The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Banking, Tax & Insurance Miscellaneous ලංකා බැංකුවේ පිළිවෙත්
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ලංකා බැංකුවේ පිළිවෙත්

PDF Print Email

ඉතිරි කිරීමේ ගිණුමක පාස් පොතක් නැතිවිට

  • වහාම අදාළ ශාඛාවට ලිඛිතව දන්වන්න
  • අදාළ පෝර්ම ශාඛාවෙන් ලබාගෙන සම්පූර්ණ කර භාර දෙන්න.

බැංකු අණකරයක් /ගෙවීම් ඇණවුමක් /ස්ථාවර තැන්පත් රිසිට් පතක් නැතිවීම

  • අදාළ ශාඛාවට ලිඛිතව දන්වන්න
  • අදාළ හානිරක්ෂණ පෝර්මය සම්පූර්ණ කර භාරදී අළුත් බැංකු අණකරයක් / ගෙවීම් ඇණවුමක් / ස්ථාවර තැන්පත් රිසිට් පතක් අයදුම් කරන්න.

ATM  කාඩ්පතක් /වීසා කාඩ්පතක්/ණය කාඩ්පතක් නැතිවීම

  1. නැතිවූ බව වහාම ලිඛිතව තම අත්සන සහිතව ෆැක්ස් මඟින් කාඩිපත නවත්වන ලෙස දන්වන්න.
  2. නැති වූ  බවට පොලීසියේ ද පැමිණිල්ලක් කරන්න
  3. අළුත් කාඩ්පතක් සඳහා අයදුම්පතක් ඉදිරිපත් කරන්න

සුරක්ෂිතාගාර තැන්පත් ලොකර් එකක යතුරු නැතිවීම

  • ශාඛාවට ලිඛිතව දන්වන්න
  • ගණුදෙනුකරුගෙන් අයකර අළුත් යතුරක් සවි කෙරේ.

ආමුක පරේෂණ අණකරයක් නැතිවීම

  1. පහත තොරතුරු සමඟ අණකරය ලබන ශාඛාවට ලිඛිතව දන්වන්න.
  2. අණකර අංකය
  3. ගණන
  4. අණකරය නිකුත් කළ බැංකුව
  5. නිකුත් කළ බැංකුවේ ලදුපත

සංචාරක චෙක්පතක් නැතිවීම

  • මිළදී ගත් ශාඛාවට ලිඛිතව දන්වන්න.
  • මිළදී ගත් බැංකුවේ ලදුපත ඉදිරිපත් කරන්න

ගිණුම් හිමියෙක් මියගිය විට

පුද්ගල ගිණුම් –

  • මියගිය අයගේ බූදලයේ වටිනාකම රු:500,000.00/- ට අඩුනම් අදාළ පෝරමය ශාඛාවෙන් ලබාගෙන පහත සඳහන් ලේඛණ සමඟ ඉදිරිපත් කරන්න.
  • මරණ සහතිකය
  • විවාහ සහතිකය
  • දරුවන්ගේ උප්පැන්න සහතික
  • මියගිය අය අවිවාහක නම් දෙමාපියන්ගේ සහෝදර සහෝදරියන්ගේ උප්පැන්න සහතික
  • මියගිය අයට අදාළ වන පහත සඳහන් නීති අනුව ශේෂය ඉල්ලුම්කරුවන් අතර බෙදා දෙනු ලැබේ.
  1. උඩරට නීතිය
  2. රෝම ලන්දේසි නීතිය
  3. මුස්ලිම් නීතිය
  4. තේසවලාමේ නීතිය

මියගිය අයගේ බූදලයේ වටිනාකම රු:500,000.00/- ට වැඩි වන්නේ නම් උරුමක්කාරයින් සාමාන්‍ය සිවිල් නීතිය යටතේ  දිස්ත‍්‍රික් උසාවියේ බූදල් නඩුවක් පැවරිය යුතු ය.
 

බද්ධ ගිණුම් හිමියෙක් මියගිය විට

ජීවත්ව සිටින ගිණුම් හිමියාට ශේෂය හිමි වේ.
 

ගිණුම් හිමියා රෝහල්ගතව ඇති විට මුදල් ආපසු ගැනීම

රෝහල් වෛද්‍යවරයා විසින් මුදල් ආපසු ගැනීමේ පෝර්මයේ ගිණුම් හිමියාගේ අත්සන සහතික කළ යුතු ය.
 

අන්ධ පුද්ගලයෙකුට ගිණුමක් විවෘත කිරීම

ළඟ ඥාතියෙක් සමඟ බද්ධ ගිණුමක් විවෘත කළ හැකි ය.
 

ගිණුම පවත්වාගෙන යන ශාඛාව හැර අනෙක් ශාඛාවලින් මුදල් ආපසු ගැනීම /තැන්පත් කිරීම කළ හැකිද?

සෑම ශාඛාවක්ම පරිගණක ජාලයෙන් සම්බන්ධව ඇති භෙයින් ඕනෑම ශාඛාවකින් මුදල් ගැනීම /තැන්පත් කිරීම කළ හැකි ය.
 

ඇපකරුවන්ගේ වගකීම

ණයකරු ගෙවීම් පැහැර හැරියහොත් ඇපකරුගේ වගකීම ද ණයකරුගේ වගකීම හා සමාන වේ.
 

ආදායකයාගේ ගිණුමට පමණයි යන රේඛණයේ බලපෑම

මෙම චෙක්පතේ ලද මනාව රැස්කළ හැක්කේ එහි නම සඳහන් ආදායකයාගේ ගිණුමට පමණි.

ගණුදෙනුකල නොහැකි රේඛණයේ බලපෑම
පෙර අයිතිකරැවන්ගේ අතීතයේ දෝෂයක් දැනගන්නාතෙක් තෙවන පාර්ශවයකට ගණුදෙනුකිරීම/රැස්කිරීම කල හැකිය

චෙක්පත වලංගු කාලය
වලංගු කාලය චෙක්පතේ සදහන්ව නොමැතිනම් කාලය මාස 06 කි

ATM  මුදල් ආපසු ගැනීමේ සීමාව
දැනට දිනකට රැ40000 කි.

 


ආයතනයේ තොරතුරු

Bank of Ceylon

 

Bank of Ceylon Square
Colombo 1
Sri Lanka



දුරකථන: +94 11 220 4444
ෆැක්ස් අංක:
විද්‍යුත් තැපෑල:boc@boc.lk
වෙබ් අඩවිය: www.boc.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:32:16
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Most Popular

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2026-01-13
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 222
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty