The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Travel, Tourism & Lesiure Leisure ජාතික නර්තන උළෙල
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ජාතික නර්තන උළෙල

PDF Print Email
ජාතික නර්තන දිනය නිමිත්තෙන් වාර්ෂිකව ජාතික නර්තන උළෙල සංවිධානය කරයි.
සුදුසුකම් හා කොන්දේසි
කලායතන, සංස්කෘතික මධ්‍යස්ථාන හා කලා සංවිධාන මෙම උළෙල සඳහා නර්තන නිර්මාණ ඉදිරිපත් කිරීමට සුදුසුකම් ලබයි. මේ සඳහා ඉදිරිපත් වන සෑම ආයතනයකටම චක්‍රලේඛයේ දක්වා ඇති නර්තන අංග අතුරෙන් දෙකකට පමණක් ඉදිරිපත් විය හැක. මෙම උළෙලට අදාළ තරග උඩරට, පහතරට, සබරගමු, ගැමි, හා ද්‍රවිඩ යන අංශ පහෙන් සමන්විත වන අතර තරග වට දෙකකින් යුක්ත වේ. මූලික වටයේ තරග දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වෙන අතර එයින් තෝරාගනු ලබන නර්තන අංග අවසන් වටය හෙවත් ජාතික තරගය සඳහා ඉදිරිපත් කරනු ලබයි. ජාතික තරගයෙන් ප්‍රථම, දෙවන, තෙවන ස්ථාන ලබාගන්නා‍ නර්තන කණ්ඩායම් සඳහා මුදල් ත්‍යාග හා සහතික පත්‍ර පිරිනැමේ. ( වැඩි විස්තර  රාජ්‍ය නර්තන උළෙලට අදාළ ව්‍යවස්ථාවේ දැක්වේ )
රාජ්‍ය නර්තන උළෙල සඳහා නිකුත් කෙරෙන චක්‍රලේඛයට අමුණා ඇති අයදුම් පත්‍රය මේ සඳහා යොදාගත හැක. නර්තන අංගය සඳහා ඉදිරිපත් වන තරගකරුවන්ගේ ජාතික හැදුණුම්පත් අංකය හෝ උපන් දිනය සහිතව නාමලේඛනය සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය සමග ඉදිරිපත් කළ යුතුය. අයදුම්පත්‍රය බහා එවන ලියුම්කවරයේ වම්පස උඩ කෙළවරේ ජාතික නර්තන උළෙල (අදාළ වර්ෂය) යනුවෙන් සඳහන් කළ යුතුය.
බත්තරමුල්ල, සෙත්සිරිපාය, 8වන මහලේ පිහිටි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ජාතික නර්තන අනුමණ්ඩලයෙන්
අයදුම්පත් සඳහා ගාස්තු අය නොකෙරේ.
පුවත්පත් හා මාධ්‍ය දැන්වීම් මගින් දැණුම් දෙන නිර්මාණ භාරගැනීමේ අවසන් දිනට හෝ ඊට ප්‍රථම කාර්යාල වේලාව තුළ
සේවා සැපයීම වෙනුවෙන් ගාස්තු අය නොකෙරේ.
හැදුණුම්පත් අංකය හෝ උපන් දිනය සහිත තරගකරුවන්ගේ නාමලේඛනය
සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ, සහකාර අධ්‍යක්ෂ සේවාභාර මාණ්ඩලික නිලධාරීන්ය.
අයදුම්පත් අකෘතිය
සම්පූර්ණ කරන ලද අයදුම්පත

ආයතනයේ තොරතුරු

Department of Cultural Affairs

8th Floor,
Sethsiripaya,
Bataramulla.


Mr ICJ Gunaratne
දුරකථන:+94-112-872031 / +94-112-866731
ෆැක්ස් අංක:+94-112-866732
විද්‍යුත් තැපෑල:dcanews@sltnet.lk
වෙබ් අඩවිය: www.cultural.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:26:46
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 293
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty