The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Justice, Law & Rights පාරිභෝගික ආරක්ෂණය තරඟකාරී විරෝධී ක්‍රියාකාරකම් පිළිබඳ විමර්ශනය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


තරඟකාරී විරෝධී ක්‍රියාකාරකම් පිළිබඳ විමර්ශනය

PDF Print Email

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම සේවය සපයනු ලබන්නේ ශ්‍රී ලංකාව තුල තරඟකාරි විරෝධි ක්‍රියාකාරකම් වළක්වාලීම සඳහාය.
කිසියම් පුද්ගලයකු/ පුද්ගලයන් කණ්ඩායමක් සිය ව්‍යාපාර කටයුතු කරගෙන යාමේදී භාණ්ඩ නිෂ්පාදනය, සැපයීම හෝ අත්කර ගැනීම හෝ සේවාවන් සැපයීම හෝ ලබා ගැනීම සම්බන්ධයෙන් ක්‍රියාකරන විටදී ඒවා සීමා කිරිම, විකෘති කිරිම හෝ තරඟකාරීත්වය වළක්වා ලීමට තුඩු දෙන අයුරු කටයුතු කරනු ලැබීම.

සුදුසුකම්   
තරඟ විරෝධි චර්යාවලට එරෙහිව ඊට අදාල ලියවිලි සමඟ පැමිණිල්ලක් ඉදිරිපත් කරනු යම් පුද්ගලයෙකුට, පාරිභෝගික සංවිධානයකට හෝ වෙළඳ සංගමයකට මෙම සේවාව ලබා ගත හැක.

ඉදිරිපත් කිරිමේ ක්‍රියාපරිපාටිය   

සියළුම පැමිණිලි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හෝ අධ්‍යක්ෂ ජෙනරාල් වෙත ඉදිරිපත් කල යුතුය.

 

අවශ්‍ය අමතර ලියවිලි

  • ගිවිසුම්
  • ලියවිලි හෝ වාර්තා ඉදිරිපත් කිරිම.
  • ඉන්වොයිස් පත්‍ර

ඉල්ලුම්පත්‍ර
මෙම සේවය ඉල්ලුම් කිරිමෙහිදී උපයෝගී කර ගත යුතු සම්මත ආකෘති පත්‍රයක් දක්වා නැත. තමා විසින් සහතික කරන ලද ලිපියක් මගින් ඉල්ලුම්කරුවන් විසින් කරනු ලබන ඉල්ලීම් භාරගනු ලැබේ.

ප්‍රවාහ සටහන

පියවරෙන් පියවර ක්‍රියාපරිපාටිය
පියවර 1 : ඉල්ලුම්කරු විසින් තම පැමිණිල්ල අධිකාරිය වෙත ඉදිරිපත් කිරීම.
පියවර 2 : ගැටළුව පිළිබඳව විමර්ශනයක් පැවැත්වීම සදහා අධිකාරිය විසින් සාක්ෂිකරුවන්ගේ සාක්ෂි කැදවීම.
පියවර 3 : විමර්ශනයේදි වාචිකව සාක්ෂි ඉදිරිපත් කිරීම සදහා ඉඩ ප්‍රස්ථා ඉල්ලුම්කරුට ලබා දිම

පියවර 4 : වගඋත්තර පාර්ශවයට තම නිරික්ෂණයන් හා ඊට අදාල ලියකියවිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම.

පියවර 5 : සාක්ෂි හා දිව්රුම් ප්‍රකාශ කැදවීම,

පියවර 6 : අධිකාරිය විසින් සිදු කරන විමර්ශනයෙන් පසුව නිගමනයන්ට එළඹීම.

සටහන - විමර්ශනයේදී තරඟ විරෝධි චර්යා පවත්නා බවට සනාථ වුවහොත් අධිකාරිය විසින් පාරිභෝගික කටයුතු සභාව වෙත ඉල්ලීමක් ඉදිරිපත් කරයි. එම ඉල්ලීම ලැබී මාසයක් ඇතුළත පාරිභෝගික කටයුතු සභාව විසින් ඒ සම්බන්ධයෙන් තම නිර්ණයන් ඉදිරිපත් කල යුතුය.

කාල නියමය

ක්‍රියාදාම කාල නියමය
විමර්ශනය ආරම්භ කර,දින 100ක් ඇතුලත එය සම්පූර්ණ කිරිම පාරිභෝගික අධිකාරිය සතු කාර්යභාර්යක් විය යුතු අතර තම නිරික්ෂණ ඉදිරිපත් කිරීම සදහා පාරිභෝගික කටයුතු සභාව විසින් මාසයක පමණ කාලසීමාවක් ගනී.

ඉදිරිපත් කිරිමේ කාල නියමය

වැඩ කරන දින : සඳුදා සිට සිකුරාදා
වීවෘත කරන වේලාවන් : පෙ.ව.8.30 සිට ප.ව.4.15
නිවාඩු දින : සියළු රජයේ හා වෙළඳ නිවාඩු දින

වලංගු කාල නියමය
අදාල නැත.

සේවයට අදාල මිළ ගණන්
මෙම සේවයට අදාල මිළ ගණන්  කිසිත් නැත.

 

 

 

 

 

 

 


ආයතනයේ තොරතුරු

Consumer Affairs Authority

 



දුරකථන:011-7755456-7, 011-7755475 Consumer Complaint 011-7755481-3
ෆැක්ස් අංක:011-2399148
විද්‍යුත් තැපෑල:chairmancaa@sltnet.lk / dgcaa@sltnet.lk
වෙබ් අඩවිය: www.caa.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:55:19
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 226
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty