සුදුසුකම්
- ඉල්ලූම් කරනු ලබන සංවර්ධනය කරනු ලැබූ බල රහිත රජයේ ඉඩම 1956.06.15 වැනි දිනට පෙර විය යුතුය.
- ඉල්ලූම් කරනු ලබන ඉඩම කැලෑවක් නොවිය යුතු අතර රජයට වහාම අවශ්‍ය නොවන ඉඩමක්ද විය යුතුය.
- ඉල්ලූම්කරු විවාහකයකු විය යුතුය.
- ඉල්ලූම්කරුගේ පවුලේ මාසික ආදායම රුපියල් 2500 අඩු විය යුතුය.
- පවුලේ සෑම දෙනාගේම ඉඩම් අයිතිය අක්කර 2 කට අඩු විය යුතුය.
- සඳහන් කරන ලද ඉඩමේ අයිතිය විරුද්ධත්වයක් නොමැතිව තමා සතු විය යුතුය.
ඉදිරිපත් කිරීමේ ක්‍රියාපිළිවෙල
ඉල්ලූම් පත්‍රයක් ලබා ගැනීම
සංවර්ධනය කරනු ලැබූ ඉඩම පිළිබඳ සම්පූර්ණ විස්තර ඇතුළත් ඉල්ලූම් පතක් ඉල්ලූම්කරු විසින් ඉදිරිපත් කළ යුතුය.
ආදර්ශ ඉල්ලූම්පත
බලරහිත ඉඩම පිළිබඳ අවසර ඉල්ලූම් පත්‍රය
මේ සඳහා අවශ්‍ය ලියකියවිලි
ග්‍රාම නිලධාරී සහතිකය
ග්‍රාම නිලධාරී සහතිකය සමඟ සම්පූර්ණ කරන ලද ඉල්ලූම්පත ප්‍රාදේශීය ලෙකම් කාර්යාලයට භාර දිය යුතුය.
වැඩ කරන දින: සඳුදා
වැඩ කරන කාලය: පෙ.ව. 9.00 _ප.ව. 4.30 දක්වා
සටහන්: පහත සඳහන් තොරතුරු ඉල්ලූම් කරන ලිපියේ සඳහන් කළ යුතුය.
- ඉඩම අවට ඇති ඉඩම්
- රජයේ ඉඩමේ ස්වභාවය
- ඉඩම සංවර්ධනය කිරීමට තමා විසින් කරන ලද වැඩ පිළිවෙල
- පවුලේ විස්තර හා සුදුසුකම් ඉඩම නොමිලේ ලබා ගැනීමට නම් ඉදිරිපත් කළ යුතුය.
ඉල්ලූම් පත්‍රය
පියවරෙන් පියවර ක්‍රියාවලිය
පියවර 1: ඉල්ලූම්කරු විසින් සංවර්ධනය කරන ලද රජයේ ඉඩම පිළිබඳ සම්පූර්ණ විස්තර සහිත ලිපියක් ඉදිරිපත් කළ යුතුය.
සැලකිය යුතුයි : පහත සඳහන් කරුණු ඉල්ලූම් කරන ලිපියේ සඳහන් විය යුතුය.
- ඉඩම අවට ඇති ඉඩම්වල විස්තර
- රජයේ ඉඩමේ ස්වභාවය
- ඉඩම සංවර්ධනය කිරීමට ඉල්ලූම් කර ඇති වැඩපිළිවෙල
- අයිතිය සඳහා විරුද්ධ කරුවන් නැති බව
- ඉඩම නොමිලේ ලබා ගැනීමට නම් පවුලේ විස්තර හා සුදුසුකම්
පියවර 2: ඉල්ලූම්කරු ග්‍රාම නිලධාරී සහතිකය ලබාගත යුතුය
සැලකිය යුතුයි: ඉල්ලූම්කරු විසින් සලයා ඇති තොරතුරු නිවැරදිද සොයා බැලීමට ග්‍රාමනිලධාරී විසින් කටයුතු කරනු ලැබේ.
පියවර 3: ග්‍රාම නිලධාරී සහතිකය සමඟ ඉල්ලූම්පත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත භාරදීම.
පියවර 4: ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සම්මුක පරීක්ෂණයක් සඳහා ඉල්ලූම්කරු කැඳවීම.
පියවර 5: ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් මෙම තොරතුරු ඉඩම් කොමසාරිස් තුමා වෙත යවා අනුමැතිය ලබා ගැනීම.පියවර 6: ඉඩම් කොමසාරිස් තුමා විසින් ඔහුගේ අනුමැතිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැන්වූ පසු එම අවසර පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඉල්ලූම්කරුට ලබාගත හැක.
කාලසීමාව
ක්‍රියාවලිය සඳහා කාලසීමාව: මාස 3 ඇතුළත
ඉදිරිපත් කිරීමේ කාලසීමාව: අදාළ නොවේ.
වලංගු කාලසීමාව: ජීවිතාන්නය දක්වා වලංගුය
වැඩ කරන කාලය / දින
ප්‍රදේශීය ලේකම් කාර්යාලවලය (රජයේ ඉඩම් පිළිබඳ අංශය)
පෙ.ව. 9.00 _ ප.ව. 4.30 සඳුදා සහ බඳාදා
ග්‍රාම නිලධාරී කාර්යාලවලය
පෙ.ව. 9.00 _ ප.ව. 4.45 සඳුදා
පෙ.ව. 9.00 _ 12.00 දක්වා බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා
සේවය සඳහා ගෙවීම්
සේවය නොමිලේ සපයනු ලැබේ.
අවශ්‍ය අමතර ලියකියවිලි
ග්‍රාම සේවා නිලධාරී සහතිකය
සේවය සඳහා වගකීම
පුද්ගලයාගේ තරාතිරම |
අංශයේ නම |
ප්‍රදේශීය ලේකම් |
අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය |
ඉඩම් නිලධාරී |
රජයේ ඉඩම් පිළිබඳ ක්‍රියාකාරී අංශය |
ග්‍රාම නිලධාරී |
අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය |
විශේෂ තොරතුරු
අදාළ නොවේ
සාමීපල දත්ත සහිත ආදර්ශ ඉල්ලූම් පත
අනවසර ඉඩමක් නොමිලේ ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරන ආදර්ශ ඉල්ලූම් පත
ආයතනයේ තොරතුරුප්රාදේශීය ලේකම් කාර්ය්යාලය - කොළඹ
ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය,
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
වේල්ල වීදිය,
කොළඹ 12.
දුරකථන:011-2437247 ෆැක්ස් අංක:011-2325512 විද්‍යුත් තැපෑල:ds@colombo.ds.gov.lk වෙබ් අඩවිය: www.colombo.ds.gov.lk
|