The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home පුද්ගලයින්ගේ ලියාපදිංචි කිරීම් විවාහය විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     ප්‍රකාශය
විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීම

PDF Print Email
  1. පාර්ශවකරුවන් දෙදෙනාම මුස්ලිම්වරුන් නොවන අන් සියළු දෙනාටම, විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීමේ ආඥාපනත යටතේ විවාහ විය හැක. 
  2. විවාහ දැන්වීම පිටපත් දෙකකින් යුතුව ලියා සහතික කර කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්ට භාර දෙන්න.
    1. දැන්වීම් සහතික කිරීමට බලය ඇති අය
    2. කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්
    3. සාමදාන විනිශ්චයකරුවකු
    4. ප්‍රසිද්ධ නොතාරිස්වරයකු
    5. දේවගැතිතුමකු
  3. විවාහ දැන්වීමක් භාර දීම සඳහා සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා
    1. පාර්ශවකරුවන් අදාළ කොට්ඨාශයේ පදිංචිය පිලිබඳ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම
      • විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් කොට්ඨාශයේ පදිංචිව සිටිම
      • විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් එකම කොට්ඨාශයේ නොව වෙන වෙනම කොට්ඨාශ වල පදිංචිව සිටිම.
      • පාර්ශවකරුවන්ගෙන් එක් අයකු විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, අනික් පාර්ශවය දින 10 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
      • දෙදෙනාගෙන් එක් අයකුවත් විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, එක් පාර්ශවයක් දින 04 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
    2. පාර්ශවකරුවන් දෙදෙනාම පසුගිය උපන් දිනයට වයස අවුරුදු18 සම්පූර්ණ කර තිබීම
    3. ඔවුන් විවාහවීමට තහනම් නෑදෑයන් නොවන බව   
    4. ඒ වන විටත් වලංගු විවාහයක් නොපවතින බව
  4. විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීම සඳහා දැන්වීම දී දින 14 ක් ගත විය යුතුය. එසේ දින 14 ක් ගතවිමට කළින් විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීම සඳහා හැකියාව ඇත. 
  5. කාර්යාලයෙන් පිටතදී විවාහයක් ලියාපදිංචි කරවා ගැනීම සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කළ හැකිය. 
  6. විවාහ ලියාපදිංචි කිරීමේදී රෙජිස්ට්‍රාර්ට ගෙවිය යුතූ ගාස්තූ 
  7.   කාරණය ගෙවිය යුත්තේ කාටද ගෙවනු ලබන්නේ කවුරුන්ද මුදල(රු.) මුදල ගෙවන ආකාරය 
    රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී හෝ වෙනත් යම් ස්ථානයකදී විවාහ දැන්වීමක් ඇතුලත් කිරීම රෙජිස්ට්‍රාර්  අයදුම්කරු  100.00 මුදලින් ගෙවිය යුතුය
    අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී හෝ වෙනත් යම් ස්ථානයකදී විවාහ දැන්වීමක් ඇතුලත් කිරීම  අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අයදුම්කරු 100.00 මුදලින් ගෙවිය යුතුය
    3 රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී විවාහය සිදු කිරීම රෙජිස්ට්‍රාර්  විවාහ පාර්ශවයන් 750.00  මුදලින් ගෙවිය යුතුය
    4 අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී විවාහය සිදු කිරීම අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විවාහ පාර්ශවයන් 750.00 මුදලින් ගෙවිය යුතුය
    5
     
    38(1) හෝ 38(2) වගන්ති යටතේ රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයෙන් පිටතදී විවාහය සිදු කිරීම
     
    රෙජිස්ට්‍රාර්  විවාහ පාර්ශවයන් 750.00 මුදලින් ගෙවිය යුතුය
           
    6 38(1) හෝ 38(2) වගන්ති යටතේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයෙන් පිටතදී විවාහය සිදු කිරීම අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විවාහ පාර්ශවයන් 750.00 මුදලින් ගෙවිය යුතුය
    7 27(3) වගන්තිය යටතේ විශේෂ බලපත්‍රයක් ලබාගැනීම රජයට විවාහ පාර්ශවයන් 100.00 මුදලින් ගෙවිය යුතුය
    8 ලියාපදිංචි පූජනීය ස්ථානයකදී සිදු කරන ලද විවාහයක් ලියාපදිංචි කිරීම දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විවාහ පාර්ශවයන් 750.00 මුදලින් ගෙවිය යුතුය
    9 විවාහ දැන්වීමක් පිළිබඳ රෙජිස්ට්‍රාර්වරයාගේ සහතිකය නිකුත් කිරීම රෙජිස්ට්‍රාර් විවාහ පාර්ශවයන් 100.00 මුදලින් ගෙවිය යුතුය
    10 විවාහ දැන්වීමක් පිළිබඳ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයාගේ සහතිකය නිකුත් කිරීම අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විවාහ පාර්ශවයන් 100.00 මුදලින් ගෙවිය යුතුය

 


ආයතනයේ තොරතුරු

Department of Registrar General (Under Construction)

No: 234 /A3,
Denzil Kobbakaduwa Mawatha,
Battaramulla.


Ms. Buddhika Nilanthi Ranaweera
දුරකථන:+94-11-2889488 / +94-11-2889489
ෆැක්ස් අංක:+94-11-2889491
විද්‍යුත් තැපෑල:info@rgd.gov.lk
වෙබ් අඩවිය: www.rgd.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:26:53
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 235
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty