The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home සමස්ථ පුරාවිද්‍යාත්මක උරුමය පිළිබඳ පර්යේෂණ කැණීම් මෙහෙයවීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


සමස්ථ පුරාවිද්‍යාත්මක උරුමය පිළිබඳ පර්යේෂණ කැණීම් මෙහෙයවීම.

PDF Print Email

මේ අනුව කැණීම් අංශය දිවයිනේ කැණීම් පරීක්ෂණ කිරීමේ උපරිම නියාමක ආයතනය වශයෙන් කටයුතු කරයි.

කැණීම් අංශයේ කාර්යභාරය කෙටියෙන් පහත දැක්වේ.

01. පර්යේෂණ කැණීම් කටයුතු

දිවයිනේ ඓතිහාසික , මූල ඓතිහාසික , මධ්‍ය හා මෑත ඉතිහාසයට අදාල පර්යේෂණ කටයුතු මෙහෙයවීම.

02. හානි ඇගයීම් කැණීම් කටයුතු මෙහෙයවීම.

පසුව අවශ්‍ය නම් සිදුකළ යුතු කැණීම් කටයුතු

03. පූජනීය ස්ථාන සංරක්ෂණයට පෙරාතුව සිදු කෙරෙන පාදා ගැනීමේ කැණීම් කටයුතු මෙහෙයවීම.

අනුමත ව්‍යාපෘති සැළසුම් වලට අනුව සිදු කෙරෙන ඔනෑම කැණීමක් මෙහෙය වීම ක්ෂේත්‍ර අධ්‍යක්ෂවරුන් විසින් සිදු කරනු ලැබේ. එහිදී සිය ක්ෂේත්‍ර වාර්තා තබාගැනීම සහ පවත්වාගෙනයාම කාලනිර්ණය සඳහා නියැදි එක් රැස් කිරීමක් එම නියැදි අදාල රසායනාගාර වෙත යැවීමට පියවර ගැනීමත් සිදුකෙරේ. ක්ෂේත්‍ර අවස්ථාවලින් පසු කැණීමෙන් ලබාගත් සියළු මානව කෘති  (ශිලා මෙවලම්, වළං කටු, මිනිස් සහ සත්ව අවශේෂ, පබඵ, කාසි යනාදිය) මූලික වර්ග කිරීමට ලක් කිරීම සහ පිළිගත් ක්‍රම වේදයන් ඔස්සේ විශ්ලේෂණය කොට කැණීම් වාර්තා ප්‍රකාශයට පත් කිරීම සිදු කරයි.

සංරක්ෂණය සඳහා යොමු කෙරෙන මානව කෘති අනතුරුව ගබඩා කිරීම සහ මහජන දැනුම ප්‍රවර්ධනය කිරීම උදෙසා කෞතුකාගාර ඔස්සේ ප්‍රදර්ශනය කෙරේ.

මේ වන විට සිදු කෙරෙන කැණීම් ව්‍යාපෘති වශයෙන්

  1. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා ජර්මනියේ බර්ලින් විශ්ව විද්‍යාලය  සමග සිදු කෙරෙන අනුරාධපුර ඇතුල්නුවර පර්යේෂණ කැණීම.
  2. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ජර්මනියේ "කාවා" ව්‍යාපෘතිය එක්ව කරන තිස්සමහාරාම සර්වෝදය වත්ත කැණීම දැක්විය හැකිය.

කැණීම් ස්ථාන නැරඹීමේ පහසුව

ඔනෑම අයෙකුට විවෘතව පවතින අතර අධ්‍යාපනික අවශ්‍යතා සඳහා විස්තර ලබාගැනීම හා ඡායාරූප ලබාගැනීමට ව්‍යාපෘති අධීක්ෂකගේ අවසරය අත්‍යවශ්‍ය වේ.

කැණීම් බලපත්‍ර ලබාගැනීම

ප්‍රධාන කාර්යාලයේ කැණීම් අංශය මගින් පමණක් නිකුත් කෙරෙන නියමිත ආකෘති පත්‍රය සම්පූර්ණ කොට අදාළ ව්‍යාපෘති යෝජනාව සමගින් ඉදිරිපත් කළ හැකිය.

උපදේශක සේවා සහ අධ්‍යාපනික අවශ්‍යතා සඳහා තොරතුරු ලබාගැනීමට

ප්‍රධාන කාර්යාලය,  
ආචාර්ය නිමල් පෙරේරා.
දුරකථන +94-11 - 2696808      
ෆැක්ස් +94-11-2696250 


ආයතනයේ තොරතුරු

Department of Archaeology

Sir Marcus Frenando Mawatha,
Colombo 07.


Ms Preethika rodrigo
දුරකථන:+94 11 2 692840 / 41
ෆැක්ස් අංක:+94 11 2 696514
විද්‍යුත් තැපෑල:info@archaeology.gov.lk
වෙබ් අඩවිය: www.archaeology.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:10:51
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 201
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty