මිනුම් ඒකක,ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව මගින් අළෙවිකරුවන් සහ සිල්ලර වෙළෙන්දන් සතු මිනුම් උපකරණ සෑම වර්ගයකම මුද්‍රා තබා ගත යුතුය.මෙම ක්‍රියාව දීප ව්‍යාප්ත දිස්ත්‍රික් මධ්‍යස්ථාන වලදී සිදු කර ගත හැක.
සුදුසුකම්
ඕනෑම තනි හෝ සංවිධානයක,භාවිතා කරන කිරුම් මිනුම් උපකරණ පහත සදහන් කිරිම් වර්ගයන්ට අයත් වන්‌ෙන් නමි,එය යෝග්‍ය වේ.
1 වර්ගය - මිනුම්
2 වර්ගය - මිනුම්
3 වර්ගය - මත්පැන් බෙදා දෙන මිනුම්
- සාමාන්‍ය වෙළදපොළෙහි භාවිතා වන පඩි
- ඔසුසල, බෙහෙත්ශාලා වල රන්කරුවන් භාවිතා කරන පඩි
නීති මිනුම් විද්‍යා පිළිබද ජාත්‍යන්තර සංවිධානය,M1 සහ M2
- කිරිමේ උපකරණ ( 3 සහ 4 ශ්‍රේණියේ )
ක්‍රමාංකනය නොකළ තැටි තරාදි
2 වර්ගය - ක්‍රමාංකනය නොකල සමබර තරාදි
3 වර්ගය - ක්‍රමාංකනය කල උපකරණ (අංකන දැක්වෙන)
4 වර්ගය - ක්‍රමාංකනය කල උපකරණ (ඉලක්කමි දැක්වෙන)
5 වර්ගය - 2 ශ්‍රේණිය කිරුම් උපකරණ
6 වර්ගය - 1 ශ්‍රේණිය කිරුම් උපකරණ
- මැනීමේ උපකරණ
දියර ඉන්ධන සදහා
ලිහිසි තෙල් සදහා
මත්පැන් බෙදා දෙන උපකරණ සදහා
ඉදිරිපත් කිරිමේ ක්‍රියාපටිපාටිය
මුලික මුද්‍රාව - නිෂ්පාදකයන් හා අළෙවිකරුවන් සදහා (ආනයනකරුවන්)
ඉදිරිපත් කල යුතු ලිපි
තනි පුද්ගලයකු හෝ සංවිධානයක් ඔහුගේ උපකරණ මුද්‍රා තැබීම සදහා අවශ්‍යය බව සදහන් කර අධ්‍යක්ෂ වෙත ඉල්ලීමක් කල යුතුය
අවශ්‍ය ආධාරක ලියවිලි
අදාල නොවේ
රාජකාරී දින
සදුදා සිට සිකුරාදා දක්වා
රාජාකරි වේලාවන්
පෙ.ව. 08.30 - ප.ව. 04.15
වාර්ෂික මුද්‍රා තැබීම - සිල්ලර වෙළදුන් සදහා
ඉදිරිපත් කල යුතු ලිපි
සිල්ලර වෙළදුන් දන්වන ලද විශේෂිත ස්ථානයට අදාල උපකරණ රැගෙන ගොස් අදාල නිලධාරීයාට ඉදිරිපත් කල යුතුය.
අවශ්‍ය ආධාරක ලියවිලි
අදාල නොවේ
රාජකාරී දින
සදුදා සිට සිකුරාදා දක්වා
රාජාකරි වේලාවන්
පෙ.ව. පෙ.ව. 08.30 - ප.ව. 04.15
ඉල්ලුම්පත්‍ර
මුලික මුද්‍රා තැබීම
නිෂ්පාදකයන් සහ අළෙවිකරුවන් සදහා ( ආනයනකරුවන් )අදාල නොවේ.
වාර්ෂික මුද්‍රා තැබීම
සිල්ලර වෙළෙන්දන් සදහා අදාල නොවේ.
ක්‍රියාපටිපාටිය පියවරින් පියවර (මුලික මුද්‍රා තැබීම - නිෂ්පාදකයන් සහ අළෙවිකරුවන් සදහා (ආනයනකරුවන්)
පියවර 01
තනි පුද්ගලයකු හෝ සංවිධානයක් ඔහුගේ උපකරණ මුද්‍රා තැබීමට අවශ්‍ය බව සදහන් කරමින් දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ නමට ලිපියක් ඉල්ලුම් කරයි.
සටහන
තනි පුද්ගලයකු හා සංවිධානයක් අළුත් මිනුම් උපකරණයක් මිලදී ගන්නේ නම්
එය මුද්‍රා තබා ඇත්දැයි පරික්ෂා කල යුතුය. එසේ නැත්නමි මිනුම් ඒකක ප්‍රමිති
සහ සේවා දෙපාර්තමේන්තුව මගින් මුද්‍රා තබා ගත යුතුය.
පියවර 02
දෙපාර්තමේන්තුව පරික්ෂණ උපකරණයේ තත්ත්වය පරික්ෂා කරන දිනය වේලාව සහ ස්ථානය තැපැල් මගින් හෝ දුරකථනයෙන් ඉල්ලුම්කරුට දැනුම් දේ.
පියවර 03
අයදුම්කරු අදාල ස්ථානයට උපකරණ සමගින් පැමිණේ.
පියවර 04
පරික්ෂක විසින් පරික්ෂා කර බලා උපකරණයේ නිරවද්‍යතාවය තහවුරු කරයි.
පියවර 05
අවශ්‍ය තත්ත්වයන් උපකරණයේ ඇත්නම්,එම උපකරණයේ මුද්‍රා තබා සහතික නිකුත් කරයි.
සටහන
මුද්‍රා තැබීමේදී,පරික්ෂක උපරකණය අවශ්‍ය තත්ත්වයේ නොපවතින්නේ නම් නිෂ්පාදක හෝ සිල්ලර වෙළදුන් කාර්මික නිලධාරි වෙත යොමු කරයි.අවශ්‍යය තත්ත්වය සකසා ගැනීම,පූර්ව සංශෝධන සිදු කිරිමට අවශ්‍ය නම් සිල්ලලර වෙළදාම හා නිෂ්පාදකට එම ස්ථානයේදී සකසා ගත හැක.විශාල ප්‍රමාණ සංශෝධනයන් නම් එම ස්ථානයෙහිදී සිදු කර ගත නොහැක. ඒ සදහා බලයලත් අළුත්වැඩියා කරුවකු වෙත උපකරණ රැගෙන යා යුතුය.
ක්‍රියාපටිපාටිය පියවරෙන් පියවර (වාර්ෂික මුද්‍රා තැබීම -සිල්ලර වෙළදුන් සදහා )
පියවර 01
රජයේ නියෝජිතයා මුද්‍රා තබන දිනය,වෙලාව සහ ස්ථානය තීරණය කර පරික්ෂකට දැනුම් දේ.
පියවර 02
පරීක්ෂක ග්‍රාම නිලධාරිට දැනුම් දේ.
පියවර 03
ග්‍රාම නිලධාරියා සිල්ලර වෙළදුන්ට දැනුම් දේ.
පියවර 04
සිල්ලර වෙළදුන් උපකරණ සමගින් අදාල ස්ථාන වලට වාර්තා කරයි.
පියවර 05
මිනුම් ඒකක, ප්‍රමිති, සහ සේවා හි පරික්ෂක නිලධාරී විසින් උපකරණ නිරවද්‍යතාව තහවුරු කරයි.
පියවර 06
උපකරණ අවශ්‍ය තත්ත්වයේ පවතී නම්, මුද්‍රාව තබා සහතික නිකුත් කරයි.
සටහන 01
උපකරණ අවශ්‍ය තත්ත්වයේ නොපවතීනම් හෝ සුළු සංශෝධනයක් සිදු කිරිමට ඇති නම් එම ස්ථානයේදීම කාර්මික නිලධාරියා විසින් එම සංශෝධන සිදු කරයි.
සටහන 02
උපකරණයට විශාල සංශෝධනයන් සිදු කිරිමට අවශ්‍යය නම් සිල්ලර වෙළෙන්දා එම උපකරණ අළුත්වැඩියා සදහා අළෙවිකරුට ආපසු භාර දිය යුතුය.අළෙවිකරු අවශ්‍යය සංශෝධන සිදු කර දිසා ලේකම්ට ඉදිරිපත් කර මුද්‍රා තබා උපකරණ ආපසු වෙළෙන්දන් හට භාර දේ.
කාල නියමයන්
මුලික මුද්‍රා තැබීම නිෂ්පාදකයන් සහ අළෙවිකරුවන් සදහා (ආනයනකරුවන්)
ක්‍රියාත්මක කාල සිමාව
දින 2 කින් ලබා ගත හැක.
ඉදිරිපත් කිරීමේ කාල සිමාව
අයදුම්පත ඉදිරිපත් කිරිම
රාජකාරි දින - සදුදා සිට සිකුරාදා දක්වා
විවෘත වේලාවන් - පෙ.ව. 08.30- ප.ව. 04.15
නිවාඩු දින - රජයේ නිවාඩු හා වෙළද නිවාඩු දිනයන්
වලංගු කාල සිමාව
අදාල නොවේ.
වාර්ෂික මුද්‍රා තැබීම
සිල්ලර වෙළදුන් සදහා
ක්‍රියාත්මක කාල සිමාව
දින 1 කින් ලබා ගත හැක.
ඉදිරිපත් කිරිමේ කාල නියමයන්
මුද්‍රා තබන දිනය අදාල අතිරේක තොරතුරු අංශයට අවධානය ෙයාමු කරන්න
වලංගු කාල නියමයන්
සිල්ලර වෙළෙන්දා වසරකට වරක් මුද්‍රා තබා ඇත්දැයි තහවුරු කරගත යුත්‍රය.
සේවයට අදාල වියදමි
මුලික මුද්‍රා තැබීම නිෂ්පාදකයන් සහ අළෙවිකරුවන් සදහා (ආනයනකරුවන්)
මිල
(අ.) දිග මැනීම :
i. සෑම මීටරයක් හෝ එයින් කොටසකට:
|
25.00
|
(ආ) ධාරිතාව මැනීම :
1 වර්ගය - උප බෙදුම් රහිත මිමි
1. සෑම ලීටරයක් හෝ එයින් කොටසකට
|
10.00 |
2. ලීටර් 100 ට වැඩි මිනුම් සදහා
i. මුල් ලීටර් 100 සඳහා
ii. අතිරේක ලීටර් 100 හෝ ඉන් කොටසකට
|
1000.00
75.00 |
2 වැනි ගණය - උප බෙදුම් සහිත මිමි
i. පසුව සිදු කරන එක් එක් බෙදීමක් සදහා අමතර 10% ගාස්තුත් ඇතුලත් වේ
|
|
3 වර්ගය - මත්පැන් බෙදා දෙන මිනුම්
i. ලීටරයක් සදහා හෝ ඉන් කොටසකට
|
250.00 |
(c) සාමාන්‍ය වෙළදාමේ භාවිතා කරන පඩි :
i. 2kg නොඉක්මවූ එක් පඩියක් සදහා
ii. 2 kg ඉක්මවන එක් පඩියක් සදහා
|
12.00
25.00 |
(d) ඔසුසල්, බෙහෙත් ශාලා සහ රන්කරුවන් භාවිතා කරනු ලබන
පඩි සදහා නීති මිනුම් විද්‍යා පිළිබද ජාත්‍යන්තර සංවිධානය, M1 සහ M2
i. එක් පඩියක් සදහා
|
50.00 |
e) කිරිමේ උපකරණ (3 හා 4 ශ්‍රේණි)1 වර්ග ක්‍රමාංකනය නොකල :
අනුක්‍රමනය නොකල තැටි තරාදි
i. 5 kg එකක් සදහා හෝ ඉන් කොටසකට
|
20.00 |
2 වර්ගය - අනුක්‍රමනය නොකල සමබර තරාදි
i. 5 kg එකක් සදහා හෝ ඉන් කොටසකට
|
50.00 |
3 වර්ගය - ක්‍රමාංකනය කල උපකරණ (අංකන දර්ශනය මත)
i. 20 kg නොඉක්මවන
ii. 20 kg ඉක්මන හා 100 kg නොඉක්මවන
iii. 100 kg ඉක්මන හා 1000 kg නොඉක්මවන
iv.1000 kg ඉක්මන වැඩිවන සෑම 1000 kg කටම හෝ ඉන් කොටසකට
|
150.00
250.00
500.00
500.00 |
4 වර්ගය - ක්‍රමාංකන උපකරණ (අංක දර්ශනයවන)
i. 20 kg නොඉක්මවන
ii. 20 kg ඉක්මවන හා නමුත් 1000 kg නොඉක්මවන
iii. 100 kg ඉක්මන නමුත් 1000 kg නොයික්මවන
iv.1000 kg ඉක්මවන විට එක් එක් 1000 kg හෝ ඉන් කොටසක් සඳහා
|
500.00
750.00
550.00
550.00 |
සටහන: මිල ගණනය කිරීම, මුද්‍රණය කිරීම වැනි අතිරේක උපාංග සමග කිරුම් යන්ත්‍ර මුද්‍රා කිරීමේදී එක්එක් අතිරේක උපාංගයක් සදහා ඉහත සදහන් ගාස්තුවට අමතරව 10% ක අධිභාරයක් අයකළ යුතුය. |
|
5 වර්ගය - 2 ශ්‍රේණිය කිරුම් උපකරණ
i. ක්‍රමාංකිත නොවන එක් උපකරණයක් සදහා
ii. ක්‍රමාංකගත කල එක් උපකරණයක් සදහා
|
500.00
1250.00
|
6 වර්ගය - 1 ශ්‍රේණියේ කිරුම් උපකරණ මිනුම් උපකරණ :
i. දියර ඉන්ධන සදහා
ii. ලීහිසි තෙල් සදහා
iii. මත්පැන් බෙදන උපකරණ සදහා |
5000.00
1400.00
500.00
1000.00 |
සටහන
මිනුම් උපකරණ සහ පාලම් තරාදි හැරුණුවිට අනෙක් සියළුම
උපකරණ අදාල ආයතනයට පැමිණ මුද්‍රා තැබීමට අමතර රු.50/- ක්
අය කෙරේ. |
|
දඩ
වරද සහ දඩ අංශය සදහා අවධානය ෙයාමු කරන්න
වාර්ෂික මුද්‍රා තැබීම
සිල්ලර වෙළදුන් සදහා
මිල
මිලක් අය නොකෙරේ.
දඩ
වරද සහ දඩ අංශය සඳහා අවධානය යොමු කරන්න
අවශ්‍ය ආධාරක ලියවිලි
අවශ්‍ය නොවේ.
සේවා හා වගකීම්
තනතුර |
නම |
අංශය |
වැ.බ. අධ්‍යක්ෂ |
කේ. ප්‍රේමසිරි කුමාර මහතා |
මිනුම් ඒකක, ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව |
විශේෂ අවස්ථා
පරිපථ මුද්‍රා තැබීම
සංවිධානය මගින් කෙරෙන ඉල්ලීමට අනුව මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තු ගිවිසුම ගොඩ නගන්‌නේ සංවිධාන වල පඩි මිමි හා කිරීමේ මැනීමේ උපකරණ වාර්ෂික මුද්‍රා තැබීමටය
ආදර්ශ දත්තයන් සමග ආදර්ශ ආකෘති
අවශ්‍යය නොවේ.
ආයතනයේ තොරතුරුමිනුම් ඒකක, ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව
මාහේන වත්ත,
පිටිපන,
හෝමාගම.
ආර්.ජී.එස්.ඒ. පෙරේරා මහතා දුරකථන:+94-11-2182250 ෆැක්ස් අංක:+94-11-2182259 විද්‍යුත් තැපෑල:dir@measurementsdept.gov.lk වෙබ් අඩවිය: www.measurementsdept.gov.lk
|