ආයුර්වේද (ප්‍රතිකාර) සේවා
ආයුර්වේද යන නම භාවිත කරමින් කරන සියලුම ප්‍රතිකාර මධ්‍යස්ථාන ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතු වේ.
ආයුර්වේද ඖෂධ ප්‍රවාහනය
මේ සදහා අවසර දීමක් දැනට සිදු නොකෙරේ. එහෙත් ඖෂධ නිෂ්පාදනය කිරීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් ලබා දී ඇති අවසර පත්‍රය වලංගු වේ.
අලෙවිය සදහා ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය කිරීම
අලෙවි කිරීම සදහා නිෂ්පාදනය කරන ඕනෑම ඖෂධයක් සදහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අවසරය ලබා ගත යුතුය.
ආයුර්වේද ඖෂධ ආනයනය
ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමු/වියළි ඖෂධ පිටරටින් ගෙන්වීම හා පිටරට නිෂ්පාදිත ඖෂධ ගෙන්වීම සදහා ද ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අවසරය ලබා ගත යුතුය.
අන්තරායකර ඖෂධ ලබා ගැනීම
ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය කිරීමට අබිං, කන්සා, පරිපාක ස්ප්‍රිත්තු (ඇල්කොහොල්) ආදිය ආයුර්වේද ඖෂධ සංස්ථාවෙන් ලබා ගත හැකිය. ඒ සදහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ඖෂධ නිෂ්පාදනාගාරයක් තිබිය යුතුය.
විමසීම්
සහකාර කොමසාරිස් (ශිල්පීය)
+94 11 2746996
ආයතනයේ තොරතුරුආයුර්වේද දෙපාර්තුමේන්තුව
පරණ පාර,
නාවින්න,
මහරගම.
ඉමාෂා යූ. අන්ද්‍රාහැන්නදි මිය දුරකථන:+94 11 2896911, +94 11 2896912 ෆැක්ස් අංක:+94 11 2845537 විද්‍යුත් තැපෑල:ita@ayurveda.gov.lk වෙබ් අඩවිය: www.ayurveda.gov.lk
|