The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Justice, Law & Rights Legal Assistance වැඩිහිටියන් සඳහා නීති ආධාර
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


වැඩිහිටියන් සඳහා නීති ආධාර

PDF Print Email

වැඩිහිටි ඒකකය

ශ්‍රී ලාංකික ජනගහනයෙන් මිලියන 2.3 ට අධික පිරිසක් වයස අවුරුදු 60 ඉක්මවූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙති.මෙම ප්‍රමානය ශ්‍රී ලාංකාවෙ ඡන්දදායක ප්‍රතිශතයන් වේ. පුළුල් දැනුමෙන් හා මනා පලපුරුද්දෙන් යුක්ත මෙම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් රටක් සතු මහඟු සම්පතකි. මෙම වටිනා සම්පත ඥානාන්විත ආකාරයට රටේ සංවර්ධන ක්‍රියාවලියට යෙදවිය හැක.


සියළු දේශපාලන පක්ෂවල සහයෝගය ඇතිව සම්මත වූ 2000 අංක 9 දරණ වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විසින් ඉදිරිපත් කරන ලද අභියෝගවලට පිලිගැනීමක් දෙන ලද ප්‍රථම අවස්ථාව ලෙස සැලකිය හැක.කෙසේ වෙතත් මෙම නීතිය යටතේ පිහිටුවන ලද වැඩිහිටි ජාතික සභාව මගින් වැඩිහිටි කමිටු 6500 ක් පිහිටුවන ලද අතර එමගින් වැඩිහිටියන් සම්බන්ධයෙන් රැකියා වැඩසටහන් වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය සම්පත් හා පහසුකම් සපයා දෙනු ඇත.


ග්‍රාමීය මට්ටමේ වැඩිහිටි කමිටු ඉතාමත් සාර්ථක ලෙස සැලකිය හැක්කේ වැඩිහිටියන් විසින්ම ඔවුන් වෙනුවෙන් වැඩසටහන සංවිධානය කරන බැවිනි. කෙසේ වෙතත් වැඩිහිටි කමිටු සංවිධාන වැඩිහිටියන්ගේ දැනුම පලපුරුද්ද ප්‍රයෝජනයට ගෙන නොමැතිව ඔවුන් සතුව ඇති හැකියාවන් රටේ සංවර්ධනයට දායක කර ගතහැකිවන පරිදි නැවත ප්‍රතිසංවිධානය කල යුතුය.


ගෝලීයකරණයට හසුවූ තරුණ පරපුරට වඩා වැඩිහිටියන්  මානව හරයන් කෙරෙහි වැඩි ගෞරවයක් දක්වන බැවින් ලෝකයේ අනෙකුත් රට වල මෙන් ප්‍රාථමික පාසල් ගුරුවරුන් ලෙස වැඩිහිටියන්ගේ සේවය ලබාගත හැක.


ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ වැඩි හිටි ඒකකය මගින් පහත සඳහන් කාර්යයභාරයන් ඉටු කරනු ඇත.


  • වැඩිහිටියන්ගේ නඩත්තු, රිය අනතුරු වන්දි, දේපල අහිමිවීම්, විශ්රා්ම වැටුප් සහ මූලික අයිතිවාසිකම් සම්බන්ධ නඩුකටයුතු සඳහා නීති ආධාර ලබා දේ.
  • වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් හා නීතිය පිලිබඳව දැනුවත් කිරීම සඳහා වැඩිහිටි නිවාස හා දිවා සුරැකුම් මධ්යනස්ථාන ආශ්රිාත උපදේශන සේවාවන් මෙහෙයවීම යන වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් සහ වැඩිහිටි නීතිය පිලිබඳ ග්රාතම නිලධාරීන් හා සමාජ සේවා නිලධාරීන් හා පාසල් සිසුන් දැනුවත් කරීම.
  • වැඩිහිටි මහලේඛම් කාර්යාලය හා මහජන බැංකුව සමග වැඩිහිටියන් දැනුවත් කරීම සඳහා වැඩසටහන් පැවැත්වීම.
  • 2000 අංක 9 දරණ පනත යටතේ ඔවුනට නියමිත අයිතිවාසිකම් දිනාගැනීම සඳහා නීති ආධාර සැපයීම.
  • වැඩිහිටි නීති ඒකකය භාර නීති නිලධාරිනී නීතීඥ පියුමි කුමාරි මහත්මිය වැඩිහිටි වැඩසටහන් සංවිධානය කිරීම සඳහා වැඩිහිටි ජාතික මහලේඛම් කාර්යාලය සමඟ කටයුතු කරනු ලබයි. එසේම ඇය විසින් වැඩිහිටියන්ට ස්වකීය අයිතිවාසිකම් සම්බන්ධ ගැටළු වලදී සහ වැඩිහිටි භාවය මත සිදුවන අපයෝජන හිංසාවන් සම්බන්ධයෙන් උපදෙස් ලබාදෙනු ඇත.



ආයතනයේ තොරතුරු

Legal Aid Commission of Sri Lanka

No 129,
Hulftsdorp Street,
Colombo 12.



දුරකථන:+94 115 335 329/ +94 115 335 281
ෆැක්ස් අංක:0094-11-2433618
විද්‍යුත් තැපෑල:legalaid@sltnet.lk
වෙබ් අඩවිය: www.legalaid.gov.lk

අදාළ සේවා

නීති ආධාර ලබා ගැනීම

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 09:07:05
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 243
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty