සුදුසුකම්
ශ්‍රී ලංකා පුරවැසියනට මෙන්ම මෙරටට පැමිණ සිටින ඕනෑම විදේශිකයෙකුට මෙම සේවාව ලබාගත හැක.
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
ඉල්ලුම්පතක් නොමත.එනමුත් පාර්සල් විදේශ තොග අංශයට ලැබුණු දිනට පසුදින මෙම අංශයෙන් ලියාපදිංචි තැපෑලෙන් නිවේදනයක් ලිපි හිමිට යවනු ලැබේ.
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු
ගාස්තු අයනොකරයි.
ඉදිරිපත් කළ යුතු වේලාවන්
නිවේදනය නිකුත් කල දිනට පසුදින සිට රජයේ වැඩ කරන දින 5 ඇතුළත පෙ.ව.9.30 සිට 12.00 දක්වා ඉදිරිපත් කල හැක.
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
විදේශ තොග මල්ලකට තැපැල් ගාස්තුව වශයෙන් රු.50/- ක් හා රේගු ඇත්නම් එම ගාස්තුද නිවේදනයේ සඳහන් දිනය පසුවී නම් ගුදම් ගාස්තු ලෙස එක් මල්ලක් සඳහා දිනකට රු.25/- බැගින් අය කරනු ලැබේ.
සේවාව ලබා දීමට ගත වන කාලය(සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
නිවේදනයේ පාර්සල් හිමිට ලැබී මෙම ස්ථානයට භාරදී විනාඩි 15 ක් පමණ ගත වේ.
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
- පාර්සල් හිමි වෙත යවන ලද නිවේදනයේ මුල් පිටපත
- පු.ලි.දෙ. හැඳුනුම්පත,ගුවන් ගමන් බලපත්‍රය හා තැපැල් හැඳුනුම්පත.
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
ඉ-මේල් |
සහකාර අධිකාරී (විදේශ තැපැල්) |
ඩබ්.එම්.ගුණසිංහ |
විදේශ |
+94-112-440668 |
- |
- |
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
ලිපි හිමි විසින් බලය පවරන ලද වෙනත් අයෙකුට භාණ්ඩ භාරදෙනු ලැබේ
මෙම අංශයට පැමිණිය නොහැකි අයෙක් වේ නම් තමාව ආසන්න ලංකාවේ ඕනෑම ප්‍රධාන තැපැල් කාර්යාලයකට ගෙන්නා ගත හැක.
රේගු නිශ්කාෂණ අංශ පිහිටුවා ඇති මහනුවර හා ගාල්ල ප්‍රදේශවල ආසන්න ලිපිනයන්ට ඇති තොග මලු එම කාර්යාලවලට ඉදිරිපත් කරනු ලැබේ.
ඉල්ලූම්පත් ආකෘතිය
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත
ආකෘති පත්‍ර 01 - විදේශ තොග මලු හිමි වෙත යවන නිවේදනය.
ආකෘති පත්‍ර 02 - මහනුවර (මධ්‍යම පළාත) ගාල්ල (දකුණු පළාත) වෙත යවනු ලබන නිවේදනය.
ආකෘති පත්‍ර 03 - පාර්සලය මෙම ස්ථානයට පැමිණ ලබාගැනීමට නොහැකි පාර්සල් හිමියනට අදාල ලිපිනයට ආසන්න තැ.කා වෙත ගෙන්වා ගැනීමේ ආකෘති පත්‍රය (Form A).
ආකෘති පත්‍ර 04 - මෙම අංක 03 හි දන්වා ඇති පරිදි පාර්සලය ගමනාන්ත කාර්යාලයට ගෙන්වා ගන්නේ නම් අංක 03 මගින් පෙන්වන පෝරමයද යවනු ලැබේ.
ආකෘති පත්‍ර 05 - රේගු ගාස්තු නියම කරන ලද්දේ නම් අංක 04 රෝස ආකෘතිය ඇමිණිය යුතුය.
ආයතනයේ තොරතුරුතැපැල් දෙපාර්තමේන්තුව
තැපැල් මූලස්ථානය,
310,
ඩී.ආර්.විජේවර්ධන මාවත,
කොළඹ. 01.
දුරකථන:+94 0112328301-3 ෆැක්ස් අංක:+94-112-44 0555 විද්‍යුත් තැපෑල:info@slpost.lk වෙබ් අඩවිය: www.slpost.lk
|