The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home තේ නැවත වගාව සදහා දිරි දීමනා ගෙවීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


තේ නැවත වගාව සදහා දිරි දීමනා ගෙවීම

PDF Print Email

සුදුසුකම්

  1. හෙක්ටයාර් 20 කට වඩා අඩු ආර්ථික නොවන තේ වගාවක් සහිත බිම් ප්රණමාණයක් හිමි කුඩා තේ වතු හිමියකු වීම. (වර්තමාන වගා සහනාධාර ප්රකතිපත්ති අනුව) මෙවැනි ඉඩම් වල වසරකට උපරිම වශයෙන් හෙක්ටයාර් එකක් සදහා නැවත වගා කිරීමට අවසර දෙනු ලැබේ.
  2. තේ සිටුවා ඇති බිමක ආර්ථික නොවන පැරණි වගාව ඉවත්කොට, රිකිලි තේ යොදා නැවත තේ වගා කිරීම සදහා පමණක් මෙම සහනාධාරය ගෙවනු ලැ‍බේ.

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන 

  • වගා සහනාධාර ඉල්ලුම් පත්‍ර:-ප්‍රධාන කාර්යාලය, සියළුම ප්‍රාදේශීය කාර්යාලවලින් හා තේ පරීක්ෂක ව්‍යාප්ති නිලධාරීන්ගෙන් කාර්යාල වලින් හා උප කාර්යාලවලින්
  • තේ පරීක්ෂක නිලධාරීන් බදාදා දිනවලදී කාර්යාලයේදීද අනෙකුත් දිනවල කේෂ්ත්‍රයේදී ද හමුවිය හැක.


ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු


සහනාධාර ඉල්ලුම්පත්‍ර සදහා රු.25/- ක මුදලක් ගෙවිය යුතුය.

ඉදිරිපත් කළ යුතු වේලාවන්


වගාව ආරම්භ කිරීමට අපේක්ෂිත වර්ෂයට පෙර වර්ෂයේ නොවැම්බර් මාසයේ සිට ඉදිරි වර්ෂයේ අප්‍රේල් මස 01 දින දක්වා



සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

සියළුම ව්‍යාප්ති සේවා හා ගොවි පුහුණු වැඩසටහන් නොමිලයේ කුඩා තේ වතු හිමියන්ට ලබා දෙනු ලැබේ. මීට අමතරව වගාව පිළිබද සැකසුනු අත්පොත් ඕනෑම ප්‍රාදේශීය කාර්යාලයකින් හෝ ප්‍රධාන කා‍ර්යාලයෙන් මුදල් ගෙවා ලබා ගත හැක.

  •     සරු තේ වගාවට පියවර - මිල රු. 50
  •     තේ වගාවක පාළු සිටුවීම - මිල  රු.40
  •     පොල් සමග තේ අතුරු වගාව - මිල රු. 10     

සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)


එක් එක් සේවාවන් අනුව වෙනස් වේ.

ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කිරීමෙන් පසුව ඉඩමට පැමිණ මූලික පරීක්ෂණයක් පවත්වා ඉඩම සුදුසු නම් වගා කිරීම පිණිස අනුමැතිය හා අවසර පත්‍රය ලබාදෙනු ලැබේ. අනතුරුව වගා කටයුතු ආරම්භ කළ හැකිය. වගාව ආරම්භ කිරීම සදහා ඊට පෙර එක් එක් වගා කන්නයට අදාලව අවසර පත්‍රය නිකුත් කරනු ලැබේ.

සැ.යු. නැවත වගා අවසර පත්‍රයක් වසර 03 ක කාලයක් සදහා පමණක් වලංගු වේ.


