තේ කම්හල් ලියාපදිංචි කිරීම
සුදුසුකම් සහ අවශ්‍ය ලියකියවිලි
නව කම්හලක් ලියාපදිංචි කිරීම සඳහා
- කම්හල පවත්වාගෙන යනු ලබන ස්ථානය තමාටම අයිති වූ එකක් විය යුතු අතර ඒ බවට ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කරන ලද ලියවිල්ලක් ඉදිරිපත් කළ යුතුයි.
- ගංවතුර වලට යටත් නොවන භූමියක් බවට ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී නිර්දේශ කළ ප්‍රාදේශීය ලේකම් සහතික කරන ලද ලිපියක් ඉදිරිපත් කළ යුතුයි.
- කි.මී. 5ක වපසරියක් තුළ වෙනත් තේ කම්හලක් නොතිබිය යුතුයි.
- තේ පර්යේෂණ ආයතනය මගින් අනුමත කරන ලද ගොඩනැගිලි සහ යන්ත්‍රෝපකරණ පිළිබඳ සැලැස්මක් තිබිය යුතුයි.
- ධාරිතාවට සරිලන පරිදි හා ආශ්‍රිත අනෙක් කම්හල් වලට හානි නොවන ලෙස අමු දළු සපයා ගන්නා ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමක් තිබිය යුතුයි.
මිල දී ගත් කම්හලක් ලියාපදිංචි කිරීම සඳහා
- මිල දී ගත් තේ කම්හලේ අයිතිය ඉල්ලුම් කරුට බව සනාථ වන ඉඩම් කච්චේරියේ ලියාපදිංචි කළ දේපළ පිළිබඳ ඔප්පුව ඉදිරිපත් කළ යුතුයි.
- දළු හිමියන්ට හිඟ ගෙවීමක් ඇෙතාත් එය නිරාකරණය කරන බවට ලියවිල්ලක් හෝ එය සිදු කරන ආකාරය පිළිබඳ පැහැදිළි කිරීමක් ඉදිරිපත් කළ යුතුයි.
බද්දට ගත් කම්හලක් ලියාපදිංචි කිරීම සඳහා
- යම් කම්හලක් බදු ගැනීමට අදහස් කරන තැනැත්තා කම්හල අයිතිකරු සමග බදු ගිවිසුමකට එලඹ එම ගිවිසුම ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ (ඉඩම් කච්චේරියේ) ලියාපදිංචි කර ඉදිරිපත් කළ යුතුයි.
- කුඩා ඉඩම් හිමියන් හට ගෙවීම සඳහා අමුදළු සම්බන්ධ හිඟ මුදල් තිෙබ්නම් ඒවා පියවන බවට තේ මණ්ඩලය සමග ගිවිසුමකට එළඹිය යුතුයි.
- කම්හල බද්දට ගනුලබන්නේ සමාගමක් මගින් නම්, සමාගමට අදාල සියළු තොරතුරු (සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩලය, සමාගමේ ව්‍යවස්ථාවලිය හා සමාගම් ලියාපදිංචි සහතිකය ආදිය) සැපයිය යුතුයි.
ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
අදාල ඉල්ලුම්පත - ටී.සී. 4 දරණ ආකෘති පත්‍රය (මෙය ඉඩම අයිතිකරු/බදු ගත් තැනැත්තා විසින්ම පිරවිය යුතුයි)
ඉල්ලුම්පත් ලබා ගත හැකි ස්ථාන - ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ තේ කොමසාරිස් අංශයේ ප්‍රධාන කාර්යාලයෙන් සහ ගම්පොළ, හැටන්, බණ්ඩාරවෙල, රත්නපුර, මතුගම, ගාල්ල සහ මාතර යන නගර වල පිහිටි ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාල වලින්
ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු - කිසිම ගාස්තුවක් අය නොකෙරේ.
ඉදිරිපත් කළ යුතු වේලාවන් - සතියේ දිනවල වැඩකරන වේලාව තුලදී ඉදිරිපත් කළ හැක. (පෙ.ව.8.30 සිට ප.ව.4.15 දක්වා) නැතහොත් තැපෑලෙන් එවිය හැක.
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු - නව ෙත් කම්හලක් ලියාපදිංචි කිරීමේ ගාස්තුව රු.10,000/- කි.
සැ.යු. - මෙම ගාස්තුව මිල දී ගත් හෝ බද්දට ගත් තේ කම්හලක් ලියාපදිංචි කිරීම සඳහා අය නොකෙරේ.
සේවාව ලබා දීමට ගත වන කාලය - ඉල්ලුම්පත නිවරැදිව සම්පූර්ණ කර ඉදිරිපත් කර ඇත්නම් (යළි යළිත් නිවැරදි කිරීම් කිරීමට අවශ්‍ය නොවන නිසා) මාසයක් ඇතුළත ලියාපදිංචිය ලැබේ.
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තේ කොමසාරිස්
තේ කොමසාරිස් අංශය - ප්‍රධාන කාර්යාලය
අංක. 574, ගාලු පාර, කොළඹ 3.
දුර : 011-2580152
ෆැක්ස් : 011-2580161
විද්‍යුත් තැපෑල : teacomm@pureceylontea.com
සහකාර තේ කොමසාරිස් - ප්‍රාදේශීය කාර්යාලය, ගම්පොළ
140, අඹගමුව පාර, ගම්පොළ.
දුර./ෆැක්ස් : 081-2352279
විද්‍යුත් තැපෑල : TCGampola@pureceylontea.com
සහකාර තේ කොමසාරිස් - ප්‍රාදේශීය කාර්යාලය, ගාල්ල.
20, පහළ ඩික්සන් පාර, ගාල්ල.
දුර./ෆැක්ස් : 091-2232052
විද්‍යුත් තැපෑල : ATCGalle@pureceylontea.com
සහකාර තේ කොමසාරිස් - ප්‍රාදේශීය කාර්යාලය, රත්නපුර.
61/1, නව නගරය, රත්නපුර.
දුර./ෆැක්ස් : 045-2222136
විද්‍යුත් තැපෑල : ATCRatnapura@pureceylontea.com
සහකාර තේ කොමසාරිස් - ප්‍රාදේශීය කාර්යාලය, මාතර.
අංක 3, විජේතුංග ඇවනිවු,
සිරිමංගල පාර, මාතර.
දුර./ෆැක්ස් : 041-2222636
විද්‍යුත් තැපෑල : ATCMatara@pureceylontea.com
සහකාර තේ කොමසාරිස් - ප්‍රාදේශීය කාර්යාලය, බණ්ඩාරවෙල.
විශාඛා මාවත, නව බදුල්ල පාර, බණ්ඩාරවෙල.
දුර./ෆැක්ස් : 057-2222812
විද්‍යුත් තැපෑල : ATCBandarawela@pureceylontea.com
සහකාර තේ කොමසාරිස් - ප්‍රාදේශීය කාර්යාලය, හැටන්.
නොරිස්ලෑන්ඩ්, අඹගමුව, ගිනිගත්හේන.
දුර./ෆැක්ස් : 060-2519970
විද්‍යුත් තැපෑල : ATCHatton@pureceylontea.com
සහකාර තේ කොමසාරිස් - ප්‍රාදේශීය කාර්යාලය, මතුගම.
281, අගලවත්ත පාර, මතුගම.
දුර./ෆැක්ස් : 034-2247444
විද්‍යුත් තැපෑල : ATCMathugama@pureceylontea.com
ආයතනයේ තොරතුරුශ්රී ලංකා තේ මණ්ඩලය
අංක 574,
ගාලු පාර,
කොළඹ 3
දුරකථන:+ 94-11-2587814 / + 94-11-2587773 ෆැක්ස් අංක:+94 112 123 456 විද්‍යුත් තැපෑල:teaboard@pureceylontea.com වෙබ් අඩවිය: www.srilankateaboard.lk
|