The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව පුද්ගලයින්ගේ ලියාපදිංචි කිරීම් පුරවැසි භාවය ඉන්දීය සම්භවයක් ඇති පුද්ගලයන්ගේ ඉල්ලීම මත පුරවැසිභාවය තහවුරු කිරීමේ සහතික පත් නිකුත් කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     IC/C/SPA     C/PI/O/2003/01
ඉන්දීය සම්භවයක් ඇති පුද්ගලයන්ගේ ඉල්ලීම මත පුරවැසිභාවය තහවුරු කිරීමේ සහතික පත් නිකුත් කිරීම

PDF Print Email

විශේෂ විධිවිධාන

ඉන්දීය සම්භවය ඇති පුද්ගලයින්ට පුරවැසිභාවය ප්‍රදානය කිරීම.
ඉන්දීය සම්භවය ඇති පුද්ගලයන්ට 1988 අංක 39 දරන පනත හා 2005 අංක 35 දරන පනත යටතේ ඔවුන්ගේ ඉල්ලීම මත පුරවැසිභාවය තහවුරු කිරීමෙන් පසුව සහතික පත්‍ර නිකුත් කිරීම.

මෙම වර්ගීකරණය යටතේ ශ්‍රී ලංකා පුරවැසිභාවය ඉල්ලීමට සුදුසුකම් තිබේද ?
පුරවැසි  පනත නියම කළ දිනට පෙර සිට (1948-11-15) ඔබ ශ්‍රී ලංකාවේ පදිංචිව සිටි ඉන්දීය සම්භවය ඇති පුද්ගලයකු නම් හෝ එවන් පුද්ගලයකුගෙන් පැවත එන්නෙකු නම් මෙම වර්ගීකරණය යටතේ ඔබට ශ්‍රී ලංකා පුරවැසිභාවයට ඉල්ලුම් කළ හැකිය.

ඉල්ලුම්පත්‍රයක් ලබාගත හැක්කේ කෙසේ ද?

  1. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ඉන්දු-ලංකා පුරවැසි අංශය, "සුහුරුපාය", බත්තරමුල්ල.
  2. ඉල්ලුම්පතේ මුද්‍රිත පිටපත් බාගත කරගන්න.

ඉල්ලුම් පත්‍ර අංකය

විස්තරය

1988 අංක 39 දරන පනතේ විධිවිධාන ප්‍රකාර පුරවැසි සහතික පත්‍රය සඳහා ඉල්ලුම්පත්‍ර
C/P/I/O/2003/01
2003 අංක 35 දරන පනතේ විධිවිධාන ප්‍රකාර පුරවැසි සහතික පත්‍රය සඳහා ඉල්ලුම්පත්‍ර
C/P/I/O/2003/02
2003 අංක 35 දරන පනතේ 02 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාර ශ්‍රී ලාංකිකයකු වීම සඳහා ඉන්දීය ගමන් බලපත්‍ර දරන්නන් කළ විශේෂ ප්‍රකාශය.

ඉල්ලුම්පත සම්පූර්ණ කිරීම සඳහා උපදෙස්
  1. 1988 අංක 39 දරන පනත ප්‍රකාර ඉල්ලුම්පත්‍ර
  2. 2003 අංක 35 දරන පනත ප්‍රකාර ඉල්ලුම්පත්‍ර
සම්පූර්ණ කළ ඉල්ලුම්පත්‍ර භාරදිය හැකි ස්ථානය කුමක් ද?
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ඉන්දු - ලංකා පුරවැසි අංශය, "සුහුරුපාය", බත්තරමුල්ල.

ඉල්ලුම්පත්‍රය සමග භාරදිය යුතු ලිපි ලේඛන මොනවාද?
  1. ඉල්ලුම්කරුගේ උප්පැන්න සහතිකයේ පිටපතක්.
  2. ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පතේ පිටපතක් (ඇත්නම්).
  3. ඉල්ලුම්කරුගේ විවාහ සහතිකයේ පිටපතක් (ඇත්නම්).
  4. ඉල්ලුම්කරුගේ දෙමාපියන්ගේ පුරවැසි සහතිකයේ පිටපතක් (ඇත්නම්).
උප්පැන්න සහතිකය හා විවාහ සහතිකය නොමැති අවස්ථාවලදි පහත ලේඛන භාර දියයුතුය.
  1. ඉල්ලුම්කරුගේ දරුවකුගේ උප්පැන්න සහතිකයක්.
  2. ඉල්ලුම්කරුගේ උපත සහ විවාහය සහතික කරන දිවුරුම් ප්‍රකාශයක්.
ඉන්දීය ගමන් බලපත්‍ර පමණක් හිමි අයට අවශ්‍ය කරන අමතර ලිපි ලේඛන
  1. 2003 අංක 39 පනතේ 02 වන වගන්තියේ විධිවිධාන  ප්‍රකාරව ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ දැනුම් දීමේ ලිපියේ පිටපතක්.
  2. ඉල්ලුම්කරුගේ මෑතක ගත් ඉන්දීය ගමන් බලපත්‍රයේ පැහැදිලි පිටපතක්.
සම්පූර්ණ කළ ඉල්ලුම්පත් භාරදිය හැක්කේ කෙසේ ද?
"සුහුරුපාය", බත්තරමුල්ල පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ  6 මහල ඉන්දු ලංකා පුරවැසි අංශයට සතියේ දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 2.30 දක්වා.

