The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home ර.බි.11 බලපත‍්‍රයක් ඉල්ලුම් කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ර.බි.11 බලපත‍්‍රයක් ඉල්ලුම් කිරීම

PDF Print Email


1.    රු.7,500/- ක අයදුම් පත‍්‍ර ගාස්තු ගෙවා අයදුම් පත‍්‍රයක් ලබා ගත යුතුය.අයදුම් පත‍්‍ර වසර 3 ක කාලයක් සඳහා නිකුත් කරනු ලැබේ.එභෙත් සංචාරක මණ්ඩල අනුමැතිය ලත් සංචාරක හෝටල් සඳහා වාර්ෂිකව අයදුම්පත‍්‍ර ගාස්තු ගෙවා අයදුම්පත් ලබා ගත යුතුය.


2.    මෙම අයදුම් පත‍්‍රය සමග පහත ලිපි ලේඛණ ඉදිරිපත් කළ යුතුය.


I.    පළාත් පාලන බලධාරින් සහතික කරන ලද බලපත‍්‍ර ස්ථානය කි‍්‍රයාත්මක කිරීමට යෝජිත ගොඩනැගිල්ලේ සැලැස්මේ පිටපතක් මෙහි ගෙබිමේ ප‍්‍රමාණය හා අනෙකුත් විස්තර අඩංගුව තිබිය යුතුය.

II.    අයදුම්කරු පසුගිය වර්ෂය 05 ක කාලය තුළදී අපරාධ නඩු විධිවිදානන සංග‍්‍රහ පනත යටතේ හෝ චරිතයට අදාළ වෙනත් වරදක් සම්බන්ධයෙන් වරදකරුවෙකු වි නොමැති බවට දිවුරුම් ඉදිරිපත් කළ යුතුය.

III.    ගොඩනැගිල්ලේ අයිතිය පිළිබඳව සනාථ කිරීමට ඔප්පුවල මුල් පිටපත් හා සහතික පිටපතක් ඉදිරිපත් කළ යුතුය.ස්ථානය අයදුම්කරුට අයත් නොවේ නම්, යෝජිත ව්‍යාපාරය නිරවුල්ව එම ස්ථානයේ අවම වශයෙන් වසර 03ක් වත් කර ගෙන යා හැකි බවට අයිතිකරුගේ කැමැත්ත ප‍්‍රකාශ කරන ලද කුලී බදු ගිවිසුම ඉදිරිපත් කළ යුතු අතර, එය ප‍්‍රසිද්ධ නොතාරිස් කෙනෙකු විසින් නිසි පරිදි සහතික කර තිබිය යුතුය.යෝජිත ආයතනය උකස්කර ඇත්නම්, අදාළ මූල්‍ය ආයතනයෙන් ඒ බව සනාථ කරන ලිපියන් ඉදිරිපත් කළ යුතුය.

IV.    යෝජිත ගොඩනැගිල්ලේ සිට පාසල් හා පූජනීය ස්ථානවලට මායිමෙන් මායිමට කෙලින් ගිය විට ඇති දුර දක්වන බලයලත් මිනින්දෝරුවරයෙකුගෙන් ලබා ගත් මිනින්දෝරු සැලැස්ම.

V.    ව්‍යාපාර නාම ආඥා පනත අනුව ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය හා සමාගමක් නම්, ප‍්‍රසිද්ධ නොතාරිස්වරයෙකු මගින් සහතික කළ සමාගම් ලියා පදිංචි සහතිකය.

VI.    ආපසු නොගෙවනු ලබන අයදුම් පත‍්‍ර ගාස්තු ගෙවූ බවට අදාළ රිසිට් පත.

VII.    ප්‍රදේශීය ලේකම්තුමාගේ සහතිකය හා අදාළ පොලිස්  බල ප‍්‍රදේශයේ ස්ථානාධිපතිතුමාගෙන් ලබා ගත් සහතිකය.

VIII.    යෝජිත ස්ථානයේ වරිපනම් අංකය.

IX.    අවම වශයෙන් සේවා සපයන ප‍්‍රදේශයේ වර්ග ප‍්‍රමාණය වර්ග අඩි 500 ඉක්මවිය යුතුය.

X.    යෝජිත ස්ථානයේ පාසල් හා පූජනීය ස්ථාන වලට මායිමෙන් මායිමට ගිය විට කෙලින් දුර මීටර් 500 ඉක්මවිය යුතුය.(සංචාරක මණ්ඩල අනුමැතිය ලත් ස්ථාන සඳහා බල නොපායි.)

XI.    එක් වරකට පුද්ගලයින් 25 කටවත් අසුන් පැනවීමට හැකි වන පරිදි පුටු හා මේස පිළිවෙලකට තැබිය හැකි තරම් ඉඩ පහසුකම් තිබිය යුතුය.





 


ආයතනයේ තොරතුරු

Department of Excise

Excise Department of Sri Lanka
No. 353,
Kotte Road,
Rajagiriya,
Sri Lanka.


Mr. D.H.D Rupasinghe
දුරකථන:011-2045000
ෆැක්ස් අංක:011-2877890
විද්‍යුත් තැපෑල:excisen@slt.lk
වෙබ් අඩවිය: www.excise.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:37:07
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Most Popular

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 222
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty