මුදල් අමාත්‍යාංශය
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව
විදේශයකින් තැපැලෙන් ලැබුණු තෑගි භාණ්ඩ(මුහුඳු/ගුවන්/අධිවේගී තැපැල්)
- නිවස වෙත යැවීම සඳහා රේගුවෙන් නිදහස් කරන ලද තැපෑලෙන් ලැබුණු ත්‍යාග භාණ්ඩ සාමාන්‍ය තැපැල් සේවාව මඟින් ඔබට බාර දෙනු ඇත.
- රේගු පරීක්ෂාව සඳහා තෝරා ගන්නා ලද භාණ්ඩ අදාල තැපැල් කාර්යාලයේ රඳවා තබා ගනු ලැබේ. මෙම භාණ්ඩ පරීක්ෂාවට පෙනී සිටීම සඳහා තැපැල් දෙපාර්ත්මේන්තුව විසින් ඔබට දැනුම් දෙනු ලැබේ.
- යම් හේතුවක් නිසා ඔබට පෙනී සිටීමට නොහැකි වේ නම්, ඔබ වෙනුවෙන් පෙනී සිටීම සඳහා පුද්ගලයෙකු නම් කර බලය පැවරිය හැකිය.
- වටිනාකම රු 15,000.00 කට වඩා අඩු පුද්ගලික තෑගි භාණ්ඩ තීරු බද්දෙන් හා වටිනාකම මත ගෙවන බද්දෙන්(VAT) තොරව නිදහස් කරනු ලබන අතර, වාණිජමය ස්වරූපයෙන් එවන භාණ්ඩ හෝ තහනම් හෝ සීමා කරන ලද භාණ්ඩ සඳහා මෙම වරප්‍රසාදය හිමි නොවේ. පුද්ගලයෙකුට මෙම වරප්‍රසාදය ලැබිය හැක්කේ හය මාසයකට එක් වරකි.
- රු 15,000.00 කට වඩා වැඩි වටිනාකමින් යුත් ත්‍යාග භාණ්ඩ සඳහා තීරු බදු හා අනෙකුත් බදු අයකරනු ලබන අතර, වාණිජමය ස්වරූපයේ භාණ්ඩ සඳහා රේගු ප්‍රකාශන පත්‍රයක් මත තීරු බද්ද අය කරනු ලැබේ.
- තහනම් භාණ්ඩ රාජසන්තක කරන අතර, සීමා කරන ලද භාණ්ඩ බලපත්‍රයක් මත මුදා හරිනු ලැබේ.
- යම් සීමා කරන ලද භාණ්ඩ සඳහා පහත අධිකාරි බලයලත් ආයතන වලින් බලපත්‍රයක් ලබා ගත යුතු වේ.
- ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව
- ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය
- ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව
- විලවුන්, උපකරණ හා ඖෂධ පාලක අධිකාරිය(CDDA)
- ආරක්ෂක අමාත්‍යාංශය
- ආහාර දෙපාර්තමේන්තුව
- ජාතික පැළෑටි නිරෝධායන සේවය (NPQS), ආදිය.
ආයතනයේ තොරතුරුරේගු දෙපාර්තුමේන්තුව
නො 40,
කෙලින් වීදිය,
කොළඹ 11.
දුරකථන:+94-11-2470945 to +94-11-2470948 ෆැක්ස් අංක:+94-11-2446364 විද්‍යුත් තැපෑල:dgc@customs.gov.lk වෙබ් අඩවිය: www.customs.gov.lk
|