දැනට මෙහෙයවන පාඨමාලා පිළිබඳ විස්තර
රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ භාෂා විද්‍යාගාරය මගින් පහත දැක්වන භාෂාවන් උගන්වනු ලැබේ.
- සිංහල
- දෙමළ
- ඉංග්‍රීසි
- ප්‍රංශ
- ජර්මන්
- හින්දි
- ඉතාලි
- ජපන්
- ස්පාඤ්ඤ
- චීන
- අරාබි
- කොරියන්
- IELTS
එක් එක් සෙමෙස්ටරයක (අධ්‍යයන වාරය) පවත්වනු ලබන භාෂා පාඨමාලා තීරණය වනුයේ ඉහත සඳහන් පාඨමාලාවන්ට අවම වශයෙන් සිසු සිසුවියන් 15 දෙනෙකුගේ සහභාගීත්වය තිබුණ හොත් පමණි.
මට්ටම් : මුලික / උසස් / විශේෂ කථන පුහුණු වශයෙනි.
ඉල්ලීම් කළ හැක්කේ කාටද :
රජයේ සේවකයන් සහ වෙනත් අය සඳහා.
අවශ්‍ය මූලික සුදුසුකම් :
සිංහල , දෙමළ සහ විදේශ භාෂා සඳහා මූලික සුදුසුකම් අවශ්‍යද නොමැති අතර ඉංග්‍රීසි භාෂාව සඳහා අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් සම්මාන සාමාර්ථ්යක් ලබා තිබීම.
ඉල්ලුම් පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය:
වසරකට දෙවරක් ප්‍රසිද්ධ පුවත් පත් දැන්වීමක් මගින් සිසුන් බඳවා ගනු ලැබේ. (ජනවාරි මස සහ ජුනි මස)
පවත්වනු ලබන විභාග :
උක්ත පාඨමාලා සඳහා අදාළ සෙමෙස්ටරය (අධ්‍යයන වාරය) තුළ පවත්වනු ලබන පාඨමාලා සඳහා පාඨමාලා අවසානයේදී පැය 03 ක ලිඛිත පරීක්ෂණයක් සහ වි.15 ක වාචික පරීක්ෂණයක් වශයෙන් පරීක්ෂණ කොටස් දෙකක් පවත්වනු ලැබේ.
ඉල්ලුම් පත් ලබාගත හැකි ආකාරය :
උක්ත විභාගය භාෂා විද්‍යාගාරයේ පාඨමාලාවන්හි සමස්තයක කොටසක් බැවින් සහභාගි වී සිටින සිසු සිසුවියන්ට අනිවාර්යෙන්ම පෙනී සිටීමට සිදු වේ. ඉල්ලීමක් අවශ්‍ය නොවේ.
ඉල්ලුම් පත් නිකුත් කරන කාල සීමාව :
ප්‍රසිද්ධ පුවත්පත් මඟින් හා වෙබ් අඩවිය මඟින් දැනුම් දෙනු ලැබේ.
ඉල්ලුම් පත් භාර ගන්නා කාල සීමාව :
ප්‍රසිද්ධ පුවත්පත් මඟින් හා වෙබ් අඩවිය මඟින් දැනුම් දෙනු ලැබේ.
ඉල්ලුම් පත් එවිය යුතු ලිපිනය:
භාෂා විද්‍යාගාරය, රාජය භාෂා දෙපාර්තමේන්තුව, භාෂා මන්දීරය, 341/7, කෝට්ටේ පාර, රාජගිරිය.
දුරකථන අංක :
0094-112-889457 / 0094-112-888934 දිගුව - 219
වෙබ් අඩවිය :
www.languagesdept.gov.lk
සේවා භාර මාණඩලික නිලධාරීන් :
තනතුර
|
නම
|
අංශය
|
දුරකථනය
|
ෆැක්ස්
|
ඊ-මේල් |
අධ්‍යාපනඥ |
ඊ.අමරසේකර |
භාෂා විද්‍යාගාරය |
0094-112-889457 |
0094-112-888928 |
comol@sltnet.lk |
ආයතනයේ තොරතුරුරාජ්ය භාෂා දෙපාර්තමේන්තුව
භාෂා මන්දිරය,
341/7,
කෝට්ටේ පාර,
රාජගිරිය.
දුරකථන:0094-112-888934 ෆැක්ස් අංක:0094-112-888928 විද්‍යුත් තැපෑල:comiaddin@sltnet.lk වෙබ් අඩවිය: www.languagesdept.gov.lk
|