සංවර්ධන අංශය
සිංහල,දෙමළ,ඉංග්‍රීසි මාධ්‍යන්ගේ පෙළපොත් හා අතිරේක කියවීම් පොත් සම්පාදනය කිරීම.
පෙළපොත් සම්පාදනය වන ආකාරය
- පුවත් පත් දැන්වීමක් මඟින් අයදුම්පත් කැඳවා,ලිඛිත විභාගයක් හා සම්මුඛ පරීක්‍ෂණ 5ක් මඟින් ලේඛන මණ්ඩල තෝරා ගනු ලැබේ.
- ලේඛන මණ්ඩලයේ සභාපති,තෝරාගත් ලේඛන මණ්ඩලයේ ජ්‍යේෂ්ඨම සාමාජිකයා (බොහෝ විට විශ්ව විද්‍යාල මාහාචාර්යවරයකු)වන අතර සභාපතිගේ මගපෙන්වීම යටතේ පවරන ලද පරිච්ඡේද ලේඛකයන් රචනා කරනු ලැබේ.
- ලේඛක මණ්ඩලය රැස්වී,ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජිතයා ද සමඟ තම පරිච්ඡේදය විෂය නිර්දේශයට අනුකූලද යන්න හා විෂය කරුණු වල අනුකූල තාව පිළිබඳව සාකච්ඡා කර එක් සම්මුතියකට පැමිණ ඒ අනුව අවශ්‍ය සංශෝදනයන් සිදුකරනු ලැබේ.
- ඉන් පසු එම පරිච්ඡේද දෙපාර්තමේන්තු විෂය සම්බන්ධීකරණ නිලධාරියාට භාරදෙනු ලබන අතර ඒවා පරිගණක ගත කරනු ලැබේ.
- එම පිටපත් විෂය සංස්කරණය හා භාෂා සංස්කරණය සඳහා යොමු කර සංස්කරණය කරන ලද පිටපත් සෝදුපත් කියවා නිවැරදි කර විෂය ප්‍රවීනයන්නේ සැදි අවසන් ඇගයීම් මණ්ඩල වෙත ඉදිරිපත් කරනු ලැබේ.
- අවසන් ඇගයීම් මණ්ඩලයේ තීරණවලට අනුව මුද්‍රණයට සුදුසු බවට නිර්දේශ වන පෙළපොත් නිෂ්පාදන අංශය වෙත භාරදෙනු ලැබේ.
ආයතනයේ තොරතුරුඅධ්යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව
ඉසුරුපාය,
බත්තරමුල්ල
දක්ෂිනා කස්තුරිආරච්චි මිය දුරකථන:+94-112-784815, +94-112-787509, +94-112-785477 ෆැක්ස් අංක:+94-112-784815 විද්‍යුත් තැපෑල:epd@edupub.gov.lk වෙබ් අඩවිය: www.edupub.gov.lk
|