The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Employment Information Pensions, EPF, ETF & Other විවාහය මත සේවයෙන් විශ්‍රාම ගැනීමේදී සේවක අර්ථ සාධක අරමුදල් ලබා ගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     '' K'' අයදුම්පත්
විවාහය මත සේවයෙන් විශ්‍රාම ගැනීමේදී සේවක අර්ථ සාධක අරමුදල් ලබා ගැනීම.

PDF Print Email

සුදුසුකම්

  • සේවයෙන් ඉවත් වූ දින සිට මාස 03 අතුලත විවාහය ලියාපදිංචි කර තිබිය යුතුයි.
  • විවාහ වූ දින සිට වසර 05 ඇතුළත සේවයෙන් ඉවත් වී තිබිය යුතුය.

සැලකිය යුතුය :- ප්‍රතිලාභ ලබා ගන්නා අවස්ථාව වන විට සේවයෙන් ඉවත් වී තිබීම අනිවාර්යය වේ.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-

ප්‍රධාන කාර්යාලයේ බිම් මහලේ ඇති කවුන්ටරයෙන් හෝ සියලු දිස්ත්‍රික් කම්කරු කාර්යාල හා උප කම්කරු කාර්යාල මඟින් ලබා ගත හැක.

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-

ගාස්තු අයකිරීමක් සිදු නොකරයි.

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

සම්පූර්ණ කරන ලද  අයදුම්පත සාමාජිකයා පදිංචි දිස්ත්‍රික්කයේ ලඟම පිහිටි දිස්ත්‍රික් හෝ උප කම්කරු කාර්යාලය වෙත සතියේ වැඩකරන දිනකදී කාර්යාල වේලාව ඇතුළත සාමාජිකයාම පැමිණ භාරදිය යුතු වේ.

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

ගාස්තු අයකිරීමක් සිදු නොකරයි.

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

සියලු ලේඛණ සම්පූර්ණ කර ඇත්නම් සති 03 ක් ඇතුළත

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

  • අවසන් සේවායෝජක විසින් සහතික කරන ලද අයදුම්පත, සාමාජික අංක වලට අදාල B කාඩ්පත්, ජාතික හැඳුනුම්පත සහ සේවා යෝජක විසින් සහතික කරන ලද ජාතික හැඳුනුම්පතෙහි පිටපතක්, බැංකුගිණුමේ පිටපතක් සහ;
  • විවාහ සහතිකය/ විවාහ ලේකම් පොතේ මුල් පිටපත හෝ අතිරේක විවාහ  රෙජිස්ට්‍රාර් සහතික කරන ලද විවාහ සහතිකයක මුල් පිටපත
  • විදේශ රටක විවාහ සහතිකයක් නම් එම  රටේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයෙන් සහතික කළ යුතුය.

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර

නම

අංශය

දුරකථනය

ෆැක්ස්

නියෝජ්‍ය කම්කරු කොමසාරිස්

පී.එච්.පී.අයි. බණ්ඩාර මිය

සේ.අ.අ. ගෙවීම් අංශය

011-2369214

011-2368904

011-2368911

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

ලියවිලි වල යම් අඩුපාඩුවක් වේ නම් අයදුම්පත භාර දෙනු ලබන කම්කරු කාර්යාලයේ නියෝජ්‍ය කම්කරු කොමසාරිස් හෝ සහකාර කම්කරු කොමසාරිස් හමුවී අදාල ගැටලු සාකච්ඡා කළ හැක.

ඉල්ලූම්පත් ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න)

labourdept.gov.lk වෙබ් අඩවිය මඟින් අවශ්‍ය ආකෘති පත්‍ර බාගත කර ගත හැක.


ආයතනයේ තොරතුරු

කම්කරු දෙපාර්තමේන්තුව

කම්කරු මහ ලේකම් කාර්යාලය,
අංක 41,
කිරුල පාර,
කොළඹ 05.


එච්.කේ.කේ.ඒ.ජයසුන්දර මයා
දුරකථන: (+94)11 2581145
ෆැක්ස් අංක:(+94)11 2581145
විද්‍යුත් තැපෑල:contacts@labourdept.gov.lk
වෙබ් අඩවිය: www.labourdept.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:38:49
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 203
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty