1946 අංක 12 දරන විනෝද බදු ආඥා පනතට අනුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක් තුල සිදු කෙරෙන සියළු මහජන සංදර්ශනයන් විනෝද බද්ද ගෙවීමට බැඳී සිටී. මෙම බද්ද සියළු
මහජන සංදර්ශනයන්ගේ ප්‍රවේශපත්‍ර තුල අඩංගු වන අතර ආගමික, අධ්‍යාපනික හා පුණ්‍ය කටයුතු සඳහා වන දර්ශනයන් හැර සෙසු සියළු මහජන සංදර්ශනයන්ගෙන් මෙය අයකරගනු ලැබේ.
ගාස්තුව
- විනෝද බද්ද ලෙස අයකරගනු ලබනුයේ ආදායමෙන් 10% ක ප්‍රතිශතයකි.
- මහජන සංදර්ශනයන් පිළිබඳ වගකීම දරණ තැනැත්තා/තැනැත්තන් මෙය ප්‍රවේශ පත්‍රයේ මිලට ඇතුලත් කරනු ලබයි.
පටිපාටිය
- ප්‍රාදේශිය සභා සභාපතිගේ මුද්‍රාව සියළුම ප්‍රවේශපත්‍රවල යොදා තිබිය යුතුය.
- සිනමා ශාලා නොවන අනෙකුත් සංදර්ශණ සඳහා මෙම මුද්‍රාව තැබීමේ දී අදාල බදු මුදල් ප්‍රාදේශීය සභාව වෙත ගෙවිය යුතු වේ. මෙය ආරක්ෂණ මුදලක් ලෙස තබා ගන්නා අතර සංදර්ශනය අවසානයේ දී නොවිකිණුනු ටිකට්පත් සඳහා අයකරගත් මුදල ආපසු ලබා දෙනු ලැබේ.
- මහජන සංදර්ශනය පිළිබඳ වගකීම දරණ තැනැත්තා / තැනැත්තන් අලෙවි වූ ප්‍රවේශපත්‍ර පිළිබඳ දෛනික වාර්තාවක් තබාගත යුතුය.
- එක් එක් දර්ශනය සඳහා අලෙවි වූ ටිකට් පත්‍ර සභාවේ ආදායම් පරීක්ෂක/ ආදායම් පරිපාලක විසින් පරීක්ෂාවට ලක් කෙරේ.
- සිනමා දර්ශන සඳහා දෛනික වාර්තාව අනුව අලෙවි වූ ටිකට්පත් සංඛ්‍යාව සළකා බලා ගෙවිය යුතු ආදායමෙන් 10% ක බදු මුදල දෛනිකව අයකරගනු ලැබේ.
විනෝද බදු ගෙවීම පැහැර හැරියහොත් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරිය හැක.
ආයතනයේ තොරතුරුහෝමාගම ප්‍රාදේශීය සභාව
ප්‍රාදේශීය සභාව
හෝමාගම
දුරකථන: ෆැක්ස් අංක: විද්‍යුත් තැපෑල: වෙබ් අඩවිය:
|