The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Banking, Tax & Insurance Taxes & Insurance බදු ගෙවන්නා හැඳින්වීමේ අංක ල‍බා ගැනීම (TIN)
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


බදු ගෙවන්නා හැඳින්වීමේ අංක ල‍බා ගැනීම (TIN)

PDF Print Email

සුදුසුකම්
ආදායම් බදු,එකතුකළ අගය මත බදු (VAT),වෛකල්පිත එකතු කල අගය මත බදු, ජාතිය ‍ෙගාඩනැගී‍ෙමි බදු, ආර්ථික සේවා ගාස්තු (ESC), උපයන විට බදු (PAYE), සහ මුද්දර බදු ගෙවීමට යටත් තැනැත්තන් වීම හෝ ආනයන/ අපනයනකරුවකු වීම.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය : කොළඹ 10, ටී.බී ජයා මාවතේ අංක 464 දරන ස්ථානයේ පිහිටි දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ පළමු මහලේ බදු සේවා අංශයට ඉදිරිපත් කළ හැක.

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන : කොළඹ 10, ටී.බී ජයා මාවතේ අංක 464 දරන ස්ථානයේ පිහිටි දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ පළමු මහලේ බදු සේවා අංශයෙන් හෝ දේශීය ආදායම් ප්රාදේශීය කාර්යාල වලින්. 
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු: නැත.
ඉදිරිපත් කළ යුතු වේලාවන්: පෙ.ව. 8.30 සිට ප.ව.4.15 දක්වා
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු: නැත 
සේවාව ලබා දීමට ගත වන කාලය
නිවැරදිව සම්පූර්ණ කරන ලද හා අවශ්‍ය ලියවිලි සමග ඉදිරිපත් කරන අයදුම්පත් වෙනුවෙන් විනාඩි 20 ක් තුළ සහතිකය නිකුත් කරනු ලැබේ. 

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
1. තනි ව්‍යාපාරයක් හෝ හවුල් ව්‍යාපාරයක් නම්

2. 2007 අංක 7 දරණ සමාගමි පනත යටතේ ලියාපදිංචි කළ සීමිතසමාගමක් නම්

  • සාංගමික ව්‍යවස්ථාවලිය 
  • සමාගම් ලියාපදිංචි කිරීමේසහතිකය
  • සමාගම් රෙජිස්ටාර් විසින් සහතික කරන ලද ආකෘති පත්‍ර-01
  • ආකෘති පත්‍ර- 48
  • ආකෘති පත්‍ර- 41

3. ආනයන කටයුතු සදහා ඉන්වොයිසිය සහ නෞභාරපත
4. අපනයන කටයතු සදහා වන විට අපනයන බලපත්‍රය(අපනයන සංවර්ධන මණ්ඩලයෙන් නිකුත් කරන ලද)
5. ඉල්ලුම් පත ඉදිරිපත් කිරීමේදී ඉහත ලියකියවිලි ව ඡායා පිටපත් ද ඉදිරිපත් කළ යුතුය.
6. සමාගම් සදහා මෙම අංශය විසින් නිකුත් කරනු ලබන ඉල්ලුම් පත්‍රය අධ්‍යක්ෂවරයෙකු විසින්ම අත්සන් කළ යුතු  අතර, එම අත්සන් සාංගමික සංස්ථා පත්‍රය හෝ ආකෘති පත්‍ර-48/ ආකෘති පත්‍ර-01 මගින් සනාථ විය යුතුය.
7. ආදායම් බදු ගෙවන තැනැත්තන් නම් අවසන් වරට බදු ගෙවූ ගෙවීම් පත්‍රිකාව

සේවා භාර මාණ්ඩලික නිලධාරීන් 

තනතුර
නම
අංශය
දුරකථනය
ෆැක්ස්
තක්සේරුකරු
තක්සේරුකරු
ඒ ඒ විකමතිලක මයා
එස් ඒ ඒ ආර් සුරවීර මිය
බදුසේවාඅංශය
+94-11-3009018
+94-11-3009288
-

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

සහතිකය ලබා ගැනීම සදහා    - තනි පුද්ගල ව්‍යාපාරයක් නම් අයිතිකරු
                                         - හවුල් ව්‍යාපාරයක් නම් හවුල්කරුවකු
                                         - සමාගමක් නම් අධ්‍යක්ෂවරයෙකු පැමිණිය යුතුය.
වෙනත් තැනැත්තෙකකු පැමිණෙන්නේ නම් නිසි පරිදි බලය පවරන ලද ලිපියක් ඉදිරිපත් කළ යුතුය.

 


ආයතනයේ තොරතුරු

Department of Inland Revenue

Inland Revenue Building,
Sir Chittampalam A Gardiner Mawatha,
P.O. Box 515,
Colombo 02.


Ms S Vijitha
දුරකථන:011-2135135
ෆැක්ස් අංක:011-2337777
විද්‍යුත් තැපෑල:cgir@ird.gov.lk
වෙබ් අඩවිය: www.ird.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:19:01
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites



Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 458
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty