සුදුසුකමි
ශ්‍රී ලංකිකයෙකු මුදලින් මාසික ඉපයීම රු 1500.00 වඩා අඩුවිය යුතුය
සටහන -: සමෘද්ධි සංවර්ධන නිලධාරියා පවුල් පසුබිමි මත සහනාධාරය ලැබිමට සුදුසුකමි තිබේදැයි තිරණය කරයි පහත දැක්වෙන සුදුසුකමි සපුරාලන අය පිළිබදව සලකා බලනු ලබයි
• ස්වාමිපුරුෂයා / ප්‍රධාන ඉපැයීමි කරුගේ මරණය
• වැඩිහිටි ඉපැයීමිකරුවකු නොමැති බව
පුරවැසිභාවය සහිත සුදුසු අයට සමෘද්ධි සහනාධාරය පහත පරිදි ගනනය කර බෙදා දෙනු ලබයි
• ඵක් සාමාජිකයකුට - මසකට රු 250.00
• සමාජිකයන් දෙදෙනෙකුට (පවුලේ) - මසකට රු350.00
• පවුලේ සමාජිකයන් දෙදෙනෙකුට වඩා මසකට රු 600.00
ඉතාමත් දිලිදු පවුල් සදහා මසකට රු 1000.00 ගෙවනු ලබයි
ඉදිරිපත් කිරීමේ පිළිවෙල
1.ඉල්ලූමි ලිපියක් සකස් කිරීම අයදුමිකරු විසින් නිවසේ ආදායම් විස්තර පවුලේ පසුබිම හා ලිපිනය සදහන් කර ඉල්ලූමි ලිපියක් සකස්කල යුතුය
2.ඉල්ලූමි ලිපිය භාර දිම
ඉල්ලූමිකල ලිපිය අදාල ප්‍රාදේශීය ලේකමිට තැපැල් කල හැකි අතර අදාල සමෘද්ධි සංවර්ධන නිලධාරියාට අතින් ගෙන ගොස් බාරදිය හැකිය
3 අයදුමි පත්‍ර
අදාල නැත
පියවරෙන් පියවර පිළිවෙල
1 පියවර- අයදුමිකරු ඉල්ලුමි ලිපියක් සකස් කල යුතුය ඔහුගේ මාසික ආදායම පවුල් පසුබිම හා ලිපිනය / ප්‍රාදේශීකය යන තොරතුරු ඇතුලත්ව
2 පියවර - සකසා ගත් ඉල්ලුමි ලිපිය අදාල ප්‍රාදේශීය ලේකමි වෙත තැපැල් කල හැකි අතර නැතහොත් අදාල සමෘද්ධි නිලධාරියා වෙත අතින් භාරදිය හැකිය
3 පියවර - අයදුමිකරු ඉල්ලුමි ලිපිය ප්‍රාදේශීය ලේකමිට යැවූ විට ඔහු ඵ් බව සමෘද්ධි සංවර්ධන නිලධාරියාට දැනුමි දෙනු ලැබේ සමෘද්ධි සංවර්ධන නිලධාරියා ක්ෂේත්‍රයේ යාමෙන් ඵ් දේවල් ලබා ගනී
සටහන ථ අයදුමිකරු ඉල්ලුමි ලිපිය සමෘද්ධි සංවර්ධන නිලධාරියාට භාර දුන්නේ නමි ඔහු ක්ෂේත්‍රයේ යාමෙන් අවශ්‍ය දේවල් ලබා ගනී
4 පියවර -සමෘද්ධි සංවර්ධන නිලධාරියා ඵ් බව අදාල ප්‍රාදේශීය ලේකමිට නිත්‍යානුකූලව දන්වනු ලැබේ
5 පියවර -ප්‍රාදේශීය ලේකමි ඵය අනුමත කොට නිත්‍යානුකූලව නැවත අයදුමිකරුට දෙනු ලබයි ඉන් පසු අයදුමිකරු නිත්‍යානුකූලව සමෘද්ධි සහනාධාරය ලබා ගත හැක
සටහන -අයදුමිකරු ඵක පාරක් හෝ සමෘද්ධි සහනාධාරය ලබාගත්තා නමි අදාල ප්‍රාදේශීය ලේකමි විසින් ඵ් බව සමෘද්ධි හා ඳිලිදු කම පිටුදැකීමේ අමත්‍යාංශයට අදාල මුදල ලබාගත් බව දැන් විය යුතුය
අදාල ප්‍රාදේශීය ලේකමි නිත්‍යානුකූලව අනුමත නොකල හොත් අයදුමිකරු ප්‍රතක්ෂේප වේ
කාල සීමාව
• පිලියෙල කිරීමට ගතවන කාලය - මාස 6 ක් තුල
• ඉදිරිපත් කිරීමේ කාල සීමාව
ඉල්ලුමි කල ලිපිය තැපැල් කල හැකි අතර ඕනෑම වැඩ කරන දවසක ගෙන ගොස් භාර දිය හැක
• වලංගු කාල සීමාව- අදාල නැත
සේවා සදහා වියදමි
ගෙවීමකින් තොරයි
අවශ්‍ය උපකාරක ලිය කියවිලි
අදාල නැත
link
ආයතනයේ තොරතුරුප්රාදේශීය ලේකම් කාර්ය්යාලය - කොළඹ
ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය,
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
වේල්ල වීදිය,
කොළඹ 12.
දුරකථන:011-2437247 ෆැක්ස් අංක:011-2325512 විද්‍යුත් තැපෑල:ds@colombo.ds.gov.lk වෙබ් අඩවිය: www.colombo.ds.gov.lk
|