන/අත්සන් සහිතව සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට භාරදිය යුතුවේ.

සටහන:  සාංගමික ව්‍යවස්ථාවලිය සදාගතයුතු ආකෘතිය.
 

*ඒ 4 ප්‍රමාණයේ කොල වල පමණක් සාංගමික ව්‍යවස්ථාවලිය ඉදිරිපත් කල යුතුය.
*පළමු පිටුවේ ඉහලින් අඟල්  4 ක ඉඩ ප්‍රමාණයක් තැබිය යුතුය. (දෙපාර්තමේන්තු මුද්‍රා තැබීම සඳහා)
*අඟල් 2 ක‍ ඉඩ ප්‍රමාණයක් සියළුම පිටුවල වම්පස  තැබිය යුතුය.(බැම්ම සඳහා)
* අඟල් 1 ක‍ ඉඩ ප්‍රමාණයක් සියළුම පිටුවල දකුණුපස තැබිය යුතුය.
* පිටු අංක කලයුතුය
* අන්තර්වාක්‍යයන් අතර අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉ‍ඩ නොතැබිය යුතුය.
* පොත කවරයක් සහිතව බැඳ ඉදිරිපත් කලයුතුය.

 

4.අයදුම්පත හා එහි නම


අයදුම්පත විස්තරය 
 අයදුම්පත් අංක ඒ16   නාම අනුමැති අයදුම්පත
 අයදුම්පත් අංක 1   සමාගමක් ලියාපදිංචි කිරීම ( අන්තර්ගතය සමාගම් නම, ලිපිනය අධ්‍යක්ෂකවරුන්,කොටස්කරුවන්,ලේකම් පිළිබඳ විස්තරය.)
 
 අයදුම්පත් අංක 18  අධ්‍යක්ෂකවරයකුගේ කැමැත්ත සහ සහතිකය.
 අයදුම්පත් අංක 19  ලේකම්වරයාගේ/ලේකම්වරුන්ගේ කැමැත්ත සහ සහතිකය.

  

5.පෞද්ගලික/ පොදු සමාගමක් ලියාපදිංචි කිරිමේ කාර්ය පටි‍පාටිය පියවරෙන් පියවර


පියවර 1: තොරතුරු කවුළුවෙන් අයදුම්කරු ඒ 16 අයදුම්පතක් ලබාගතයුතුයි. එසේ නොමැතිනම් දෙපාර්තමේන්තු වෙබ් අ‍ඩවිය www.drc.gov.lk මගින් අයදුම් කල හැකිය.

පියවර 2: අයදුම්කරු සම්පූර්ණ කරන ලද අයදුම්පත් අංක ඒ 16 තොරතුරු කවුළුවට භාරදී නිවැරදිව ඉදිරිපත් කර ඇත්දැයි පරික්ෂාකර ගත යුතුයි

පියවර 3 නාමය පරීක්ෂාකිරීමේ සේවාව සඳහා අයදුම්කරු විසින් රු. 350 + වැට් 12% + ජාතිය ගොඩනැගීමේ බද්ධ 3% (රු. 402.50) සරප් කවුළුව වෙත භාරදිය යුතු අතර ඒ සඳහා රිසිට්පතක් අයදුම්කරුට නිකුත් කරනු ලැබේ.

පියවර  4: අයදුම්කරු විසින් ඊලග වැඩකරන දවසේ (සවස) තොරතුරු කවුළුවට රිසිට් පත ඉදිරිපත් කිරීමෙන් අයදුම්පතේ තත්වය (නාමය අනුමත කර ඇත්ද/නැද්ද හෝ ඒ සඳහා තවත් ලියකියවිලි අවශ්‍ය ද හෝ නාමයට  සංශෝධනයකල යුතුද/නැත්ද) දැනගතහැකි වේ.

නාම අනුමැතියක් වලංගු වන්නේ තුන්මසක් පමණක් වන අතර කාලය ඉකුත් වී අත්නම් නැවත නියමිත ගාස්තුගෙවා නව අයදුම්පතක් යොමුකල යුතුය.
සටහන :  : නාමයෙහි  ගැටළුවක් නාම අනුමැති විෂය ලිපිකරු විසින් දුටුවිට ක්‍රියාවලිය දිගටම පවත්වාගෙන යාමට නාමයෙහි වෙනසක් කිරීමට  අයදුම්කරුට උපදෙස් ලබාදෙන අතර දැනට ලියාපදිංචි සමාගමක නම එලෙසින්ම හෝ ඒ හා සමාන නම්, එම නාමය සමාගම් රෙජිස්ට්‍රාර් ‍ජනරාල් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබේ..

පියවර 5: නාම අනුමැති අංකය ලබාගැනීමට අයදුම්කරු  රිසිට්පත, තොරතුරු කවුළුවට  ඉදිරිපත් කිරීමෙන් ලබාගත හැකි වේ.

