ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පිහිටි ඉඩමි කොටසක් මූල්‍ය ආයතනයකට උකස් කර ණයක් ලබා ගැනීමේ දී එම ඉඩමට ප්‍රාදේශීය සභාව මගින් නිකුත් කරනු ලැබූ වීථි රේඛා සහතිකයක් අවශ්‍ය වේ. මෙම සහතිකයෙහි ඇති වැදගත්කම වනුයේ වීථි රේඛා කඩ කොට ඉදිකර ඇති ගොඩනැගිලි සමිබන්ධයෙන් කටයුතු කිරීමට ප්‍රාදේශීය සභාවට බලය තිබීමයි.
සුදුසුකමි
- අදාල ගොඩනැගිල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පිහිටා තිබිය යුතුය.
- එම දේපල වරිපනමි ලේඛණයේ ලියාපදිංචි කර තිබිය යුතුය.
මේ සඳහා
- රු.379.00 ක මුදලක් ගෙවා අයදුමිපතක් ප්‍රාදේශීය සභා කාර්යාලයේ වරිපනමි අංශයෙන් ලබා ගත යුතුවේ.
- අයදුමිපත, ඉඩමේ සැළැස්මේ මුල් පිටපත හා පිටපත් දෙකක් සමග ඉදිරිපත් කළ යුතුය.
- එහිදී අයදුමිකරු බදු, බලපත්‍ර ගාස්තු හෝ වෙනත් අදාල ගෙවිමක් හිග තැබීමක් කොට නොමැති බවට තහවුරු කරගත යුතුවේ.
- එසේ හිග තැබීමක් කර ඇති විටක එම මුදල් ගෙවිය යුතුවේ.
- අයදුමිකරු විසින් ඉදිරිපත් කරන ලද සැළැස්මෙ මුල් පිටපත් වල හා අනු පිටපත් වල වීථි රේඛා සළකුණු කිරීමෙන් අනතුරුව වීථි රේඛා සහතිකය නිකුත් කරනු ලැබේ.
ආයතනයේ තොරතුරුහෝමාගම ප්‍රාදේශීය සභාව
ප්‍රාදේශීය සභාව
හෝමාගම
දුරකථන: ෆැක්ස් අංක: විද්‍යුත් තැපෑල: වෙබ් අඩවිය:
|