සුදුසුකමි
වෙළද සංවිධානය ලියාපදිංචි කල යුතුයි.
පහත සදහන් අධිකාරී මගින් නිකුත් කරන ලද ආනයන බලපත්‍ර තිබිය යුතුය.
ආනයන වර්ගය |
අනුමතිය ලබා ගත යුතු අධිකාරිය |
බටහිර ඖෂධ |
සුවඳ සහ ඖෂධ පාලන අධිකාරිය (සෞඛ්‍ය අමාත්‍යංශය) මගින් නිකුත් කරනු ලබන
ලියාපදිංචි සහතිකය සහ ආනයන බලපත්‍රය අයදුම්කරු සතු විය යුතුය. |
පශු
වෛද්‍ය ඖෂධ |
පේරාදෙණිය සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන
අනුමත ලිපිය අයදුම්කරුට තිබිය යුතුය. |
හෝමියොපති ඖෂධ |
ශ්‍රී ලංකා හෝමියෝපති සභාව මගින් නිකුත් කරනු ලබන අනුමත ලිපිය අයදුම්කරු
සතුවිය යුතුය. |
ආයුර්වේද ඖෂධ |
ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන අනුමත ලිපිය අයදුම්කරු සතු
විය යුතුය. |
ශල්‍ය කර්ම උපකරණ |
සුවඳ විලවුන් හා ඖෂධ පාලන අධිකාරිය ( සෞඛ්‍ය අමාත්‍යංශය) (සත්ත්ව නිෂ්පාදන
සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව) මගින් නිකුත් කරනු ලබන අනුමත ලිපිය අයදුම්කරු
සතුව තිබිය යුතුය. |
ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
අයදුම්පත පත ලබා ගැනීම.
කවුළුව - 1 ඒකකය
ගෙවීම් කිරීම
කවුළුව - අයකැමි
අයදුම්පත, ඉල්ලීම් ලිපිය සහ ලියවිලි ඉදිරිපත් කිරීම.
කවුළුව - 1 ඒකකය
අවශ්‍ය අමතර ලිය කියවිලි
- ඉන්වොයිස් පිටපත් 04
- සම්පූර්ණ කරන ලද අයදුම්පත් පිටපත් 04
- ව්‍යාපාර ලියාපදිංචි සහතිකයේ මුල් පිටපත සහ ඡායා පිටපත්
- ආනයන බලපත්‍ර සහ ලියාපදිංචි සහතික වල මුල් සහ ඡායා පිටපත්
ක්‍රියාපටිපාටිය පියවරෙන් පියවර
පියවර 01: ඒකක 1 (ඖෂධ) ප්‍රධාන ලිපිකරුගෙන් අයදුම්කරු අයදුම්පත් ලියවිලි ලබා ගත යුතුය.
පියවර 02: අයදුම්කරු සම්පූර්ණ කරන ලද අයදුම්පත් පිටපත් 4 ක් සහ ඉන්ඩෙන්ට් පිටපත් 04 ක් සමග අදාල ලියවිලි ඉදිරිපත් කල යුතුය.
පියවර 03: ඒකක 01 අයදුම්පත් සහ අදාල ලියවිලි පරීක්ෂා කරයි.
පියවර 04: අනුමැතිය සදහා ආනයන/ අපනයන පාලන වෙත බලපත්‍ර ඉල්ලීම ඉදිරිපත් කරයි.
පියවර 05: සහකාර පාලන බලපත්‍ර ඉල්ලීම අනුමත කිරීම් සහ අයදුම්කරු, ඉන්වොයිස් වටිනාකමින් 0.1% ගාස්තුවක් බලපතු සදහා ගෙවිය යුතු වේ.
පියවර 06: පරිඝනක මගින් බලපත්‍රය පිළියෙල කිරිම සහ අත්සන සඳහා සහකාර පාලන වෙත ඉදිරිපත් කිරිම.
පියවර 07: සහකාර පාලක අත්සන් කරයි.
පියවර 08: බලපත්‍ර පිටපත් 3 අයදුම්කරුට හා බැංකුවට ලබා දෙන අතර එක පිටපතක් දෙපාර්තමේන්තුව තබා ගනී.
සටහන : ඉදිරිපත් කරන තොරතුරු නිවැරදි නොවූ විට ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ.
කාල සීමාව
ක්‍රියාවලිය සදහා ගතවන කාලය
දිනක් ඇතුලත
ඉදිරිපත් කිරීමේ කාල සීමාව
අයදුම්පත් ලබා ගැනීම
කවුළුව - ඒකක 1
වෙලාව - පෙ.ව. 09.00 - ප.ව. 04.45
වැඩ කරන දින - සදුදා සිට සිකුරාදා
නිවාඩු දිනයන් - සියළුම වෙළද හා රජයේ නිවාඩු දින වල
ගෙවීම් කිරීම
කවුන්ටරය - මුදල් අයකැමි
වෙලාව - පෙ.ව. 09.00 - ප.ව. 03.30
වැඩ කරන දින - සදුදා සිට සිකුරාදා
නිවාඩු දිනයන් - සියළුම වෙළද හා රජයේ නිවාඩු දින වල
කවුන්ටරය - මුදල් අයකැමි
වෙලාව - පෙ.ව. 09.00 - ප.ව. 04.45
වැඩ කරන දින - සදුදා සිට සිකුරාදා
නිවාඩු දිනයන් - සියළුම වෙළද හා රජයේ නිවාඩු දින වල
වලංගු කාලය
මාස 06 ක කාලයක් සදහා වලංගු වේ.
සේවාව සදහා අදාල මිළ ගණන්
මිළ ගණන්: අයදුම්පත ලබා ගැනීම සදහා ගාස්තු අදාල නොවේ.
ගාස්තු : වට්ටෝරු වටිනාකමින් 0.1%.
දඩ: යම් අයදුම්කරුවකු බලපත්‍ර නොමැතිව භාණ්ඩ ආනයනය කර ඇති විට සහකාර පාලක
ආනයන වටිනාකමින් සියයට ගණනක් අය කිරිමට තීරණය කරනු ලබයි.
අමතර ගාස්තු: අමතර ගාස්තු අදාල නොවේ.
විශේෂ අවස්ථා
භාණ්ඩ බලපත්‍ර නොමැතිව ආනයන කර ඇතිනම් ආනයන බලපත්‍රය අතිරේක බලපත්‍ර ගාස්තුවත් සමඟ නිකුත් කරයි. ආනයන බලපත්‍රය ලබා ගැනීමට පහත ලියවිලි අවශ්‍යය.
- පාරිභෝගික ලියවිලි
- පැහැදිලි කිරීමේ ලියවිලි
- අදාල අධිකාරියේ අනුමත ලිපිය
- ඉන්වොයිස්
ආයතනයේ තොරතුරුආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව
අංක 75 1/3,
පළමු මහල,
හේමාස් ගොඩනැගිල්ල,
යෝර්ක් වීදිය,
තැ:පෙ: 559,
කොළඹ 01.
ජයනී චන්ද්‍රසේකර මහත්මිය දුරකථන:+94-11-2326774 ෆැක්ස් අංක:+94-11-2328486 විද්‍යුත් තැපෑල:deptimpt@imexport.gov.lk වෙබ් අඩවිය: www.imexport.gov.lk
|