පියවර 6: නාමය අනුමත වීමෙන් පසු අයදුම්කරු විසින් සාංගමික ව්‍යවස්ථාවලිය හා පුරවන ලද අයදුම්පත් භාර දිය යුතු ය.


සටහන
පෞද්ගලික / පොදු සමාගම් ලියාපදිංචිය‍‍ට අවශ්‍ය ලිපි ලේඛණ

සාංගමික ව්‍යවස්ථාවලියේ මුල් පිටපත් දෙකයි

අයදුම්පත් අංක – 1
අයදුම්පත් අංක – 18
අයදුම්පත් අංක – 19
* අයදුම්පත් එක් පැත්තක පමණක් මුද්‍රණය කර තිබිය යුතුය.

සෑම අධ්‍යක්ෂකවරයෙකුම අයදුම්පත් අංක 18 ලබාදිය යුතු වේ( අධ්‍යක්ෂකගේ කැමැත්ත).

පියවර 7: තොරතුරු කවු‍ළු ලිපිකරු පොත් කවරයක් සහිතව බැද ඇති සාංගමික ව්‍යවස්ථාවලිය හා පුරවන ලද අයදුම්පත් අංක 1, 18 හා 19 පරික්ෂාකර බලා ඒවා හරියාකාරව තිබේ නම් පරික්ෂාකර බැලු බවට මුද්‍රාව තබනු ලබයි..

සටහන : ලිපිලේඛන හරියාකාරව ඉදිරිපත් කර නොමැති නම් ඒ බව අයදුම්කරුට දන්වන අතර වැරදි නිවැරදි කර නැවත ඉදිරිපත් කරන ලෙස දන්වයි.

ගාස්තු අයකිරීමේ ක්‍රමය

අයදුම්පත් / ලියවිල්ෙල් නම ගාස්තුව
සාංගමික ව්‍යවස්ථාවලිය  රු. 350/= + වැට් 12%  + ජාතිය ගොඩනැගීමේ බද්ද 3%  (රු.402.50/=)
 
 අයදුම්පත් අංක1  රු. 8500/= වැට් 12%  + ජාතිය ගොඩනැගීමේ බද්ද 3% (Rs.9,775/=)
 
 අයදුම්පත් අංක18 සහ  අංක 19  රු.350/= + වැට් 12%  + ජාතිය ගොඩනැගීමේ බද්ද 3%  (රු.402.50/=)

 
පියවර 8: අයදුම්කරු සරප් කවළුවට සාංගමික ව්‍යවස්ථාවලිය හා අයදුම්පත් සඳහා ගාස්තු ගෙවියයුතු අතර ඒ සඳහා රිසිට්පතක් අයදුම්කරුවෙත ලබාදේ.

පියවර 9: ලියපදිංචිකිරීමේ ලිපිකරු විසින් ලියකිවිලි හරියාකාරව ඉදිරිපත් කර ඇත්දැයි නැවත පරික්ෂා කර බලන අතර එහි යම් වැරදක් තිබේ නම් ඒ පිලිබඳව ඊලග දවසේ අයදුම්කරු පැමිණිවිට දැනුම් දේ.සියළුම ලිපිලේඛන හරියාකාරව තිබේ නම් ලියාපදිංචි කිරීමේ ලිපිකරු ලියපදිංචි කිරීමේ සහතිකය සුදානම් කර සියළුම ලියකියවිලි සමග සහතිකය සමාගම් රෙජිස්ට්‍රාර් ‍ජනරාල්වරයාගේ අනුමැතිය හා අත්සන සඳහා ඉදිරිපත් කරනු ලබයි.

පියවර 10: යොමු කරන ලියකියවිලි  සමාගම් ‍රෙජිස්ට්‍රාර් ජනරාල් විසින් නැවත පරික්ෂාවකට ලක් කරන අතර එහිදි ඔහු විසින් යම් වැරද්දක් /වැරදි දුටු විට ඒ පිලිබඳව  විෂය ලිපිකරුවෙත සටහනකින් දන්වයි. විෂය ලිපිකරු ඒ සම්බන්ධයෙන් අයදුම්කරුට දන්වන අතර නිවැරදි කරන ලද ලේඛන නැවත හාර දෙන ලෙස දන්වයි. නිවැරදි කරන ලද ලේඛන  අයදුම්කරු විසින් නැවත භාරදුන් විට සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල්වෙත ඒවා නැවතත් යොමුකරයි.

පියවර 11: සියළුම ලිපිලේඛන හරියාකාරව ඇත් නම් සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල් සහතිකයට අත්සන් තබන අතර අයදුම්කරු රිසිට්පත ඉදිරිපත් කිරීමෙන් සහතිකය ඊලග වැඩකරන දින හවසට ලබාගත හැක.

