The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home සිලින්ඩර් ධාරිතාව 50ට අඩු යතුරුපැදි (මෝපෙඩ්) ලියාපදිංචි කිරිම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


සිලින්ඩර් ධාරිතාව 50ට අඩු යතුරුපැදි (මෝපෙඩ්) ලියාපදිංචි කිරිම

PDF Print Email

01.    රේගු ලියවිලි සහිත
1.    සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය MTA 2 පෝරමය (මිලදී ගන්නා ලද ආයතනයෙන් අදාළ ස්ථානවල අත්සන් යොදා නිල මුද්‍රාව තැබිය යුතුයි.)
2.    ජාතික හැදුනුම්පතේ හෝ වලංගු රියදුරු බලපත්‍රයේ හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රයේ සහතික කළ පිටපතක් (අයදුම්කරු පදිංචි වසමේ ග්‍රාම නිලධාරී/ දිව්රුම් කොමසාරිස්/ නීතිඥවරයෙකු/ සාමවිනිසුරුවරයකු විසින් සහතික කළ යුතුය.)
3.    අයදුම්කරුගේ සහතික කරන ලද ඡායාරූප 2ක් (සෙ.මී. 3.5 x 2.5 ප්‍රමාණයේ)
4.    යතුරුපැදියේ පැති පෙනුම හා ඉදිරිපස පෙනුම දිස්වෙන අයුරින් චැසි අංක හා එන්ජින් අංක සඳහන් කර අයිතිකරු විසින් අත්සන් කරන ලද ඡායාරූප 2ක්
5.    යතුරු පැදිය මිලදී ගත් බිල්පත
6.    රේගු ලියකියවිලි : Packing List (මෝටර් රථ පරීක්‍ෂක සහතික කළ මුල් පිටපත),Assessment Notice,Customs 53 ලේඛනය
7.    ලියාපදිංචි ගාස්තුව රු. 4400/= කි.

 


02.    රේගු ලියවිලි රහිත
අයදුම්කරු විසින් පාවිච්චි කරන රේගු ලියවිලි නොමැති යතුරු පැදි සඳහා ඉහත අංක 2,3,4,5 හි සඳහන් ලියවිලි වලට අමතරව පහත ලියවිලිද ලියාපදිංචි කිරීමේදී ඉදිරිපත් කළ යුතුය.
1.    සම්පූර්ණ කරන ලද MTA 2 පෝරමය (මිලදී ගන්නා ලද ආයතනයෙන් අදාළ ස්ථානවල අත්සන් යොදා නිල මුද්‍රාව තැබිය යුතු අතර, චැසි අංක හා එන්ජින් අංක මෝටර් රථ පරීක්‍ෂකයෙකු වෙතින් පරීක්‍ෂා කර සහතික කිරීම.)
2.    ප්‍රකාශිත දිවුරුම් ප්‍රකාශයක් (යතුරු පැදිය කිසිම බැදුම්කරයකට යටත් නොවන බවත් , යතුරු පැදිය පිළිබඳව සියළු වගකීම් තමන් විසින් බාරගත් බවත් ප්‍රකාශයේ අඩංගු විය යුතුය.) ප්‍රකාශිත අයිතිකරු විසින් රු. 25/= මුද්දරයක් උඩ අත්සන් කර එම ප්‍රකාශය දිව්රුම් කොමසාරිස්වරයෙකු හෝ සාමවිනිසුරුවරයෙකු විසින් සහතික කළ යුතුය.
3.    යතුරු පැදිය තමා සන්තකයේ පවතින බවට ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වෙතින් ලබාගත් සහතිකය
4.    ලියාපදිංචි ගාස්තු රු. 4400.00 + රු.6000.00 (300% අධිභාරය) + රු. 1500.00 (දඩ ප්‍රමාද ගාස්තු) = රු. 11900/= කි.
 


ආයතනයේ තොරතුරු

Department of Motor Traffic(Under Construction)

No: 581-341,
Elvitigala Mavatha,
Narahenpita,
Colombo 05. .


Mr. Upul Priyantha de Silva
දුරකථන:011-2698717
ෆැක්ස් අංක:011-2694338
විද්‍යුත් තැපෑල:e.dmts@sltnet.lk
වෙබ් අඩවිය: www.dmt.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:04:53
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 243
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty