The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Health, Well Being & Social Service Social Service මහජනාධාර දිමනා ලබාගැනිම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


මහජනාධාර දිමනා ලබාගැනිම.

PDF Print Email

සුදුසුකම්
පහත දැක්වෙන අඩු ආදායම් ලාභීන්ට මෙම සේවාව සඳහා ඉල්ලූම් කළ හැක.

  • අසනීප පුද්ගලයන්, වයෝවෘද්ධයින්, ශාරීරික සහ මානසික ආබාධිතයින් සහ ඔවුන්ගෙන් යැපෙන්නන්.
  • ශාරීරික දුබලතාවයකින් පෙලෙන සහ සිය පවුල නඩත්තු කිරීමට නොහැකි ළමුන් සිටින වැන්දඹවුවන්.
  • සැමියා හො දරුවන් හෝ සැමියා හා දරුවන් විසින් අත හැර ගොස් සිටින හෝ දරුණු රෝග පීඩාවකට ගොඳුරු වූ හෝ සිරගතවී සිටින හෙයින් පවුල නඩත්තු කර ගැනීමට අපහසු කාන්තාවන්.
  • අත හැර දමා ගොස් සිටින හෝ දෙමව්පියන් අහිමි හෝ භාරකරුවන් නොමැති අනාථ වයස අවුරුදු 16 ට අඩු 16 ට වැඩි දෙමවුපියන් අහිමි මානසික ආබාධිත ළමුන්.

නුසුදුසු වීමට හේතු
යමි පුද්ගලයෙකු ඉහත සදහන් සුදුසුකම් නොලබන්නේ නම් ඔහු හෝ ඇය මෙම ආධාර ලබා ගැනිම සදහා නුසුදුසු වීමට හේතු වේ.

ඉදිරිපත් කිරීමේ ක්‍රියාපිළිවෙල

1 ග්‍රාම නිලධාරි හෝ ප්‍රාදේශීය ලේකම් හමුවිම
  • අයදුම්කරු විසින් ග්‍රාම නිලධාරිහට ඉල්ලිමේ ලිපියක් මගින් මහජන ආධාර ලබා ගැනීමට හේතු දන්වා ඉදිරිපත් කිරීම
  • මහජන ආධාර ලබා ගැනීම සඳහා ග්‍රාම නිලධාරී මහතාගේ අනුමැතිය ගෙන ,”එස්.එස්/පි බි1”, පෝරමය ග්‍රාම නිලධාරී මහතාගෙන් ලබා ගත හැක.  
අයදුම්පත් පෝරම් අංක
”එස්.එස්/පි බි1”පෝරමය
2 උපකාරක ලිපි අවශ්‍යය
  • මහජන ආධාර ලබා ගැනීමට හේතු සහිත ඉල්ලිමේ ලිපිය
 
3 අයදුම් පත්‍ර පෝරමය ඉදිරිපත් කිරීම
  • අයදුම්කරු , ”එස්.එස්/පි බි1”,පෝරමය පුරවා ග්‍රාම නිලධාරීවෙත ඉදිරිපත් කළ යුතුයි.
  • එම පෝරමය ග්‍රාම නිලධාරී වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ප්‍රාදේශීය ලේකම් සමඟ සාකච්ඡා කර ආධාර දීමට කටයුතු කරනු ඇත.
සටහන: අයදුම්කරුට මෙම සේවය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආයතන අංශයෙන්ද කරගත හැක.
වැඩ කරන වේලාවන් ප්‍රාදේශීය ලෙකම් කාර්යාලය
සඳුදා සහ බඳාදා
පෙ.ව. 9.00 සිට ප.ව. 4.30 දක්වා

ග්‍රාම නිලධාරී කාර්යාලය
සඳුදා
පෙ.ව. 9.00 සිට ප.ව.  4.45 දක්වා

බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා පෙ.ව. 9.00 සිට
දවල් 12.00 දක්වා


ඉල්ලූම් පත්‍රය

අයදුම්පත් පෝරම අංකය / පිටුව විස්තරය
ඉල්ලිමේ ලිපිය මහජන ආධාර ඉල්ලීමට හේතු දැක්වීම
එස්/එස්/බි1” පෝරමය අයදුම්කරු ඉල්ලූම් පත්‍රය පුරවා සම්පූර්ණ කර ග්‍රාම නිලධාරි මහතාගේ හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිහිටවන ලද (ආයතන අංශය) වෙත භාර දිය යුතුයි.
එස්/එස්/1බි” පෝරමය මහජන ආධාර මාසික දීමනාව නැවත අලුත් කිරීමට බලය පැවරීම.
"එස්/එස්/බි4" පෝරමය මහජන ආධාර මාසික දීමනාව නිකුත් කිරීමට බලය පැවරීම
"එස්/එස්/බි2" ගෙවීමේ සහතිකය    මහජන ආධාර පත (ගෙවීම් සහතිකය)

 

පියවරෙන් පියවර ක්‍රියාවලිය ( මහජනාධාර දිමනා ලබාගැනිම )
පියවර 1 : අයදූමිකරු විසින් ඉල්ලිමේ ලිපියක් ග්‍රාම නිලධාරීතුමාට හෝ ප්‍රාදේශීය ලේකම්ට ඉදිරිපත් කිරීම
පියවර 2 : අයදූමිකරු විසින් “එස්.එස්/පී බී 1” අයදූමිපත ග්‍රාම නිලධාරීතුමාගෙන් හෝ ප්‍රාදේශීය ලේකම්ගෙන් ලබා ගෙන එය සම්පුර්ණ කර ඉල්ලිමේ ලිපියද සමග ග්‍රාම නිලධාරීතුමා වෙත ඉදිරිපත් කිරීම
සටහන :  

  1. අයදූම්කරු විසින් “එස්.එස්/පී බී1” අයදූම්පත සම්පූර්ණ කල යුතුය
  2. ග්‍රාම නිලධාරි විසින් “එස්.එස්/පී බී 2” අයදූම්පත සම්පූර්ණ කල යුතුය

පියවර 3 : සමජ සේවා නිලධාරි නිර්දේශමත ලබා දුන් පසු ප්‍රා.ලේ. විසින් සොයාබලා අනුමැතිය ලබා දෙයි
පියවර 4 : තොරතුරු ලේඛනයට ඇතුලත් කිරිම.
පියවර 5 : ප්‍රතිපාදන ලැබිම අඩු අදයම් කරුවන්ට දන්වා යැවිම.
පියවර 6 : අයදුම්කරුට මහඡන ආධාර කාඩිපත ග්‍රාම නිලධාරිතුමාගෙන් ලබා ගත හැක.
පියවර 7 : අයදුම්කරුට ලගම පිහිටි තැපැල් කාර්යාලයට ගොස් අරමුදල ලබා ගත හැකි අතර එය සෑම මසකම අළුත් කල යුතුය
සටහන 1:

  1. අයදුම්කරු අසනීප වු අවස්ථාවකදි අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීට දැනුමි දි ඒ අයදුම්කරු වෙනුවට ග්‍රා . නි. අවසරලත් නියොජිතයෙක් යෙදවිය හැක.
  2. කටයුතු කරන පුද්ගලයා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාගන්නා ලද එස්.එස්/පී/4 අයදූමිපත පුරවා ග්‍රාම නිලධාරීතුමාගෙන් අනුමත කරගෙන ලගම පිහිටි තැපැල් කාර්යාලයට ගොස් අරමුදල ලබා ගත හැක

සටහන 2 : මහඡන ආධාර සැම මසකම 6 වෙනිදා හා 13 වෙනිදා අතර දිනකදි ලගම පිහිටි තැපැල් කාර්යාලයෙන් ලබා ගත හැක
සටහන 3 : ඉහත දිනයන්හි මහඡන ආධාර ලබා ගත නොහැකි වුවහොත් නැවත එම හිග මුදල ලබා ගත නොහැක
 

කාලසීමාව           
පිළියෙල කිරීමට ගතවන කාලය: ප්‍රතිපාදන ලැබිම අනුව වෙනස් වේ
(දිස්ත්‍රික් ලේකම් කාර්යාලය)

ඉදිරිපත් කිරීමේ කාලසීමාව: රජාකාරී වේලාවන් වලදි

වලංගු කාලසීමාව: මාසයක් ඇතුළත
සටහන් - ඉහත දිනයන්හි මහඡන ආධාර ලබා ගත නොහැකි වුවහොත් නැවත එම හිග මුදල ලබා ගත නොහැක

වැඩ කරන වේලාවල් හා දවස්

ප්‍රාදේශිය ලේකම් කාර්යාලය (සමජ සේවා අංශය)
  සතියේ සියලුම දින.
පෙ.ව.  9.00 සිට ප.ව. 4.30 දක්වා

ග්‍රාම නිලධාරි කාර්යාලය
සඳුදා: පෙ.ව.  9.00 සිට ප.ව. 4.45 දක්වා
බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා: පෙ.ව. 9.00 සිට දහවල් 12.00 දක්වා

සේවය සඳහා ගෙවීම
මෙම සේවය සදහා ගෙවීම කලයුතු නොවේ.

අවශ්‍ය අමතර ලියකියවිලි
මහජන ආධාර ලබා ගැනීමට හේතු සහිත ඉල්ලිමේ ලිපිය

විශේෂ කරුණු

  • අයදුම්කරු අසනීප වු අවස්ථාවකදි අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීතුමාට දැනුමි දි ඒ වෙනුවට වෙනත් අයෙක් යෙදවිය හැක
  • අයදුම්කරු වෙනුවට කටයුතු කරන පුද්ගලයා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාගන්නා ලද එස්.එස්/පී/4 අයදූමිපත පුරවා ග්‍රාම නිලධාරීතුමාගෙන් අනුමත කරගෙන ලගම පිහිටි තැපැල් කාර්යාලයට ගොස් අරමුදල ලබා ගත හැක.

මහජන ආධාර මාසික දීමනාව නැවත අලුත් කිරීම
සෑම අවුරුදකට වරක්ම අයදූමිපත “එස්.එස් / පී 1 බි” අලුත් කළ යුතුය

මහජන ආධාර නැවැත්විම සහ අත්හිටුවිම

  • අයදුම්කරුගේ මරණින් පසුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මහජන ආධාර මාසික දීමනාව ගෙවිම නැවැත්විය හැක
  • ආධාර ලබන්නෙකු මාස 3 ක් නොකඩවා එක දිගට මහජනාධාර මුදල් ලබා නොගත්තොත් එම මහජනාධාර මුදල අත්හිටුවිමට පුලුවන. මහජනාධාර මුදල අත්හිටුවු දිනයේ සිට මාස 3 ක් ඇතුලත නැවත ඉල්ලිමක් නොකලොත් එම මහජනාධාර මුදල නැවැත්විය හැක.
  • මහජනාධාර මුදල් ලබන්නන්ගේ පවුලේ ආර්ථික තත්වය යහපත් වු පසු මහජනාධාර මුදල නැවැත්විය හැක.

පදිංචි ස්ථානය වෙනස් කිරිම

දත්ත තොරතරු සහිත ආදර්ශ ඉල්ලූම් පත
"එස්/එස්/බි1" පෝරමය
"එස්/එස්/1බි" පෝරමය
"එස්/එස්/බි4" පෝරමය 


පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:43:48
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Most Popular

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 221
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty