The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Trade, Business & Industry Loans, Funds & Incentive Schemes ‍‍‍විවිධ වර්ගයේ ඇපකර ලබාදීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     (COIN)      (A-BB)      (A-PA)      (A-MRC)      (CI)      (LA)      ((A)      (B)      (C)      (D)}      (IN-PAMRC)      (Ext)      (DOF)      (MPR)      (MP)      (GL)
ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන ආයතනය පිළියෙල කරනු ලැබූ ජාතික ලියාපදිංචියේ වලංගු ලියාපදිංචියක් ඇති ඉදිකිරීම් කොන්ත්‍රාත්වරයන් හට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදීම.

PDF Print Email

දශක කිහිපයක් තුළ විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණයේ කොන්ත්‍රාත්රු හට ඉදිකිරීම් කොන්ත්‍රාත් සදහා තමන්ට අවශ්‍ය ඇපකර ලබා ගැනීම ඉතා අසීරු කරුනක් විය. වානිජ බැංකු මගින් ඇපකර ලබාගැනීමේදී 100% ප්‍රතිශතයක සුරැකුම් තැබීමද හෝ / හා ඉඩකඩම් උකස් තැබීමෙන් 200% ප්‍රතිශතයක සුරැකුම් තැබීමට සිදුවීම මෙම අසීරු කරුනට හේතුවිය.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විද්වතුන් මගින් මේ අසීරුතාවයට විසදුමක් ලෙස රජය වෙත කරුණු ඉදිරිපත් කරන ලදුව 1998 වසරේ රජය පාර්ලිමේන්තුවේ අයවැය කියවීම තුළින් රු.මි.100ක් වෙන්කර ඉදිකිරීම් ආරක්ෂණ අරමුදල නමින් අරමුදලක් පිහිටවීමටත් එහි පූර්ණ භාරකාරත්වය මහා භාණ්ඩාගාර ලේකම්තුමාට පැවරීමටත් ඉන් අනතුරුව එම වගකීම රජය සහ ‍පෞද්ගලික අංශයෙන් සමන්විත භාරකාර මණ්ඩලයට කළමනාකරණය සහ මෙහෙයවීම සම්බන්ධයෙන් පූර්ණ බලතල පවරන ලදී.

මෙම ක්‍රියාදාමය යටතේ පූර්ණ බලතල ඇති ස්වාධීන රාජ්‍ය ආයතනයක් ලෙස "ඉදිකිරීම් ආරක්ෂණ අරමුදල" 1999 වසරේ පිහිටුවන ලදී. එහි සභාපතිත්වය ඉදිකිරීම් ක්ෂේත්‍රය සම්බන්ධ අමාත්‍යාංශයේ ලේකම් වෙත නිල වශයෙන් පැවරිනි.

මෙම අරමුදලේ ප්‍රධාන කර්තව්‍ය ලෙස ඉදිකිරීම් කොන්ත්‍රාත් වලදී අවශ්‍ය කෙරෙන විවිධ වර්ගයේ ඇපකර ඉදිකිරීම් කොන්ත්‍රාත්වරුනට ලබාදීම කරනු ලබයි.

ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන ආයතනයේ වලංගු ලියාපදිංචිය ඇති ඉදිකිරීම් කොන්ත්‍රාත්වරුන්ට මෙම සේවාව ලබාගත හැක. ඒ සදහා කොන්ත්‍රාත් ආයතනයේ "ආයතනයේ තොරතුරු" ඉදිරිපත් කර ලියාපදිංචි විය යුතුය.    

ලියාපදිංචිය සදහා සහ අනෙකුත් ආකෘති :-

1.    (COIN)     -    ඉදිකිරීම් ආරක්ෂණ අරමුදලෙහි ලියාපදිංචිය.
2.    (A-BB)     -    ලංසු ඇපකර සදහා ඉල්ලුම් පත්‍රය. (ටෙන්ඩර් ඉදිරිපත් කිරීමේදී භාවිතා කිරීම    සදහා)
3.    (A-PA)     -    කාර්ය සාධන සහ අත්තිකාරම් ඇපකර සදහා ඉල්ලුම් පත්‍රය.
4.    (A-MRC)  -    නඩත්තු/රැදවුම්/සංයුක්ත ඇපකර සදහා ඉල්ලුම් පත්‍රය.
5.    (C1)       -    වාර්ෂිකව හෝ වෙනස්වන සෑම අවස්ථාවකදීම ඇතිවන ආයතනික තොරතුරු ලබාදීම සදහා.
6.    (LA)        -    මූල්‍ය විනය පවත්වා ගෙනයාම සදහා පොරොන්දු පත්‍රය.
7.    (A), (B), (C), (D)    -    ව්‍යාපෘති ගිණුම ආරම්භ කිරීම සදහා මෙම ආකෘති (A-PA) සහ (A-MRC) ඉල්ලුම්පත් සමග අමුණා ඇත.
8.    (IN-PAMRC)    -    හානිපූර්ණ සහතිකය (BB), (A-PA) සහ (A-MRC) ඉල්ලුම්පත් සමග අමුණා ඇත.
9.    (Ext)        -    ඇපකර දීර්ඝ කිරීමේ ඉල්ලුම් පත්‍රය.
10.  (DOF)        -    ව්‍යාපෘති ගිණුමෙන් මුදල් නිශ්කාශනය කිරීම සදහා ඉල්ලුම් පත්‍රය.
11.  (MPR)    -    කොන්ත්‍රාත්වරයා විසින් මාසිකව අනිවාර්යෙන්ම ලබාදිය යුතු මාසික ප්‍රගති ‍වාර්තා.
12.  (MP)        -    ව්‍යාපෘති අධීක්ෂණය කිරීමේ පිළිවෙත පිළිබද කොන්ත්‍රාත්වරයාට හැගීමක් ලබා ගැනීම සදහා තොරතුරු.
13.  (GL)        -    ඉදිකිරීම් ආරක්ෂණ අරමුදලේ කළමනාකරන උපදෙස් මාලාව සියලු කොන්ත්‍රාත්වරුන්හට දැන ගැනීම සදහා.  


පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:54:23
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 181
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty