The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home ර.බි. 22 බලපත‍්‍රයක් ඉල්ලුම් කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ර.බි. 22 බලපත‍්‍රයක් ඉල්ලුම් කිරීම

PDF Print Email


1.    රු.7,500/- ක අයදුම් පත‍්‍ර ගාස්තු ගෙවා අයදුම් පත‍්‍රයක් ලබාගත යුතුය.අයදුම් පත‍්‍ර වසර 3 ක කාලයක් සඳහා නිකුත් කරනු ලැබේ.එභෙත් සංචාරක මණ්ඩල අනුමැතිය ලත් සංචාරක හෝටල් සඳහා වාර්ෂිකව අයදුම්පත‍්‍ර ගාස්තුව ගෙවිය යුතුය.

2.    මෙම අයදුම් පත‍්‍රය සමග පහත ලිපි ලේඛණ ඉදිිරිපත් කළ යුතුය.

I.    පළාත් පාලන බලධාරීන් සහතික කරන ලද බලපත‍්‍ර ස්ථානය කි‍්‍රයාත්මක කිරීමට යෝජිත ගොඩනැගිල්ලේ සැලැස්මේ පිටපතක් මෙහි ගෙබිමේ ප‍්‍රමාණය හා අනෙකුත් විස්තර අඩංගුව තිබිය යුතුය.

II.    අයදුම්කරු පසුගිය වර්ෂ 05 ක කාලය තුළදී අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනත යටතේ හෝ චරිතයට අදාළ වෙනත් වරදක් සම්බන්ධයෙන් වරදකරුවෙකු වී නොමැති බවට දිව්රුම් ප‍්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුය.

III.    ගොඩනැගිල්ලේ අයිතිය පිළිබඳව සනාථ කිරීමට ඔප්පුවල මුල් පිටපත් හා සහතික පිටපතක් ඉදිරිපත් කළ යුතුය.ස්ථානය අයදුම්කරුට අයත් නොවේ නම්, යෝජිත ව්‍යාපාරය නිරවුල්ව එම ස්ථානයේ අවම වශයෙන් වසර 03 ක් වත් කර ගෙන යා හැකි බවට අයිතිකරුගේ කැමැත්ත ප‍්‍රකාශ කරන ලද කුලී බදු ගිවිසුමව ඉදිරිපත් කළ යුතු අතර, එය ප‍්‍රසිද්ධ නොතාරිවස් කෙනෙකු විසින් නිසි පරිදි සහතික කර තිබිය යුතුය.යෝජිත ආයතනය උකස්කර ඇත්නම්, අදාළ මූල්‍ය ආයතනයෙන් ඒ බව සනාථ කරන ලිපියක් ඉදිරිපත් කළ යුතුය.

IV.    යෝජිත ගොඩනැගිල්ලේ සිට පාසල් හා පූජනීය ස්ථාන වලට මායිමෙන් මායිමට කෙලින් ගිය විට ඇති දුර දක්වන බලයලත් මිනින්දෝරුවරයෙකුගෙන් ලබා ගත් මිනින්දෝරු සැලැස්ම.

V.    ව්‍යාපාර නාම ආඥා පනත අනුව ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතික හා සමාගමක් නම්, ප‍්‍රසිද්ධ නොතාරිස්වරයෙකු මගින් සහතික කළ සමාගම් ලියාපදිංචි සහතිකය.

VI.    ආපසු නොගෙවනු ලබන අයදුම් පත‍්‍ර ගාස්තු ගෙවූ බවට අදාළ රිසිට් පත.

VII.    ප්‍රදේශීය ලේකම්තුමාගේ සහතිකය හා අදාළ පොලිස් බල ප‍්‍රදේශයේ ස්ථානානධිපතිතුමාගෙන් ලබාගත් සහතිකය.

VIII.    යෝජිත ස්ථානයේ වරිපනම් අංකය.
 


ආයතනයේ තොරතුරු

Department of Excise

Excise Department of Sri Lanka
No. 353,
Kotte Road,
Rajagiriya,
Sri Lanka.


Mr. D.H.D Rupasinghe
දුරකථන:011-2045000
ෆැක්ස් අංක:011-2877890
විද්‍යුත් තැපෑල:excisen@slt.lk
වෙබ් අඩවිය: www.excise.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:37:10
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 209
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty