The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home පුද්ගලයින්ගේ ලියාපදිංචි කිරීම් මරණ පෞද්ගලික රෝහලක සිදු වූ මරණයක් ලියාපදිංචි කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     ප‍්‍රකාශය
පෞද්ගලික රෝහලක සිදු වූ මරණයක් ලියාපදිංචි කිරීම

PDF Print Email
  1. මරණයක් ලියාපදිංචි කරන්නේ මරණය සිදු වූ ප‍්‍රදේශයේ සිටින උප්පැන්න හා මරණ රෙජිස්ට‍්‍රාර්වරයා විසිනි. මරණය සිදු වූයේ පෞද්ගලික රෝහලක නම්, එම ප‍්‍රදේශයේ සිටින රෙජිස්ට‍්‍රාර්වරයාට මරණය ලියාපදිංචි කිරීමට දැනුම් දෙන්න.
  2. මරණය ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,
    1. මරණය සිදුවූ වේලාවේ එහි සිටි පුද්ගලයන්
    2. මරණය සිදුවන වේලාවේ උපස්ථාන කළ පුද්ගලයා
    3. රෝහලේ වෛද්‍ය නිලධාරී
  1. මරණය දැනුම් දීම සඳහා අවශ්‍ය ප‍්‍රකාශය, උප්පැන්න හා මරණ රෙජිස්ට‍්‍රාර්වරයාගෙන් ලබාගන්න. 
  2. ඉදිරිපත් කළයුතු ලියවිලි,
    1. නිවැරදිව සම්පූර්ණ කරන ලද ප‍්‍රකාශය
    2. මරණය සිදු වූ බව තහවුරු කිරීමට රෝහලෙන් නිකුත් කළ වාර්තාව
  1. මාස 03ක කාල සීමාවක් ඇතුලතදී මරණයක් නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැක. 
  2. දැනුම් දෙන්නා වෙත නොමිලයේ මරණ සහතික පිටපතක් නිකුත් කරනු ලැබේ. 
  3. වැඩිදුර විස්තර අවශ්‍ය වන්නේ නම් ළඟම පිහිටි ප‍්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ති‍්‍රක් රෙජිස්ට‍්‍රාර්වරයා හමුවන්න.

ආයතනයේ තොරතුරු

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව

නො: 234/A3,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල.


බුද්ධිකා නිලන්ති රණවීර මිය
දුරකථන:+94-11-2889488 / +94-11-2889489
ෆැක්ස් අංක:+94-11-2889491
විද්‍යුත් තැපෑල:info@rgd.gov.lk
වෙබ් අඩවිය: www.rgd.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:26:39
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 282
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty