The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Trade, Business & Industry Approvals, Permits & Licenses හර කිරීමේ අයදුම්පත් ලබා ගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


රසායන ද්‍රව්‍ය සඳහා හර කිරීමේ අයදුම්පත් ලබා ගැනීම

PDF Print Email

යෝග්‍යතාවය

  • ආනයකරුට වලංගු බලපත්‍රය තිබිය යුතුය.
  • ආනයකරු බලපත්‍ර කොන්දේසි වලට යටත් විය යුතුය.

සටහන

  • බලපත්‍ර කාලය කල් ඉකුත් වී ඇත්නම්, ප්‍රමාද වීමට හේතු දක්වා ලිපියක් ඉදිරිපත් කල යුතුය. බලපත්‍රය නිකුත් කර ඇත්තේ අදාල අධිකාරියේ නියමයන්ට අනුව නම් කාලය දීර්ඝ කිරීම සඳහා ද එහි අනුමැතිය ගත යුතු ය.
  • ආනයකරු බලපත්‍ර කොන්දේසි කඞ කර ඇත්නම්, ආනයන/ අපනයන පාලකගේ අනුමැතිය යටතේ අමතර ගාස්තු අය කෙරේ.

අමතර ලියකියවිලි

  • පැට වු බඩු වල බිල්
  • ඉන්වොයිසි
  • ප්‍රකාශන පත්‍ර
  • අනිකුත් ආනයන ලියවිලි
  • බැංකු ලියවිලි

ඉදිරිපත් කිරිමේ අනුපිළිවෙල
ගෙවීම් කිරිම
කවුන්ටරය - මුදල් අයකැමි

අයදුම්පත, ඉල්ලීම් ලිපිය සහ ලියවිලි ඉදිරිපත් කිරීම.
කවුන්ටරය - ඒකක 03

අයදුම්පත්‍ර : අයදුම්පත් නොමැත. ඉල්ලුම්කරු විසින් ලිපියක් සහ අමතර ලියවිලි ඉදිරිපත් කල යුතුය.

ක්‍රියාපටිපාටිය පියවරෙන් පියවර
පියවර 01: ආනයකරු සියළුම අමතර ලියවිලි ඉදිරිපත් කිරීම.
පියවර 02: ඒකක 03 අමතර ලියවිලි බලපත්‍ර විස්තර සමග පරීක්ෂා කිරිම.
පියවර 03: ලියවිලි පිළිබද සෑහීමකට පත්වන විට සහකාර පාලනගේ අනුමතැයි සමග ආනයන භාණ්ඩ හර කෙරේ.
පියවර 04: හර ලියවිලි ආනයකරුට දෙනු ලැබේ. එක් පිටපතක් මගින් කාර්යාලය ප්‍රයෝජනයට ගැනීමට දෙපාර්තමේන්තුව තබා ගනී.
සටහන

  • ආනයකරු බලපත්‍ර කොන්දේසි කඞ කර ඇත්නම් (ඉන්වොයිසියේ) ආනයන අපනයන පාලක විසින් අමතර බලපත්‍ර ගාස්තු අය කෙරේ.
  • කිසියම් හේතුවක් මත ආනයන වටිනාකම බලපත්‍ර වටිනාකමට වඩා වැඩි නම්, ආනයන/ අපනයන පාලකගේ අනුමැතිය සමග අමතර ගාස්තුව ආනයකරුගෙන් අය කෙරේ.
  • ආනයන කාල පරිච්ඡේදය බලපත්‍ර කාල පරිච්ඡේදය සමග නොසැසදේ නම්, භාණ්ඩ ආනයනයට පෙර ආනයකරු සංශෝධිත බලපත්‍රයක් ලිපියක් මගින් ඉල්ලුම් කල යුතුය.
  • ආනයන භාණ්ඩ බලපත්‍ර භාණ්ඩ සමග නොසැසදේ නම් සංශෝධිත බලපත්‍රයක් භාණ්ඩ ආනයනයට පෙර ලබා ගත යුතුය.

කාල සීමාව
ක්‍රියාවලි කාල සීමාව: එක් දිනයකදී 

ඉදිරිපත් කිරිමේ කාල සීමාව
අයදුම්පත හා ලියවිලි ලබා ගැනීම.
කවුන්ටරය - ඒකක 03
වෙලාව - පෙ.ව. 09.00 - ප.ව. 04.45
වැඩ කරන දින - සදුදා සිට සිකුරාදා
නිවාඩු දිනයන් -  සියළුම වෙළද හා රජයේ නිවාඩු දින වල
වලංගු කාලය : බලපත්‍රය වලංගු කාල පරිච්ඡේද තුලම ආනයකරුට සේවය ලබා ගත හැක.

සේවය අදාල මිල ගාස්තු
මිල: අයදුම් පත් ලබා ගැනීමට මුදල් අය නොකෙරේ.
බලපත්‍ර ගාස්තු: නොමිලේ ලබා දේ.
අතිරේක ගාස්ත්‍ර: බලපත්‍ර කොන්දේසි වලට අනුව වරද සදහා අතිරේක ගාස්ත්‍ර අය කෙරේ. අවස්ථාව අනුව දඩ විවිධ වේ. (1 % - 10% දක්වා)
සටහන
ආනයකරු බලපත්‍ර නොමැතිව භාණ්ඩ ආනයනය කරයි නම් ආනයකරුගෙන් අතිරේක ගාස්ත්‍ර  අය කෙරේ.
අමතර ගාස්තු: ඉන්වොයිසි වටිනාකම බලපත්‍ර වටිනාකම ඉක්මවයි නම් දෙපාර්තමේන්තුව වැඩි වූ අගය හා අතිරේක ගාස්ත්‍ර  මුදලක් අය කෙරේ.

විශේෂ අවස්ථා
ආනයනකරු බලපත්‍ර නොමැතිව භාණ්ඩ ආනයනයකර ඇත්නම් දඩ සමග භාණ්ඩ ලැබීමේ බලපත්‍රය නිකුත් කෙරේ. පහත දැක්වෙන ලියවිලි ඒ සදහා අවශ්‍ය වේ.

  • වරාය ලියවිලි
  • පැහැදිලි කිරීමේ ලිපිය
  • අදාල අධිකාරිය මගින් අනුමත ලිපියක්

ආකෘති දත්ත සමග ආදර්ශ පත්‍ර
අදාල නොවේ

 


ආයතනයේ තොරතුරු

Department of Imports and Exports Control

No: 75 1/3,
1st Floor,
Hemas Building,
York Street,
P.O. Box - 559,
Colombo 01.


Mr. R.P Mohan Wijeratne
දුරකථන:+94-11-2326774/+94 112 322046/+94 112 322053/+94 112 322007
ෆැක්ස් අංක:+94 112 328 486
විද්‍යුත් තැපෑල:deptimpt@sltnet.lk
වෙබ් අඩවිය: www.imexport.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:11:58
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 457
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty