The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home නීති ආධාර ලබා ගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


නීති ආධාර ලබා ගැනීම

PDF Print Email

සුදුසුකම්

  • නීති ආධාර කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන නීති ආධාර අයදුම් පත්‍රය සම්පූර්ණ කර ග්‍රාම නිලධාරී මහතා ලවා ආදායම සහතික කර ප්‍රාදේශීය ලේඛම් මහතා මගින් අනුසහතික කොට ඉදිරිපත් කලයුතුය.
  • ඒ අනුව මාසික ආදායම රු. 6000 කට වඩා අඩු ප්‍රජාව වෙනුවෙන් නොමිලේ නීතීඥ සහය ලබා දීමට කටයුතු කෙරේ.
  • එසේම අදාල අධිකරණයේ කිසිදු නීතීඥවරයෙක් යම් තැනැත්තෙකුගේ නඩු කටයුත්තක් වෙනුවෙන් පෙනීසිටීම ප්‍රතික්ෂේප කරන්නේ නම් එවැනි අවස්ථාවක නීතීඥ සහය ලබා දීමට කටයුතු කෙරේ.(බූදල් නඩු සහ බෙදුම් නඩු සඳහා නීති ආධාර සපයනු නොලැබේ. )


ඉදිරිපත් කිරීමේ ක්‍රියාපටිපාටිය

  • නීති ආධාර කොමිෂමට පැමිනීම.
  • නීතිමය ගැටළුව ඉදිරිපත් කර උපදෙස් ලබාගැනීම.
  • අදාල ගැටළුව සඳහා නීති ආධාර ලබා දීමට හැකියාවක් ඇතැයි තීරණය කරන්නේ නම් නීති ආධාර අයදුම්පතක් නිකුත් කිරීම.
  • නීති ආධාර අයදුම්පත සම්පූර්ණ කර ග්‍රාම නිලධාරි ලවා සහතික කර  නීති ආධාර කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීම.
  • සේවාදායකයාගේ ගැටළුව සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරයාගේ අවධානය යොමු කරීම.
  • ලිපිගොනුව ආරම්භ කිරීම.
  • අදාල ලිපිගොනුව සම්බන්ධව සේවාදායකයා වෙත ලියාපදිංචි අංකයක් කාඩ්පතක් නිකුත් කිරීම.
  • අදාල ලිපිගොනුව සම්බන්ධව කටයුතු කිරීම සඳහා නීතීඥවරයෙකු වෙත යොමු කරීම.
  • නඩු කටයුතු ආරම්භ කරීම.
  • අදාල නඩුවේ ප්‍රගතිය සමාලෝචනය කිරීම උපදෙස් ලබා දීම.

 

සටහන


  •  වැඩ කරන දිනයන්හි සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා නීති ආධාර කොමිෂන් සභාවේ කාර්යාලයන් විවෘතව ඇත.
  •  නිවාඩු දිනයන් - සියළුම රජයේ නිවාඩු දින හා වෙළඳ නිවාඩු දින.

 

කාලසීමාව


නීති ආධාර ලබාගැනීමේ කාල නියමය මෙහෙය වන නඩුවේ වර්ගය මත රඳා පවතී.


ඉදිරිපත් කිරී‍මේ කාලසීමාව


පියවර 1 - වැඩකරන ඕනෑම දිනක අයදුම්පත ලබාගැනීම.
පියවර 2 - වැඩකරන ඕනෑම දිනක අයදුම්පත ඉදිරිපත් කිරීම.

 

සේවයට අදාල මිල ගණන්


නොමිලේ සේවා සැපයේ.



අවශ්‍ය සනාථ කිරීමේ ලියවිලි


  • ග්‍රාම සේවා සහතිකය.
  • නඩුවට අදාල ලියකියවිලි.

 

විශේෂ අවස්ථා


ඉඩම් ආරවුල් සම්බන්ධයෙන් නඩු කටයුතු සිදු කිරීමේදී අවශ්‍ය මිනින්දෝරු ගාස්තු හා අධිකරණයට ගෙවිය යුතු ගාස්තු සේවා දායකයන් විසින් දැරිය යුතුය.

 
සුනාමි විපතට ගොදුරුවූ ඕනෑම පුද්ගලයෙකුට පහත සඳහන් නීති ආධාර ලබා ගත හැකිය.

  • විනාශ වූ ඉඩම් ඔප්පු ලබා ගැනීම.
  • පවුලේ උරුමය හා ඉඩම් නඩු සම්බන්ධ නීතිමය සේවා ලබා ගැනීමට.
  • විනාශ වූ දේපල සම්බන්ධ ගැටළු විසඳා ගැනීමට.
  • වේතන, විශ්‍රාම වැටුප් හෝ පාරිතෝෂික.
  • උප්පැන්න, මරණ, අධ්‍යාපන සහතික ලබාගැනීමට සහය වීම.
  • වෙනත් ඕනෑම නීතිමය සහනයක් ලබා දීමට.

 

නීතීඥ මණ්ඩලය : Panel of Lawyers


නීති ආධාර කොමිෂන් සභා මධ්‍යස්ථානයේ නීතීඥ මණ්ඩලයේ සමාජිකත්වය ලබා ගැනීමට අදාල අයදුම් පත පුරවා අප කාර්යාලය වෙත ලබා දීමෙන් අනතුරුව එකී නීතීඥ මහත්ම මහත්මීන්ගේ නම් ලියාපදිංචි කරවා ගනු ලැබේ. ශ්‍රේෂ්ඨාධිකරනයේ නීතීඥවරයෙකු ලෙස දිවුරුම් දුන් ඕනෑම අයෙකුට මේ සඳහා ලියාපදිංචි විය හැකිය. එලෙස ලියාපදිංචිවූ නීතීඥ මහත්ම මහත්මීන්ට නීති ආධාර කොමිෂන් සභාව විසින් අධිකරණයේ නඩු කටයුතු පවත්වාගෙන යාම සඳහා අවස්ථාව ලබාදෙන අතර එම නඩු කටයුතු මෙහෙයවීම සිදු කරනු ලබන්නේ එකී නීතීඥ මණ්ඩලයේ සමාජික මහත්ම මහත්මීන් විසිනි.මේ සඳහා ඔවුන් වෙත කොමිෂන් සභාව විසින් අනුමත කරන ගරු දීමනාවක් ලබා දෙනු ලැබේ.


සටහන


නීති ආධාර අයදුම් කරුවෙකුට ලිපි මගින් හෝ දුරකථන මගින් හෝ නීති ආධාර කොමිෂමේ ඕනෑම කාර්යාලයකට පැමින නීති ආධාර ලබා ගැනීම සිදු කල හැකිය.



ආයතනයේ තොරතුරු

Legal Aid Commission of Sri Lanka

No 129,
Hulftsdorp Street,
Colombo 12.



දුරකථන:+94 115 335 329/ +94 115 335 281
ෆැක්ස් අංක:0094-11-2433618
විද්‍යුත් තැපෑල:legalaid@sltnet.lk
වෙබ් අඩවිය: www.legalaid.gov.lk

අදාළ සේවා


පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 09:07:12
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Most Popular

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 262
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty