වරිපනම් බදු අයකිරීමෙ ක්‍රියා පිළිවෙත
වරිපනම් බදු අයකරනු ලබන්නේ 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරී පනත යටතේ යම් ප්‍රදේශයක් /සංවර්ධන ප්‍රදේශයක්/ වශයෙන් ප්‍රකාශයට පත්කළ විටය.
වරිපනම් බදු ගෙවීම සඳහා සුදුසුකම්
තම දේපල ප්‍රාදේශීය සභා සීමාව තුල පිහිටා ඇති විට.
පහත දැක්වෙන ආකාරයන්ට අයත් ඉඩමක හෝ ගොඩනැගිල්ලක පදිංචිකරුවෙකු වීම.
- ප්‍රාදේශීය සභා සීමාව තුල පිහිටි නිශ්චල දේපලක හිමිකරුවෙකු වීම.
- ප්‍රාදේශීය සභා සීමාව තුල පිහිටි නිවසක, ගොඩනැගිල්ලක හෝ ඉඩමක කුලී හිමියා වීම.
- ප්‍රාදේශීය සභා සීමාව තුල පිහිටි රජයට අයත් නිවසක, ගොඩනැගිල්ලක හෝ ඉඩමක හිමිකරු වීම.
- ප්‍රාදේශීය සභා සීමාව තුල පිහිටි නිශ්චල දේපලක හවුල් හිමිකරුවෙකු (සම හිමිකරුවෙකු) වීම.
මෙහිදී
- තම දේපලෙහි වටිනාකමින් 7% ක් වරිපනම් බදු වශයෙන් ගෙවිය යුතු වෙයි.
- අදාල වර්ෂයේ මුල් මාසය තුල වරිපනම් බදු ගෙවීමේ දී 10% ක වටිටමක් අයිතිකරු වෙත හිමිවේ.
- කාර්තුවක් සඳහා ගෙවිය යුතු මුදල අදාල කාර්තුවෙ පළමුවන මාසය තුල දී ගෙවනු ලැබුව හොත් 5% ක වටිටමක් පිරිනමනු ලැබේ.
- එසේ නොමැති නම් අදාල වර්ෂය තුල කාර්තු 4 ක් සඳහා කාර්තුවෙන් කාර්තුව වුවද වරිපනම් බදු ගෙවීමේ හැකියාව ඇත .
- වරිපනම් බදු ක්‍රියාත්මක වන පෙදෙසක බිම් කොටසක් මිලයට ගන්නා අයෙකු ඒ සඳහා නව වරිපනම් අංකයක් ලබාගත යුතු වෙයි.(ඔප්පු සාරාංශයක් ඉදිරිපත් කිරීමෙන්)
- දැනට වරිපනම් අංකයක් හිමි අයෙකුගේ සම්පූර්ණ දේපල පවරා ගන්නා අයෙකු නම් ඔප්පු සාරාංශයක් ඉදිරිපත් කර ප්‍රාදේශීය සභා වරිපනම් ලේඛනයේ නම ඇතුලත් කර ගත යුතුය.
- වරිපනම් ලේඛනයේ නම සංශෝධනය කිරීමට හෝ නව වරිපනම් අංකයක් ලබා ගැනීමට අදාල ඔප්පු සාරාංශ පෝරමය රු. 168/- ක් ගෙවා ප්‍රාදේශීය සභා කාර්යාලයෙන් ලබාගත හැක.
- එම ඔප්පු සාරාංශ පෝරමය තම ඔප්පුව ඉදිරිපත් කර නොතාරිස්වරයෙකු ලවා පුරවා සහතික කරගත යුතුවෙති.
- එසේ පුරවාගත් පෝරමය එහි පිටපතක් ද සහිතව මිනින්දෝරු සැළැස්මෙහි පිටපත් දෙකක් හා ඔප්පුවෙහි පිටපත් 2 ක් සමග කාර්යාලය වෙත ඉදිරිපත් කළ යුතු වේ.
- එවිට ඔබේ නම වරිපනම් ගෙවන්නෙකු වශයෙන් ලේඛනගත වේ.
මෙ පිළිබඳ වැඩිදුර තොරතුරු සභාවේ වරිපනම් අංශයෙන් ලබා ගත හැක.
දැනට වරිපනම් බදු අයකර ගනු ලබන ග්‍රාම නිලධාරී කොටිඨාශ
හබරකඩ උතුර (කොටසක්) |
සිද්ධමුල්ල දකුණ |
හබරකඩවත්ත |
සිද්ධමුල්ල උතුර |
ගැහැණුවල (කොටසක්) |
කුඩමාදුව |
මීගොඩ උතුර (කොටසක්) |
දීපංගොඩ |
පනාගොඩ නගරය |
කිතුලහේන |
ගොඩගම උතුර |
සංඝාරාම |
ගොඩගම දකුණ |
රිලාවල |
පිටිපන නගරය |
සියඔලාගොඩ උතුර |
පිටිපන උතුර (කොටසක්) |
සියඔලාගොඩ දකුණ |
කිරිෙබ්රියකැලේ (කොටසක්) |
වෑතර |
හෝමාගම උතුර |
රිලාවල |
හෝමාගම දකුණ |
රිලාවල |
හෝමාගම නැගෙනහිර |
හෙරලියාවල |
හෝමාගම බටහිර |
පාලාගම |
හෝමාගම නගරය |
උන්දුරුගොඩ |
කටුවාන (කොටසක්) |
වෙනිවැල්කොළ |
ගලවිලවත්ත දකුණ |
කහතුඩුව උතුර |
ගලවිලවත්ත උතුර |
කහතුඩුව දකුණ |
මාදුලාව උතුර (කොටසක්) |
කහතුඩුව බටහිර |
ලියන්වල (කොටසක්) |
කහතුඩුව නැගෙනහිර |
මත්තෙගොඩ මධ්‍ය. බී |
කිරිවත්තුඩුව උතුර |
මත්තෙගොඩ බටහිර |
කිතුලවිල |
මත්තෙගොඩ මධ්‍ය. ඒ |
මූණමලේ |
මත්තෙගොඩ නැගෙනහිර |
ලියන්වල (කොටසක්) |
මත්තෙගොඩ නැගෙනහිර |
මාදුලාව උතුර (කොටසක්) |
කිරිගම්පමුණුව |
මාගම්මන නැගෙනහිර |
දියගම නැගෙනහිර |
මාගම්මන බටහිර |
දියගම බටහිර |
- |
ආයතනයේ තොරතුරුහෝමාගම ප්‍රාදේශීය සභාව
ප්‍රාදේශීය සභාව
හෝමාගම
දුරකථන: ෆැක්ස් අංක: විද්‍යුත් තැපෑල: වෙබ් අඩවිය:
|