අවුරුදු 05 – 18 අතර ශ්‍රී ලාංකික දරුවෙකුවීම.
පුවත්පත් මාධ්‍ය දැන්වීමි මගින් සිදුකරන දැනුවත් කිරීම්වලට අනුව තමන් විසින් සකස්කරගත් අයදුම්පත්‍රයක් සමග තමන් කැමති ඕනෑම මාතෘකාවක් යටතේ ඕනෑම මාධ්‍යයක් භාවිතා කරමින් අඳින ලද අඟල් 18x14 ප්‍රමාණයේ එක් නිර්මාණයක් පමණක් මේ සඳහා ඉදිරිපත් කළ යුතුය. ඉදිරිපත් කරන චිත්‍රයේ වම්පස ඉහළ කෙළවරේත්, චිත්‍රය ආවරණය කරනු ලබන කවරයේ වම්පස ඉහළ කෙළවරේත් නිර්මාණකරු අයත්වන දිස්ත්‍රික්කය අනිවාර්යයෙන්ම සඳහන්කළයුතුය. මේ සඳහා එක් අයෙකුට එක් නිර්මාණයක් පමණක් ඉදිරිපත් කළ හැකි අතර අදාළ චිත්‍රයේ පිටුපස නිර්මාණකරුගේ නම, උපන් දිනය, නිර්මාණ බාරගන්නා අවසන් දිනට වයස, ලිපිනය, තරග අංශය, පෞද්ගලික ලිපිනය, ස්ථිර පදිංචි දිස්ත්‍රික්කය, දුරකතන අංකය යන තොරතුරු සඳහන්කොට තමා විසින්ම සහතික කොට තිබිය යුතුය.
මාධ්‍ය මගින් දැණුම්දෙන නිර්මාණ බාරගැනීමේ අවසන් දිනට පෙර ලේකම්, ජාතික චිත්‍ර මූර්ති අනුමණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, 8 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල. යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යැවීමට හෝ කාර්යාලයීය වෙලාව තුළ අතින් ගෙනැවිත් නිර්මාණ බාරදීමට හැක.
සේවාව සැපයීම වෙනුවෙන් ගාස්තු අය නොකෙරේ.
මෙහි දෙවන වටයට කැඳවීමේදී දෙපාර්තමේන්තුව විසින් නිර්මාණකරුට යවනු ලබන ලිපිය.
සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ, සහකාර අධ්‍යක්ෂ සේවාභාර මාණ්ඩලික නිලධාරීන්ය.
නිර්මාණකරුගේ ස්ථිර පදිංචිය සහිත දිස්ත්‍රික්කයෙන් පමණක් නිර්මාණ ඉදිරිපත් කළ යුතු අතර අදාළ නිර්මාණය මීට පෙර මෙම තරගය සඳහා ඉදිරිපත් නොකළ නිර්මාණයක් විය යුතුය.
පුවත්පත් නිවේදනයේ ඇතුළත් තොරතුරුවලට අනුව තමා විසින් සකස්කරගත් අයදුම්පතකි.
ආයතනයේ තොරතුරුසංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
8 වෙනි මහල,
සෙත්සිරිපාය,
බත්තරමුල්ල
කේ.එම්. ශෂිනි අනුපමා දුරකථන:+94-112-872031 / +94-112-866731 ෆැක්ස් අංක:+94-112-866732 විද්‍යුත් තැපෑල:dcanews@sltnet.lk වෙබ් අඩවිය: www.cultural.gov.lk
|