සමථ අංශය
දේශීය රැකියා නියෝජිත ආයතන මාර්ගයෙන් සහ ස්වයං මාර්ගයෙන් විදේශ ගත වූ ශ්‍රමිකයන් වෙතින් හෝ ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වී ඇති ගැටළු හා ඉල්ලීම් කාර්යක්ෂමව විසදා අසහනයට පත් පාර්ශවයන්ට සහන සැලැස්වීම මෙම අංශයේ අරමුණ වේ.
ක්‍රියාත්මක ස්ථානය (ප්‍රධාන කාර්යාලය ):
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය
අංක 234 ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, කොස්වත්ත, බත්තරමුල්ල.
දුරකථන අංක - 0112880500/ 011-2864113 ඊ මේල් - chmn@slbfe.lk
නියෝජ්‍ය සාමාන්‍යධිකාරී - 011-2864132
කළමනාකරු - 011-2864112
සමථ අංශයේ සේවාවන්
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී එතෙර රැකියා සඳහා විදේශ ගත වූ විගමණික ශ්‍රමිකයන්ට අදාලව කාර්යාංශ වෙත අදාළ ශ්‍රමිකයන් සෘජුවම හෝ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් හෝ ළඟම ඥාතීන් ඉදිරිපත් කරන පැමිණිලි හෝ ඉල්ලීම් සම්බන්ධයෙන් කටයුතු කිරීම.
• පැමිණිලි/ ඉල්ලීම් භාර ගැනීම (කාර්යාංශය විසින් භාර ගනු ලබන්නේ කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ ගත වී ඇති පුද්ගලයින්ට අදාළ පැමිණිලි හෝ ඉල්ලීම් පමණි).
• පැමිණිල්ලට හෝ ඉල්ලීමට අදාළ පුද්ගලයා විදේශගත වීමට පෙර කාර්යාංශයේ ලියාපදිංචි වී ඇත්දැයි පරීක්ෂා කිරීමේ දී පැමිණිළිකරු/ ඉල්ලුම්කරු විසින් ඉදිරිපත් කරන තොරතුරු සමඟ කාර්යාංශ ලියාපදිංචියට අදාළ පහත සඳහන් තොරතුරු සංසන්දනය කර බැලීම.
ජාතික හැදුනුපත් අංකය
විදේශ ගමන් බලපත්රං අංකය
විදේශ ගත වූ අයගේ නම
විදේශ ගත වූ රට
විදේශ ගත වූ දිනය
• පැමිණිලි හා ඉල්ලීම් වෙන් කර හදුනා ගැනීම.
• භාර ගන්නා ලද පැමිණිලි/ ඉල්ලීම් සඳහා ක්රි යා කිරීම හා අදාළ අංශ වලට යොමු කිරීම.
• සමථ අංශයට භාරගත් පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීම.
විශේෂ සටහන් - ඒ ඒ පැමිණිල්ලේ ස්වභාවය අනුව කාර්යක්ෂමව විසදා ඔවුනට සහන සැළැස්වීම.
රාජකාරි වේලාවන් - සතියේ දින සදුදා සිට සිකුරාදා දක්වා - පෙ.ව.8.30 සිට ප.ව.16.30
රැකියාවක් සඳහා විදේශගත වන ඔබ කාර්යාංශයේ ලියාපදිංචි වීම අනිවාර්ය වේ.
ආයතනයේ තොරතුරුශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය
නො.234,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,කොස්වත්ත
බත්තරමුල්ල
එම්. එස්. විතානපතිරණ මහත්මිය දුරකථන:+94-11-2864101-5 ,+94 11 2880500 ෆැක්ස් අංක:+94-11-2880500 විද්‍යුත් තැපෑල:chmn@slbfe.lk, agm@slbfe.lk වෙබ් අඩවිය: www.slbfe.lk
|