6.කාල සීමාව
 


ක්‍රියාවලියට ගතවන කාලය

නාම අනුමැතිය : එක් දිනයි
සංස්ථාගත සහතිකය ලබාගැනීම: එක්දිනයි

භාරගැනීමේ කාලසිමාව


අයදුම්පත් හා සාංගමික ව්‍යවස්ථාවලිය ලබා ගැනීම හා භාරදීම
රාජකාරි දිනයන් : සඳුදා සිට සිකුරාදා
දෙපාර්තමේනුතුව විවෘත කාලසිමාව : පෙ ව 8.30 සිට ප ව 4.15
අයදුම්පත් පරිෂාකර බලන කාලය: පෙ ව 8.30 සිට ප ව 2.45pm
සරප් අංශය වැඩකරන කාලය : පෙ ව 9.00 සිට ප ව 3.00

 

නිවාඩු දිනයන්: : සියළු රජ‍යේ නිවාඩු දිනයන්

වලංගු කාලසිමාව

නාම අනුමැති අයදුම්පතක වලංගු කාලය අයදුම් කල දිනයේ සිට මාස 3 කි.


7.මෙම සේවය සඳහා අයකරන ගාස්තු


අයදුම්පත් ගාස්තු
16ඒ අයදුම්පත්‍රය  මුදල් ගෙවිමෙන් තොරව ලබාගත හැක.
අයදුම්පත් අංක 1  රු. 20/=
අයදුම්පත් අංක 18  රු. 10/=
අයදුම්පත් අංක 19  රු. 10/=

පුරවන ලද අයදුම්පත් හා සාංගමික ව්‍යවස්ථාවලිය සඳහා ගාස්තු
නාම අනුමැති අයදුම්පත් ගාස්තුව රු. 350/= + වැට් 12%  + ජාතිය ගොඩනැගීමේ බද්ද 3%  (රු.402.50/=)
අයදුම්පත් අංක18 සහ  අංක 19 සඳහා ගාස්තුව රු.350/= + වැට් 12%  + ජාතිය ගොඩනැගීමේ බද්ද 3%  (රු.402.50/=)
සාංගමික ව්‍යවස්ථාවලිය සදහා ගාස්තුව රු. 350/= + වැට් 12%  + ජාතිය ගොඩනැගීමේ බද්ද 3%  (රු.402.50/=)
අයදුම්පත් අංක1 සඳහා ගාස්තුව රු. 8500/= වැට් 12%  + ජාතිය ගොඩනැගීමේ බද්ද 3% (Rs.9,775/=)


8.සේවයේ වගකීම දරණ නිලධාරීන්


නිල නාමය  නම අංශය

සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල් ඩී කේ හෙට්ටිආරච්චි මහතා දෙපාර්තමේන්තු ප්‍රධානි
විෂය ලිපික‍රු  එස් එච් රොබට් මහතා මහජන සම්බන්ධතා අංශය


ආයතන තොරතුරු
සමාගම් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුව

"සමාගම් මැදුර",
අංක. 400,
ඩී ආර් විජේවර්ධන මාවත,
කොළඹ - 10.


කේ පී වීරසිංහ මහතා
දුරකථන අංකය :+94-11-2689208 / +94-11-2689209
‍ෆැක්ස් අංකය:+94-11-2689211
ඊමේල්:registrar@drc.gov.lk
වෙබ් අ‍ඩවිය : www.drc.gov.lk
 
 


 


ආයතනයේ තොරතුරු

සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව
අංක 400, ඩී.ආර්.විජේවර්ධන මාවත, කොළඹ 10.
ඩී. කේ. හෙට්ටිආරච්චි
දුරකථන:+94-11-2689208 / +94-11-2689209
ෆැක්ස් අංක:+94-11-2689211
විද්‍යුත් තැපෑල:inquiries@drc.gov.lk
වෙබ් අඩවිය: www.drc.gov.lk
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-11-29 10:16:42
පැමිණිල්ලක් කරන්න
ICTA Awards

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) ශ්‍රී ලාංකිකයන්ට ගමන් බලපත්‍ර නිකුත් කිරීම
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) සංස්ථාගත කිරීම්
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) ශ්‍රී ලාංකිකයන්ට ගමන් බලපත්‍ර නිකුත් කිරීම
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) සංස්ථාගත කිරීම්
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) ශ්‍රී ලාංකිකයන්ට ගමන් බලපත්‍ර නිකුත් කිරීම
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) සංස්ථාගත කිරීම්
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) ශ්‍රී ලාංකිකයන්ට ගමන් බලපත්‍ර නිකුත් කිරීම
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) සංස්ථාගත කිරීම්
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) ශ්‍රී ලාංකිකයන්ට ගමන් බලපත්‍ර නිකුත් කිරීම
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) සංස්ථාගත කිරීම්

Stay Connected

     
යාවත්කාල කලේ: 2010-09-09
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 24