The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home කාර්මික ණය ලබා දීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


කාර්මික ණය ලබා දීම

PDF Print Email

සුදුසුකම්   -      වයස අවු.18ට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියෙක් විය යුතුය. ස්ථිර රැකියා නි‍යුක්තිකයෙක් විය  යුතුය. ස්වයංරැකියාවක නියලෙන්නෙකු නම් එම ව්‍යාපාරය රජයේ ලියාපදිංචි කර තිබිය යුතුය.

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-  ප්‍රධාන කාර්යාලය හා සියලුම ශාඛා

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-   ගාස්තු නැත

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-
ප්‍රධාන කාර්යාලය, සියලුම ශාඛා
ගෙවීම් කටයුතු සඳහා   -           පෙ.ව.8.30 -      ප.ව. 3.30
නෙකුත් කටයුතු සඳහා -           පෙ.ව.8.30 -      ප.ව.4.30

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-

බැංකු ගාස්තු, දේපල තකසේරු කිරීමට හා ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයෙන් (CRIB)  ලබා ගන්නා වාර්තා ලබා ගැනීම සඳහා වු ගාස්තු ණය මුදා හරින අවස්ථාවේදී ගෙවිය යුතු වේ.

සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
කඩිනම් සේවා    - වැඩකරන දින 5, ප්‍රමුඛ සේවා - වැඩකරන දින 10, අනෙකුත් ‍ණය - වැඩකරන දින 24
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

ණය අංශයට

රා.උ.හා ආ. බැංකු ආකෘති පත්‍ර අංක 1 (අයඳුම්පත) සහ පිටපත් දෙකකින් යුත් ආකෘති පත්‍ර අංක 11, “බීඇමුණුම,  ආදායම් ඔප්පු කිරිමේ ලිඛිත සාක්ෂි ** -    වැටුප් වාර්තාවක්, -    මාස6 ක වැටුප් පත්‍රිකා, පසුගිය මාස 6 සඳහා වු බැංකු , ප්‍රකාශන/ බැංකු පොත යාවත්කාලීකර මාස 06ක ඡායා පිටපත්, විකුණුම් මිල යම්කිසි අත්තිකාරම් මුදලක් ගෙවා ඇත්නම් එයද සඳහන් කරමින් විකුණුම්කරුගේ ලබාගත් ලිපියක් සහ ඔහුගේ නමින් ඔප්පුවේ ඡායාස්ථිත පිටපතක්, උකස් කරනු ලබන දේපලෙහි වටිනාකම පිළිබඳව, බැංකුවේ තක්සේරුකරු‍ව‍න්ගේ අනු මණ්ඩලයේ සාමා‍ජිකයෙකුගෙන් ලබාගත් පිටපත් 3කින් සමන්විත තක්සේරු වාර්තාව, මිණුම් පිඹුරේ ඡායාස්ථීත පිටපත් දෙකක්, විකුණූම් මිල සහ අයඳුම් කරනු ලබන ණය මුදල අතර වෙනස පියවා ගන්නා ආකාරය ලිඛිත සාක්ෂි මගින් **, මුල් තැන්පතුවට අදාල කුවිතාන්සිය, මිලදි ගනු ලබන ඉඩම/ගෙය ඇප දේපල නොවන වෙනත් දේපලක් නම්,පහත සඳහන් විස්තර, මිළදී ගනු ලබන ඉඩමේ ඔප්පුවේ පිටපතක්, මිණුම් පිඹුරේ පිටපත් දෙකක්, එම ඉඩමට යා හැකි පහසුම මාර්ගය පෙන්නුම් කරමින් (දුර ප්‍රමාණය සහිතව) අඳිනු ලැබු කටු සටහන, පිටපත් දෙකකින්, විථි රේඛා සහතිකයේ ඡායාස්ථිත පිටපත් දෙකක්, අයඳුම්කරු/ අයඳුම්කරුවන්ගේ ජාතික හැඳුනුම්පතේ පැහැදිලි ඡායාස්ථීත පිටපතක්, අයඳුම්කරු/ අයඳුම්කරුවන්ගේ (ප්‍රමාණය 2”, 2 ½”) ඡායාරූපයක්, විකුණුම්කරු/ විකුණුම්කරුවන්ගේ ජාතික හැඳුනුම්පතේ පැහැදිලි ඡායාස්ථිත පිටපතක්

නීති අංශය සඳහා, මිණුම් පිඹුර (මුල් පිටපත), හිමිකම් වාර්තාව(පිටපත් දෙකකින්), හිමිකම් ඔප්පුව / ඔප්පු (මුල්පිටපත්), පත් ඉරු, ඔබ නමින් පිළියෙල කරන ලද ඔප්පුවල කෙටුම්පත් දෙකක් (මිලදී ගන්නා ඉඩමේ), හිමිකම් සහතිකය, විථි රේඛා සහතිකය (මුල් පිටපත), නොපවරා ගැනීමේ සහතිකය, වරිපනම් දැන්වීම, බදු කුවිතාන්සිය, ඇටෝනි බලපත්‍රය (අදාල අවස්ථාවන්හිදී පමණි.), ඇප වශයෙන් ඉදිරිපත් කර ඇති දේපල සම්බන්ධව මීට පෙර ඔප්පු, පිඹුරුපත් ආදිය ඇත්නම් ඒවාද.

මෙම කරුණු යටතේ වැඩි විස්තර බැංකුවෙන් ලබා ගන්න. (දුරකථන 1922)


ආයතනයේ තොරතුරු

State Mortgage and Investment Bank

269,
Galle Road,
Colombo 03.



දුරකථන:+94 11-7722722-3
ෆැක්ස් අංක:  +94 11-2575031
විද්‍යුත් තැපෑල: info@smib.lk
වෙබ් අඩවිය: www.smib.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2012-07-16 10:59:11
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-11-10
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 284
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty