1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත හා එම පනත යටතේ නිර්මාණය කරන ලද අනු නීති අනුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක් ඇතුලත තනි වෙළඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබන සියළු දෙනා එම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගෙන් වෙළඳ බලපත්‍රයක් ලබාගත යුතුය. නැතහොත් බද්දක් ගෙවිය යුතුය.
ව්‍යාපාර
- සාමාන්‍ය ව්‍යාපාරයන්
- අනතුරුදායක ව්‍යාපාරයන්
- වරදකාරී ව්‍යාපාරයන්
- අනතුරුදායක හා වරදකාරී ව්‍යාපාරයන්
වශයෙන් ප්‍රාදේශීය සභා පනතට අනුව වර්ගීකරණය කර ඇත.
වෙළඳ බලපත්‍රයක් අවශ්‍යවන අයදුමිකරු ප්‍රාදේශීය සභා සීමාව තුල අනතුරුදායක, වරදකාරී, අනතුරුදායක හා වරදකාරී ව්‍යාපාරයක් පවත්වාගෙන යන හෝ පවත්වාගෙන යාමට අපේක්ෂා කරන අයෙකු විය යුතුය.බලපත්‍රයක් වෙනුවට බදු ගෙවිය යුතු ව්‍යාපාරයන් ප්‍රාදේශීය සභාව විසින් අර්ථකථනය කළ යුතුය, මෙම ව්‍යාපාරයන් ගැසටිපත්‍රයේ 4 වන කොටසේ පල කරනු ලැබේ.
ගාස්තුව
- රු, 100,000.00 ට අඩු මුදලක් (ව්‍යාපාරයේ වාර්ෂීක වටිනාකම මත) වෙළඳ බලපත්‍ර ගාස්තුව ලෙස අයකරනු ලබයි.
- ප්‍රාදේශීය සභා පනතේ 149 වන වගන්තියට අනුව ව්‍යාපාරයන්ගෙන් වාර්ෂික වටිනාකම පදනමි කරගෙන පහත සඳහන් ආකාරයට බදු අයකර ගනු ලබයි.
වටිනාකම රු.75000.00 නොඉක්මවීම |
- |
රු. |
500.00 |
වටිනාකම රු. 75000.00 - 150000.00 අතර |
- |
රු. |
750.00 |
වටිනාකම රු. 150000 .00ට වැඩි |
- |
රු. |
1000.00 |
- බලපත්‍රයක් ලබා නොගතයුතු ව්‍යාපාර සමිබන්ධව ව්‍යාපාර බද්දක් අයකර ගනු ලැබේ.
පටිපාටිය
- ප්‍රාදේශිය සභා සීමාව තුල පිහිටි සියළු ම වෙළඳ ව්‍යාපාරයන් වෙත ගොස් අයදුමිපත් ලබා දීම.
- සමිපූර්ණ කරන ලද අයදුමිපත්‍ර එකතු කිරීම.
- අයදුමිකරු සපයන ලද තොරතුරු වල වලංගු භාවය පරීක්ෂා කිරීම.
- මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ අනුමැතිය සඳහා යොමු කිරීම.
- ක්ෂේත්‍ර නිරීක්ෂණයක් සිදු කිරීම.
- අඩු පාඩු නොමැති විට බලපත්‍රය සඳහා නිර්දේශ කෙරේ.
- බලපත්‍ර ගාස්තු අයකර ගැනීමෙන් අනතුරුව බලපත්‍රය නිකුත් කෙරේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ අනුමැතිය නොලැබුණු විට,
- අයදුමිපත්‍රයේ ඇති අඩුපාඩු සඳහන් කරමින් අයදුමිකරු වෙත ලිපියක් එවනු ලැබේ.
- එකී අඩුපාඩු නිවැරදි කර ප්‍රාදේශීය සභාව වෙත දැනුමි දිය යුතුය.
- නැවත සිදු කරනු ලබන ස්ථානීය පරීක්ෂණය කින් පසු ව්‍යාපාරය සියළු සෞඛ්‍ය නීති හා කොන්දේසි සපුරා ඇත්නමි අනුමැතිය ලබා දී බලපත්‍රය නිකුත් කිරීමට කටයුතු සළසනු ලබයි.
වෙළඳ බලපත්‍රයක් ලබා නොගන්නා විට,
- වෙළඳ බලපත්‍රයක් ලබා ගන්නා ලෙස ව්‍යාපාරයේ හිමිකරුට අනතුරු අගවනු ලැබේ.
- දැන්වීම සිදුකොට දින 07 ක් ඇතුලත බලපත්‍ර ලබානොගත්තේ නමි මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ නඩු පවරනු ලැබිය හැක.
වෙළඳ බදු ගෙවීමේ පටිපාටිය
- නගර සභා සීමාව තුල පිහිටි සියළුම ව්‍යාපාරික ස්ථානයන් වෙත අයදුමිපත්‍රයක් නොමිලේ ලබාදෙනු ලැබේ.
- අයදුමිපත් නැවත එකතු කරගනු ලැඛෙ.
- ව්‍යාපාරයන්ගෙන් පහත සඳහන් ආකාරයට බදු අයකරගනු ලැඛෙ.
වාර්ෂික වටිනාකම රු.75000.00 නොඉක්මවන |
- |
රු. |
500.00 |
වාර්ෂික වටිනාකම රු. 75000.00 - 150000.00 අතර |
- |
රු. |
750.00 |
වාර්ෂික වටිනාකම රු. 150000.00 ට වැඩි |
- |
රු. |
1000.00 |
- බදු ගෙවීමෙන් අනතුරුව ඒ සඳහා වන රිසිටිපත ලබාගත යුතුය.
- මෙම බද්ද තීරණය කරනු ලබනුයේ.
- ව්‍යාපාරයේ වාර්ෂික වටිනාකම
- වෙළදාම
- රැස්වන ලාභය
- ව්‍යාපාර මගින් සපයනු ලබන නිෂ්පාදනයන්ගේ අත්‍යාවශ්‍යතාවයේ මටිටම.
වෙළඳ බදු නොගෙවීමේ දී
- ව්‍යාපාරයේ හිමිකරුට දැන්වීමක් නිකුත් කරනු ලැබේ
- දැන්වීමට ප්‍රතිචාර දක්වමින් ගෙවීමක් සිදු නොකරන විට මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පැවරිය හැක.
ආයතනයේ තොරතුරුහෝමාගම ප්‍රාදේශීය සභාව
ප්‍රාදේශීය සභාව
හෝමාගම
දුරකථන: ෆැක්ස් අංක: විද්‍යුත් තැපෑල: වෙබ් අඩවිය:
|