අවශ්‍ය සනාථ කරන ලියකියවිලි


පිළිගත් ලියවිලි

  1. ඉඩමට ඇති හිමිකම දැක්වෙන ආකෘතිය ( NP / 2A) (අමුණා ඇත)
  2. ඉඩමේ වගා කරනු ලබන කොටසේ දල සැලැස්ම

 සේවා භාර මාණ්ඩලික නිලධාරීන් 

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස්
ඉ-මේල්

ප්‍රධාන කාර්යාලය

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සංවර්ධන)

එම්.බී.සිරිල් මහතා සංවර්ධන 2784930 2784926
2784925
dgmdtshda@gmail.com
ප්‍රාදේශීය කාර්යාල

අදාල ප්‍රාදේශීය කාර්යාලයේ ප්‍රාදේශීය කළමනාකරු හෝ සහකාර ප්‍රාදේශීය කළමනාකරු
- - - - -

 

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු



අදාල තේ වගා ප්‍රදේශයේ කුඩා තේ වතු සංවර්ධන සමිති මගින් ඉල්ලුම්පත් හා තොරතුරු ලබා ගත හැකි අතර එම සමිති සාමාජිකයින්හට සමිති මගින් තම සේවා අවශ්‍යතා අධිකාරිය වෙත ඉදිරිපත් කළ හැකිය.
එම එක් එක් වාරිකයට අදාල වැඩ කොටස් පහත දැක්වෙන අතර ඒ ඒ අවස්ථාවේදී තේ පරීක්ෂක / ව්‍යාප්ති නිලධාරී විසින් පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසුව වාරික ගෙවීම් කිරීම තීරණය කරනු ලැබේ.



තේ නැවත වගා අවසර පත්‍රය



අක්කර එකක බිම් ප්‍රමාණයක් වෙනුවෙන් පමණක් වගා අවසර පත්‍රය නිකුත් කරනු ලැබේ. මෙය ලබාගැනීමෙන් පසුව තේ වගා කොට අවසන් වාරිකය ලබාගැනීම දක්වා වැඩ කොටස් නිර්දේශිත පරිදි සිදුකිරීමට අවසර පත්‍ර හිමිකරු ගිවිසුමකට එළඹිය යුතුය.

තේ නැවත වගාව සදහා හෙක්ටයාරකට : ගාල්ල , මාතර, කළුතර හා හම්බන්තොට දිස්ත්‍රික්ක සදහා රු. 190,000 ක්ද රත්නපුර, මහනුවර, නුවරඑළිය, කෑගල්ල, මොනරාගල, බදුල්ල, මාතලේ හා කුරුණෑගල  දිස්ත්‍රික්ක සදහා රු. 200,000 ක් දිරි දීමනා වශයෙන් ගෙවනු ලැබේ.

 

1. පළමු වාරිකය - අවසර පත්‍රය ලැබීමෙන් මාස 06 ක් ඇතුලත බිම් සකස් කිරීම අවසන් කොට මානා සිටුවා ඇති බවට තේ පරීක්ෂක ව්‍යාප්ති නිලධාරීගේ නිර්දේශය මත.
2. දෙවන වාරිකය - මානා සිටුවා මාස 06 ක් ගතවීමෙන් අනතුරුව තේ පරීක්ෂක ව්‍යාප්ති නිලධාරිගේ නිර්දේශය මත
3. තෙවන වාරිකය - මානා සිටුවා මාස 18 ක් ගතවූ පසු තේ පරීක්ෂක ව්‍යාප්ති නිලධාරිගේ නිර්දේශය මත (මානා ඉවත් කිරීමට පෙර තේපරීක්ෂක / ව්‍යාප්ති නිලධාරී ඉඩම පරීක්ෂා කළ යුතුය.)
4. හතරවන වාරිකය - තේ පැල සිටුවීමෙන් පසු තේ පරීක්ෂක ව්‍යාප්ති නිලධාරිගේ නිර්දේශය මත
5. පස්වන වාරිකය - තේ පැල සිටුවා වසරකට පසු වගාව නඩත්තු කිරීම සදහා තේ පරීක්ෂක ව්‍යාප්ති නිලධාරිගේ නිර්දේශය මත

.

 


ආයතනයේ තොරතුරු

Tea Small Holdings Development Authority

No 70,
Parliament Road,
Pelawatte,
Battaramulla.



දුරකථන:0117909021 / 0117909020
ෆැක්ස් අංක:
විද්‍යුත් තැපෑල:gmtshda@gmail.com
වෙබ් අඩවිය: www.tshda.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-10-29 15:46:22
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 322
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty