The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


පර්යේෂණ කවය

PDF Print Email

පහත සදහන් අරමුණු ඉටු කරගැනීම සදහා පර්යේෂණ කවය ක්‍රියාකරයි.

අරමුණ 1

තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන හා පුහුණු ක්ෂේත්‍රයේ ගැටළු සඳහා පිළිතුරු ලබාගැනීමට කරනු ලබන පර්යේෂණ දිරිමත් කිරීම

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ තිබෙන ගැටළු ගැඹුරින් අධ්‍යයනය කිරීම සඳහා පර්යේෂණ කටයුතු සිදුවන බව පෙනීයයි.  එසේ වුවද, තෘතීයික හා වෘත්තීය අධ්‍යාපනය හා පුහුණු ක්ෂේත්‍රයේ කෙරෙන්නේ ඉතා අල්ප පර්යේෂණ ප්‍රමාණයකි. එබැවින්, වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ පර්යේෂණ පැවැත්වීම සඳහා අවශ්‍ය පහසුකම් හා දිරිදීමනා ලබාදීම වැදගත් වේ. පර්යේෂණ කටයුතු සදහා ලබාදී ඇති ප්‍රමුඛතාවය අඩු බැවින් වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ පර්යේෂණ කෙරෙන්නේ අවම මට්ටමකය. වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ පර්යේෂණ හරහා ප්‍රතිපත්ති සැලසුම් කිරීම වඩා ශක්තිමත් කිරීම සදහා පර්යේෂණ යොමු කිරීම වැදගත්ය. ඒ අනුව, ආයතනකික මට්ටමින් හා ජාතික මට්ටමින් වෘත්තීය පුහුණු පර්යේෂණ කිරීම කාලෝචිත වේ.

අරමුණ 2

වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ පර්යේෂණ සදහා පහසුකම් සැපයීමේ ප්‍රධාන පාර්ශවය වීම

වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ පර්යේෂණ වල නියැලෙන්නන් සදහා අවශ්‍ය තොරතුරු ලබා දීම පර්යේෂණ කවයේ ප්‍රධාන කාර්යයකි. ඒ සදහා කොමිෂන් සභාවේ පර්යේෂණ කවය අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇත.

අරමුණ 3

අන්තර් ජාතික හා ජාතික ආයතන සමග ඵලදායී සබදතා ඇති කිරීම

ප්‍රතිපත්ති අධ්‍යයන කේන්ද්‍රය, ජාතික විද්‍යාභිවර්ධන සංගමය වැනි දේශීය ආයතන සමග මෙන්ම ඔස්ට්‍රේලියාවේ NCVER  ආයතනය වැනි අන්තර් ජාතික ආයතන සමග ඵලදායී සබදතා ඇති කිරීම තුලින් වෘත්තීය පුහුණු ක්ෂේතරභක්යේ පර්යේෂණ වල තත්වය ඉහළ නැංවීම වඩා උපායශීලී වේ.

 


ආයතනයේ තොරතුරු

Tertiary and Vocational Education Commission (Under Construction)

'Nipunatha Piyasa'
3rd Floor,
354/2,
Elvitigala Mawatha,
Colombo 05.



දුරකථන:011 7608000
ෆැක්ස් අංක:011 2555007
විද්‍යුත් තැපෑල:info@tvec.gov.lk
වෙබ් අඩවිය: www.tvec.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-10-26 09:42:00
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 289
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty