The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home ඉඩමි සහ ගොඩනැගිලි වල හිමිකාරිත්වයේ වෙනස්වීමි ලියාපදිංචි කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ඉඩමි සහ ගොඩනැගිලි වල හිමිකාරිත්වයේ වෙනස්වීමි ලියාපදිංචි කිරීම

PDF Print Email

ප්‍රාදේශීය සභා පනතේ 141 වගන්තියට අනුව, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පිහිටි සියළු ඉඩම් හා ගොඩනැගිලි සහ එම ඉඩම් සහ ගොඩනැගිලිවල අයිතිකරුවන් සහ කුලී
නිවැසියන් ප්‍රාදේශීය සභාවේ ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ. එමෙන්ම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සිදුවන ඉඩම් හා ගොඩනැගිලි සම්බන්ධයෙන් වන සියළුම ගනුදෙනු ප්‍රාදේශීය
සභාවේ ලියාපදිංචි කිරීම අත්‍යාවශ්‍ය වේ.

  • ලියාපදිංචිකොට නොමැති අවස්ථාවල දී කොටස්වලට කැඩීම සහ සංවර්ධනය සඳහා අවසර ලබා නොදේ.
  • එමෙන්ම ලියාපදිංචි කර නොමැති විට ගොඩනැගිලි බලපත්‍ර නිකුත් කරනු නොලැබේ.

ගාස්තුව:
දැනට රු.170/- ක පමණ මුදලක් මේ සඳහා අය කෙරෙන අතර මෙම ගාස්තුව සභා තීරණ මත වෙනස්වේ.

සැපයිය යුතු ලේඛන

  1. නොතාරිස් බලපත්‍ර හිමියෙකු විසින් සහතික කරන ලද අදාල ඉඩමෙ හෝ ගොඩනැගිල්ලේ හිමිකමි ඔප්පුවෙ පිටපතක්
  2. වරිපනම් අංකය වටිනාකම සහ ඉඩම හෝ ගොඩනැගිලි පිළීබඳ අනෙකුත් විස්තර
  3. අදාල ඉඩමේ හෝ ගොඩනැගිල්ලේ මායිම් හා ඒවා හඳුනාගන්නේ කෙසේද? යන වග
  4. ඉඩමෙ හෝ ගොඩනැගිල්ලේ හිමිකරුගේ සම්පූර්ණ නම සහ ලිපිනය
  5. ඉඩම හෝ ගොඩනැගිල්ලට හවුල් හිමිකාරිත්වයක් ඇත්නම් එම හවුල් හිමිකරුවන්ගේ නම් සහ ලිපිනයන්
  6. නොතාරිස් සහතිකය සහිත ඔප්පුවේ ලියාපදිංචි කරන ලද පිටපතක්
  7. මානක සැළැස්මේ පිටපතක්

පටිපාටිය

  1. ගාස්තුවක් ගෙවා අයදුම්පත්‍රයක් ලබා ගැනීම.
  2. අයදුම්පත්‍රය හා සැපයිය යුතු අනෙකුත් ලේඛන භාර දීම.
  3. එහිදී අයදුම්කරු ලබාදුන් තොරතුරු නිවැරදිද? යන්න තීරණය කිරීමට වරිපනම් ලේඛනය පරීක්ෂා කරනු ලැබේ.
  4. ක්ෂේත්‍ර නිරීක්ෂණයක් සිදු කිරීම.
  5. වරිපනම් ලේඛනය සංශෝධනය සඳහා අනුමැතිය දීම.
  6. වරිපනම් ලේඛනය සංශෝධනය කර අයදුම්කරුට දැනුම් දීම.

හිමිකරු අයදුමිපත්‍රය සමග ලබා දී ඇති තොරතුරු වරිපනම් ලේඛනයේ ඇති තොරතුරු හා නොගැලපෙන විට හිමිකමි වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අයදුමිකරුට දැනුමි දෙනු ලැබේ.

 

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 08:54:12
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 258
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty