The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Agriculture, Livestock & Fisheries Approval & Registration පඩි, මිමි සහ මැනීමේ හෝ බර කිරීමේ උපකරණ හා නිෂ්පාදකයින් ලියාපදිංචිය.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


පඩි, මිමි සහ මැනීමේ හෝ බර කිරීමේ උපකරණ හා නිෂ්පාදකයින් ලියාපදිංචිය.

PDF Print Email

 

සුදුසුකම්

මිනුම් උපකරණ ‌‌‌මෝස්තර සදහා අනුමැතිය ලබා ඇති ඕනෑම නිෂ්පාදිතයකු සුදුසුය.

සටහන

ලියාපදිංචි සහතික දරන ඕනෑම පුද්ගලයකුට හෝ ආයතනයට සියළුම බර මිනුම් හෝ මැනීමේ උපකරණ පරීක්ෂක විසින් අනුමත කර යුතුය.


නුසුදුසු වීමේ මිනුම් දණ්ඩ

නිෂ්පාදන බලපත්‍රය පහත හෙතු මත අවලංගු වේ.

  • නිෂ්පාදිතයාගේ මරණය
  • ඔහු ආයතනයෙන් ඉවත් වීම මත
  • ශාරීරික මානසික දුබලතාවය හෝ අසනීප තත්ත්වය මත ඔහුගේ කාර්යාලය ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යාමට අදක්ෂ වූ විට.


නිෂ්පාදන සමාගමේ ක්‍රියාකාරිත්වය වසා දැමූ විටද නිෂ්පාදන බලපත්‍රය අවලංගු වේ.


ඉදිරිපත් කිරිමෙහි ක්‍රියාපරිපාටිය

අයදුම් පත ලබා ගැනීම.

  • මිනුම් උපකරණ ‌‌‌මෝස්තර අනුමැතිය ලැබුණු පසුව අයදුම්පත්රිය තැපැල් මගින් අයදුම්කරුට ලබා දේ.

අවශ්‍යය ආධාරක ලියවිලි

  • හැදුනුම්පත
  • අළුත්වැඩියා බලපත්රිය.

අයදුම්පත් භාර දීම

  • නිෂ්පාදිතයාගේ නම සහ සමාගම සඳහන් නමින් අයදුම්කරු ඉල්ලීමකට අවශ්‍යය ඉල්ලුම්කරන ලිපිය ඉදිරිපත් කලයුතුය.
  • මිනුම් උපකරණ ‌‌‌මෝස්තර අනුමැතිය ලැබුණු පසුව අයදුම්ත්‍ර දෙපාර්තමේන්තුවට ලබා දේ.

රාජකාරී දිනයන් - සදුදා සිට සිකුරාදා
විවෘත වේලාවන් - පෙ.ව.08.30-ප.ව.04.15
නිවාඩු    - සියළුම රජයේ සහ වෙළද නිවාඩු

ක්‍රියාපරිපාටිය පියවරින් පියවර

පියවර 01

නිෂ්පාදක නිෂ්පාදන කරන ද්‍රව්‍ය සහ නිෂ්පාදන සමාගමේ නම සදහන් කර ලිපියක් මගින් දෙපාර්තමේන්තුව ප්‍රධානියාගෙන් ඉල්ලුම් කරයි.

පියවර 02
දෙපාර්තමේන්තුව අදාළ දිස්ත්‍රික්කයේ කාර්යභාර නිලධාරිගෙන් අයදුම්පත්‍ර හා වැඩබිම් වාර්තාවක් ගත යුතුයි.

දිස්ත්‍රික් පරික්ෂක විසින් ක්ෂේත්‍ර අධීක්ෂණයක් කර වැඩබිම් වාර්තාව සකසයි.

පියවර 03
එම වාර්තාව දිස්ත්‍රික් පරික්ෂක දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරයි.

පියවර 04
දිස්ත්‍රික් පරික්ෂක එම වාර්තාව අනුමත කර ඇති විට දෙපාර්තමේන්තුව නිෂ්පාදනකරුට සාම්පල් රැගෙන එන ලෙසට ලිපියක් මගින් දැනුම් දේ.

පියවර 05
නිෂ්පාදනකරුගේ සාම්පල් දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂා කෙරේ.

පියවර 06
සාම්පල් අනුමත වූ විට ඉල්ලුම්පත්‍රය නිෂ්පාදනකරුට තැපැල් මගින් යවයි.

පියවර 07
නිෂ්පාදනකරු ඉල්ලුම්පත්‍ර සම්පූර්ණ කර මුද්දර අලවා දෙපාර්තමේන්තුවට තැපැල් මගින් හෝ ඔහු විසින්ම හෝ භාර දේ.

පියවර 08
එවිට නිෂ්පාදන සහතික නිකුත් කරයි.

සටහන 01
පරීක්ෂක විසින් අනුමක නොකරන ලද වාර්තාවක් ඉදිරිපත් කලවිට දෙපාර්තමේන්තුව ඒ බව නිෂ්පාදකකරුට දැනුම් දී සංශෝධන සිදු කර නැවත ඉල්ලුම් කරන ලෙසට දැනුම් දේ.

සටහන 02
දෙපාර්තමේන්තුව  අනුමත නොකල විට අධ්‍යක්ෂ සහ පාර්ශවකරු සමග සාකච්ඡා පවත්වා නිෂ්පාදන භාණ්ඩයට සිදු කල යුතු සංශෝධන අවධාරනය කර නැවත ඉල්ලුම් කිරිමට සලසයි.

සටහන 03
උපකරණය කිසියම් සංශෝධන සිදු කලවිට නිෂ්පාදනය කල අළුත් ලියාපදිංචි සහතික දෙපාර්තමේන්තුව ලබා ගත යුතුයි.


කාල නියමයන්

කාල නියමයන්

ක්‍රියාවලිය සඳහා ගතවන කාලය

කාල නියම ක්‍රියාවලිය - මාස 3-6

ඉදිරිපත් කල යුතු කාල සීමාව

ඉදිරිපත් කිරීමේ  කාල නියමයන්
අයදුම්පත ලබා ගැනීම.
අයදුම්පත ඉදිරිපත් කිරිම.
රාජකාරී දිනයන් - සදුදා සිට සිකුරාදා
විවෘත වේලාවන්: පෙ.ව.08.30-ප.ව.04.15
නිවාඩුඃ සියළුම රජයේ සහ වෙළද නිවාඩු

වලංගු  කාල නියමයන්

අවුරුදු 1 කාලයකට පමණක් වලංගු වේ. නැවත අළුත් කල යුතුය.
................................. අවශ්‍ය නැත. අදාල මුද්දර ගාස්තුව පමණක් ගෙවිය යුතු ය.  

සේවයට අදාල මිල

මිල

සේවය සදහා මිල අයදුම්කරු දැරිය යුතුය.

ගාස්තු

නිෂ්පාදනකරුගේ ලියාපදිංචි ගාස්තු

නිෂ්පාදනකරුගේ ලියාපදිංචි ගාස්තු මිල
නිෂ්පාදනය කරනු ලබන හෝ විකුණන මිනුම් උපකරණ දිග, ධාරිතාව 500.00
නිෂ්පාදන කරනු ලබන හෝ විකුණන පඩි හෝ තරාදි දඩු 500.00
නිෂ්පාදන කරනු ලබන හෝ විකුණන අනෙත් වර්ග තරාදි දඩු හැරුණු විට 1500.00

දඩ
එම වරද හා දඩ අංශය බලන්න.

අවශ්‍යය  ආධාරක ලියවිලි

  • ජාතික හැදුනුම්පත
  • අළුත් කිරිමේ බලපත්‍රය.

 සේවා වගකීම් නියමයන්

 

තනතුර නම අංශය
වැ.බ. අධ්‍යක්ෂ කේ. ප්‍රේමසිරි කුමාර ජාතික මිනුම් විද්‍යාගාරය - මිනුම් ඒකක, ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව

විශේෂ අවස්ථා

අදාල නොවේ.


ආයතනයේ තොරතුරු

Department of Measurement Units, Standards and Services ( Under Construction)

Mahenawatta,
Pitipana, 
Homagama.


Mr. R.G.S.A. Perera
දුරකථන:+94-11-2182250
ෆැක්ස් අංක:+94-11-2182259
විද්‍යුත් තැපෑල:dir@measurementsdept.gov.lk
වෙබ් අඩවිය: www.measurementsdept.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:02:23
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 276
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty