The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home ඉඩම් පිරවීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     lm Application Sinhala     instruction sheet sinhala
ඉඩම් පිරවීම

PDF Print Email

                අයදුම්පත් ආකෘතිය       

                 උපදෙස් සටහන

ඉඩම් පිරවීමේ ක්‍රියා පරිපාටිය

1.    අයඳුම්පත් ඉල්ලුම්කරු විසින් ශ්‍රී ලං.ඉ.ගො.කි සහ සං.ස. වෙන් තැපෑලෙන් හෝ www.landreclamation.lk යන සංස්ථා වෙබ් අඩවියෙන් ලබා ගත යුතුය.

2.    කුඹුරු ඉඩම් සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරයාගේ නිර්දේශය ඉල්ලුම් කිරීමේ ලිපිය සමඟ ඉදිරිපත් කිරීම අනිවාර්යය වේ

3.    ඉඩමේ ‍ඔප්පුවේ එක් පිටපතක් සහ මැනීමේ සැලැස්මේ පිටපත් 03ක් සමග ඉදිරිපත් කළ යුතුය. සැකසුම් ගාස්තු වශයෙන් ආපසු නොගෙවනු ලබන ගාස්තුවක් (රු. 3000/- + ජාතිය ගොඩනැගීමේ බද්ද සහ අගය වැඩිකිරීමේ බද්දක්) ගෙවිය යුතුය.

4.    සංස්ථාවේ ඇති අදාල අංශවලින් නිරීක්ෂණ ලබාගත් පසුව අවශ්‍ය වන්නේනම් පහත සඳහන් ආයතන වලින් නිර්දේශ ලබාගෙන ඉදිරිපත් කරන ලෙස ඔබවෙත ලිඛිතව දැනුම් දෙනු ඇත

5.    සේවාලාභියා නාගරික සංවර්ධන අධිකාරියේ අනුමති ද මධ්‍යම පරිසර අධිකාරියේ හා අදාල පලාත් පාලන ආයතනවල අනුමතිය ද ඉදිරිපත් කළ යුතුය.

6.    (අවශ්‍ය අවස්ථාවන්හිදී) වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ, මාර්ග සංවර්ධන අධිකාරියේ සහ අනෙකුත් අදාල ආයතනවල අනුමතිය ද ඉදිරිපත් කළ යුතු වේ.

7.    ඉඩමේ සංවර්ධනය භූගෝලීය, ජලාපවහන සහ පාරිසරික තත්ත්ව කෙරෙහි බලපෑම් ඇතිවේදැයි බැලීමට ශ්‍රි ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ ඉංජිනේරුවකු, මධ්‍යම පරිසර අධිකාරියේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ විසින් ඉඩම පරීක්ෂා කර බැලිය යුතුය.

8.    එම පරීක්ෂාවෙන් පසු නිර්දේශ සහිත වර්තාවක් ඉදිරිපත් කළ යුතුය.

9.    ඉන්පසු අදාළ වාර්තාව සැලසුම් කමිටුවට ඉදිරිපත් කරන අතර අවසන් තීරණය ගනු ලබන්නේ සැලසුම් කමිටුව විසිනි.

10.  සැලසුම් කමිටුවේ අනුමතිය ලබා ගත් පසු සේවා ලාභියා විසින් සේවා ගාස්තුවේ ඉතිරි මුදල ගෙවිය යුතුය.

11.  ඉංජිනේරුමය ජල විද්‍යාවට අනුව ජලාපවහන සැලසුම් / ජලාපවහන තත්ත්වය සකස් කළ යුතුය.

12.  ඉන්පසු තත්ත්ව ලිපිය / ජලාපවහන සැලසුම්, කුඹුරු ඉඩමක් නම් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවටත්, කුඹුරු ඉඩමක් නොවේ නම් ඉඩම් හිමියාටත් නිකුත් කරනු ලැබේ. 


ආයතනයේ තොරතුරු

Sri Lanka Land Development Corporation

Head Office
No. 03,
Sri Jayawardenapura Mawatha,
Welikada,
Rajagiriya.



දුරකථන:+94 112 867369, 112 889485, 112 2878008, 112 867533, 112 868002, 112 863705, 112 889486
ෆැක්ස් අංක:+94 112 868001, 112 862457
විද්‍යුත් තැපෑල:mail@sllrdc.lk
වෙබ් අඩවිය: landdevelopment.lk

අදාළ සේවා

ඉඩම් පිරවීම

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2012-09-22 14:08:00
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 173
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty