රාජ්‍ය අංශයේ ප්‍රථම ත්‍රෛභාෂික තොරතුරු කේන්‍ද්‍රය ඔබ සඳහා දැන් විවෘතයි.
රාජ්‍ය ආයතන විසින් සපයනු ලබන පුරවැසි සේවා පිළිබඳ මහජනතාව වෙත කඩිනම්ව තොරතුරු ලබා දීම සඳහා පිහිටුවා ඇති රාජ්‍ය තොරතුරු කේන්‍ද්‍රය (1919) ඔබ සඳහා දැන් විවෘතව පවතී.
රාජ්‍ය අංශයේ කටයුතු ප්‍රතිනිර්මාණය සඳහා තොරතුරු තාක්‍ෂණ විසදුම් ලබාදීමේ එක් පියවරක් ලෙස මෙම රාජ්‍ය තොරතුරු කේන්‍ද්‍රය ආරම්භ කර ඇත. ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක නියෝජිතායතනයේ රාජ්‍ය අංශය ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩසටහනේ එක් ව්‍යාපෘතියක් ලෙස මෙය පිහිටුවා තිබේ.
රාජ්‍ය තොරතුරු කේන්‍ද්‍රය මෙරට ඉතිහාසයේ රජය සතු ප්‍රථම ත්‍රෛභාෂික දුරකතන සේවා සැපයුම් මධ්‍යස්ථානයයි. එමගින් රජයේ ආයතන විසින් මහජනතාව වෙත සපයන සේවා පිළිබඳ මෙන්ම ඒවා ලබා ගන්නා ආකාරය ගැනද සවිස්තර තොරතුරු මහජනතාවට දුරකතනය ඔස්සේ ලබා ගත හැකිය. ඕනෑම දුරකතනයක් භාවිත කොට අංක 1919 අංකනය කිරීමෙන් අදාල සේවා ලබා ගත හැකිය.
මෙහි ප්‍රථම අදියර යටතේ මෙරට සාමාන්‍ය ජන ජීවිතයට අත්‍යාවශ්‍ය දෙපාර්තමේන්තු රැසක සේවාවන් දෙසිය පහහක් පිළිබඳ විස්තර රාජ්‍ය තොරතුරු කේන්‍ද්‍රයට ඇතුලත් කර තිබේ. පෙරවරු 8.00 සිට රාත්‍රී 8.00 දක්වා ක්‍රියාත්මක මෙම කේන්‍ද්‍රය වසරේ සෑම දිනකම විවෘතව පැවතීම විශේෂත්වයකි.
|