පුරවැසි සහතිකය ලබාගැනීමට කොපමණ කාලයක් ගතවේවිද?
  1. නීතියට අනුව ඉල්ලුම්පත්‍රය ගත් දින සිට සේවා දින 60 කින්.
  2. උපදෙස් අනුව ඉල්ලුම්පත්‍රය සාර්ථකව භාර දී ඇතිනම් සේවා දින 30 ක් අතුළත පුරවැසි සහතිකය නිකුත් කෙරෙනු ඇත.
මෙම පුරවැසි වර්ගීකරණය සඳහා අදාළ නෛතික විධිවිධාන මොනවාද ?
  1. 1988 අංක 39 දරන පනත සහ එහි පසුව සිදු වූ සංශෝධන වලට අනුව රටක් නොමැති පුද්ගලයින්ට රටවැසිභාවය ප්‍රදානය කිරීම.
  2. 2003 අංක 35 දරන පනත හා පසුව සිදුවූ සංශෝධන වලට අනුව ඉන්දීය රටවැසිභාවය ඇති පුද්ගලයින්ට රටවැසිභාවය ප්‍රදානය කිරීම.
  3. 2003 අංක 35 දරන පනතේ 02 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාර ඉන්දීය ගමන් බලපත්‍ර හිමි අයට දැනුම්දීමේ ලිපි නිකුත් කිරිම.
     
චීන සම්භවය ඇති පුද්ගලයින්ට පුරවැසිභාවය ප්‍රදානය කිරීම
චීන සම්භවය ඇති පුද්ගලයින්ට පුරවැසිභාවය ප්‍රදානය කිරීමේ 2008 අංක 38 දරන පනත 2008.10.31 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව බලාත්මක කර ඇත. පෙර බලාත්මක කළ පුරවැසි නීති වලින් ශ්‍රී ලංකා පුරවැසි භාවය නොලත් 1948.11.15 දින සිට ශ්‍රී ලංකාවේ ජීවත් වන චීන සම්භවය ඇති පුද්ගලයින් සහ ඔවුන්ගෙන් පැවත එන්නන් මේ යටතේ ශ්‍රී ලංකා පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කිරීමට හිමිකම් ඇත.

සටහන : මෙම පනත බලාත්මක කළ දින සිට වසර පහක කාලයක් බලපවත්වනු ඇත. එබැවින් සුදුසුකම් සහිත සියලු පුද්ගලයින්ට මේ අවස්ථාවේ ම ශ්‍රී ලංකා පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කරන මෙන් කාරුණිකව දැනුම් දේ.

ඉල්ලුම් කළ හැක්කේ කා හට ද?
චීන සම්භවය ඇති ඕනෑම පුද්ගලයකුට.
  1. 1948 නොවැ. 15 සිට ශ්‍රී ලංකාවේ ස්ථිර පදිංචිව සිටි අයකු.
  2. 1948 නොවැ. 15 සිට ශ්‍රී ලංකාවේ ස්ථිර පදිංචිව සිට පුද්ගලයකුගෙන් පැවත එන දැනට ශ්‍රි ලංකාවේ පදිංචි පුද්ගලයකු.
පුද්ගලයකුට ඉල්ලුම් කළ හැක්කේ කෙසේද ?
ඉල්ලුම් කරන අවස්ථාවේ වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයන් වෙනම ඉල්ලුම් කළ යුතුය. ඉල්ලුම් කරන අවස්ථාවේ වයස අවුරුදු 18ට අඩු පුද්ගලයන් දෙමව්පියන්ගෙන් එක් අයකුගේ අයදුම් පත්‍රයෙන් ඉල්ලුම් කළ යුතුය. පවුලක සියළුම සාමාජිකයන් එක් වර ඉල්ලුම් කළ යුතුය.

ඉල්ලුම්පත්‍රයක් ලබාගත හැක්කේ කෙසේද?
  1. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ඉන්දු - ලංකා පුරවැසි ඒකකය, "සුහුරුපාය", බත්තරමුල්ල.
  2. ඉල්ලුම්පත්‍රයේ මුද්‍රිත පිටපතක් බාගත කරගන්න.
ඉල්ලුම්පත්‍රය භාර දිය හැකි ස්ථානය.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ඉන්දු - ලංකා පුරවැසි අංශය. "සුහුරුපාය", බත්තරමුල්ල.

සම්පූර්ණ කළ ඉල්ලුම්පත්‍රය සමග භාරදිය යුතු ලිපි ලේඛන මොනවාද ?
කරුණාකර පහත සඳහන් ලිපි ලේඛන වල මුල් පිටපත් ඒවායේ ඡායා පිටපත් සමග ඉදිරිපත් කරන්න (මුල් පිටපත් ආපසු භාරදෙනු ලැබේ)
ඉහත ලිපි ලේඛන මා සතුව නොමැත නම් ඉදිරිපත් කළ හැකි විකල්ප ලිපි ලේඛන මොනවාද?
ඉහත ලිපි ලේඛන නොමැති නම් ඔබගේ ශ්‍රී ලාංකීය ස්ථිර පදිංචිය තහවුරු කිරීම සඳහා අධ්‍යාපනික සහතික, රියදුරු බලපත්‍රය වැනි වෙනත් ලේඛන ඉදිරිපත් කරන්න.

ආයතනයේ තොරතුරු

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

"සුහුරුපාය",
ශ්‍රී සුභූතිපුර පාර,
බත්තරමුල්ල,
ශ්‍රී ලාංකාව.


එච්. එම්. අයි. කේ. හේරත් මහතා
දුරකථන:+94-11-2101500
ෆැක්ස් අංක:+94-11-2885358
විද්‍යුත් තැපෑල:controller@immigration.gov.lk
වෙබ් අඩවිය: www.immigration.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:09:37
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2023-05-23
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty