මුලික සුදුසුකම් හා අවශ්‍යතා
- යාත්‍රාවේ ලියාපදිංචි පොත.
- යාත්‍රා හිමිකරුගේ ජාතික හැඳුනුම්පත
සටහන: යාත්‍රා පැවරිම්කරු හා පැවරුම්ලාභි පෞද්ගලිකවම ධීවර පරික්ෂක හමුවට පැමිණිය යුතුය.
අවශ්‍ය සුදුසුකමි නොතිබුනහොත් මේ සේවාව සදහා ඉල්ලුම ප්‍රතික්ෂේප වේ
ඉදිරිපත් කිරීමේ විධි
පියවර 1: ධිවර 56 හා, ධීවර 52 යන අයදුම්පත ධිවර පරික්ෂකගේන් ලබා ගන්න
පියවර 2: සම්පූර්ණ කරන ලද අයදුම්පත් හා උපකාරක ලියවිලි ප්‍රදේශයේ ධීවර පරීක්ෂක වෙත ඉදිරිපත් කළ යුතුය
උපකාරක ලියකියවිලි
- ලියාපදිංචි සහතික පොත
- යාත්‍රා හිමිකරුගේ (පැවරුම්කරු) ඡාතික හැදුනුම්පත
- නව හිමිකරුගේ (පැවරුම්ලාභී) ඡාතික හැඳුනුම්පත
අයදුම්පත්: වෙනත් පුද්ගලයකුට පැවරූ ධීවර යාත්‍රාවක් ලියාපදිංචි කිරිම සදහා ධීවර 56 හා ධීවර 52 යන අයදුම්පත ඉදිරිපත් කල යුතුය
ක්‍රියාවලිය පියවරෙන් පියවර
පියවර 1: ධීවර 56 හා 52 යන අයදුම්පත් ධීවර පරික්ෂකගෙන් ලබා ගන්න.
පියවර 2: සම්පූර්ණ කරන ලද අයදුම්පත් හා උපකාරක ලියවිලි ප්‍රදේශයේ ධීවර පරීක්ෂක වෙත ඉදිරිපත් කරන්න.
පියවර 3: ධීවර පරීක්ෂක නිර්දේශිත අයදුම්පත් හා උපකාරක ලියවිලි දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ වෙත ඉදිරිපත් කරයි
පියවර 4 : සුදුසුකම් සපුරා තිබේනම් දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ පැවරිම ලි. ප. කරනු ලබයි.
පියවර 5 : පැවරිම ලියාපදිංචි කිරිමේන් පසු ලේඛන අධ්යක්ෂ ජනරාල් වෙත යොමු කිරිම.
සටහන: පැවරුම්කරු ප්‍රදේශයේ ධීවර පරික්ෂක ඉදිරියේ පැවරිම කලබවට අත්සන් කල යුතුය.
සේවාව සදහා ගතවන කාලය
ගතවන කාලය: මේ සඳහා සති දෙකක කාලයක් ගතවේ
ඉදිරිපත් කිරීම සඳහා කාළ සීමාව
පියවර 1: අයදුම්පත් ලබා ගැනිම
වැඩකරන දින - සඳුදා සිට සිකුරාදා
කාර්යාලය විවෘතව තබන වේලාවන් - පෙ. ව. 9.00 සිට ප. ව. 4.45 ( රජයේ නිවාඩු දින හැර)
පියවර 2: අයදුම්පත් භාර ගැනීම
වැඩකරන දින - සදුදා සිට සිකුරාදා
කාර්යාලය විවෘතව තබන වේලාවන් පෙ. ව. 9.00 සිට ප. ව. 4.45 ( රජයේ නිවාඩු දින හැර)
වලංගු කාළ සිමාව: කාළ සීමාවක් නොමැත
සේවයට අදාල වියදම
අයදුම්පත් සදහා වියදම: අයදුම්පත සඳහා අයකිරිමක් නොකෙරේ.
වියදම: ලියා පදිංචිය අලූත් කිරීම යාත්‍රාවේ ප්‍රමාණය මත තීරණය වේ. ඒ අනුව පහත සඳහන් ගාස්තු අයකරනු ලැබේ.
යාත්‍රාවේ ප්‍රමාණය |
වියදම
|
අඩි 32 ට වඩා වැඩි |
Rs. 250/= |
අඩි 32 - 28 ත් අතර |
Rs. 150/= |
පිටත එන්ජිම සවිකල යාත්‍රා |
Rs. 50/= |
යාන්ත්‍රික නොවන යාත්‍රා |
Rs. 10/= |
දඩ සහ අය කිරීම්: ලියාපදිංචිය පැවරිම සඳහා දඩ මුදල් අය කරනු නොලැබේ.
අමතර වියදම: අමතර වියදම නොමැත
ආයතනයේ තොරතුරුධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව
තෙවන මහල,
නව මහ ලේකම් කාර්යාලය,
මාළිගාවත්ත,
කොළඹ 10.
ආරියසේන ප්‍රනාන්දු මහතා දුරකථන:0094-11-2446183 / 0094-11-2472187 / 0094-11-2449170 ෆැක්ස් අංක:0094-11-2449170 විද්‍යුත් තැපෑල:depfish@fisheries.gov.lk වෙබ් අඩවිය: www.fisheriesdept.gov.lk
|