මෙම බල ප්‍රදේශය නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පළාත් සභා මන්ත්‍රීවරුන් වෙත වාර්ෂිකව ලැඛෙන ප්‍රතිපාදන වලින් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය වෙත වෙන් කෙරෙන අරමුදල් වලට අදාල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ බලධාරිත්වය හිමිවන්නේ ප්‍රාදේශීය සභාවටය. එමේන්ම මහජන ඉල්ලීමි මත සභාවෙ යෝජනා සම්මතයකින් අනතුරුව සභාවෙ පොදු අරමුදල් යොදා ගනිමින් සිදු කෙරෙන විවිධ ව්‍යාපෘතීන් ද ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක කෙරේ. තවද ජාතික සවිය ගම නැගුම හා මග නැගුම යටතේ බල ප්‍රදේශය තුල ක්‍රියාත්මක කරනු ලබන විවිධ ව්‍යාපෘතීන් ද ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක කෙරේ.
මෙහිදී ප්‍රාදේශීය සභාවට අයත් සියළුම.
- මාර්ග
- පොදු ළිං
- ප්‍රජා ශාලා
- පුස්තකාල
- ආදාහනාගාර
- ක්‍රීඩා පිටි
- ක්‍රීඩාගාර
- පැති බැමි
- වෙළඳපල ගොඩනැගිලි
- සභාවට අයත් අනෙකුත් පොදු ගොඩනැගිලි
ආදියෙහි ඉදිකිරීම හා නඩත්තු කරමින් පවත්වාගෙන යාම ප්‍රාදේශීය සභාව මගින් සිදුකෙරේ. එමෙන් ම කාලීන වශයෙන් වැදගත්වන විවිධ සංවර්ධන ව්‍යාපෘතීන් සකස්කොට ක්‍රියාත්මක කිරීම ද මෙම ප්‍රාදේශීය සභාව මගින් සිදුකරනු ලබයි.
ආයතනයේ තොරතුරුහෝමාගම ප්‍රාදේශීය සභාව
ප්‍රාදේශීය සභාව
හෝමාගම
දුරකථන: ෆැක්ස් අංක: විද්‍යුත් තැපෑල: වෙබ් අඩවිය:
|