සුදුසුකම්
- නේවාසික කටයුතු සඳහා දීර්ඝ කාලීන බදුකරයක් ලබා තිබීම හා එම ඉඩමේ නිවසක් තනා පදිංචිව සිටීම.
- නිසි පරිදි බදු මුදල් ගෙවා තිබීම.
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
ප්‍රාදේශීය ලේකම්/පළාත් ඉඩම් කොමසාරිස්/ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කිරීම.
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-
විශේෂ ඉල්ලුම්පතක් නැත.තමා විසින් සකසන ලද ලිපියක් ආකාරයෙන් ඉල්ලීම ඉදිරිපත් කළ හැක.
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-
ගාස්තු අයකිරීමක් නැත.
ඉදිරිපත් කළ යුතු වේලාවන් :-
රජයේ නිවාඩු නොවන සතියේ ඕනෑම දිනක කාර්යාල වේලාව තුල
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
සේවා ගාස්තු අයකිරීමක් නැත.
ඉඩම භාරදුන් වර්ෂයේ ඉඩමේ නොදියුණු වටිනාකම සම්පුර්ණයෙන්ම ගෙවා තිබිය යුතුය.ඊට අමතරව දිර්ඝකාලින බදු ආරම්භ වන අවස්ථාවේදී ගෙවිය යුතු එක්වරක් පමණක් ගෙවන වාර මුදල ගෙවිය යුතුය.
සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්රමුඛ සේවා)
අවම වශයෙන් මාස 06කි.
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
- ඉල්ලීම් ලිපිය.
- නිකුත් කරන ලද දිර්ඝ කාලීන බදුකරය.
- බදු ගෙවන ලද කුවිතාන්සි.
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
ඉ-මේල් |
ඉඩම් කොමසාරිස් |
ටී.මුරුගේෂන් මිය |
ඉඩම් |
+94-11-2695834 |
+94-11-2684051 |
landcommdept@gov.lk |
අතිරේක හෙවත් ඉහත අවශ්‍යතා වලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
අදාල නොවේ.
ඉල්ලූම්පත් ආකෘතිය
නොමැත
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත
අදාල නොවේ.
ආයතනයේ තොරතුරුඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව "මිහිකත මැදුර",
නො. 1200/6,
රජමල්වත්ත පාර,
බත්තරමුල්ල. අසන්ත ගුණසේකර මහතා දුරකථන:+94-11-2797400 ෆැක්ස් අංක:0112 - 864051 විද්‍යුත් තැපෑල:info@landcom.gov.lk වෙබ් අඩවිය: www.landcom.gov.lk
|